BREAKING NEWS

සෞභාග්‍යවත් – අදීන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් කැප වෙමු!

2019 වසර ඇරඹෙන්නේ ද රට සමාජ – ආර්ථික – දේශපාලන – සංස්කෘතික වශයෙන් පරිහානියට ඇදගෙන යන ගමනක් සිදුවෙමින් පවතිද්දී ය. විදේශීය බලවතුන්ගේ උවමනාවන් අනුව සැකසුණු ඒ ගමනේ න්‍යාය පත්‍රය වෙනුවට මේ පොළොවේ ජීවත් වන සාමාන්‍ය ජනතාවගේ උවමනාවන් හා බැඳුණු න්‍යාය පත්‍රයක් ඇරඹීමෙන් පමණක් මේ රට පත්ව ඇති වියවුලෙන් ගොඩගත හැකි බව අපගේ විශ්වාසය ය. එම අභියෝගය ජයග්‍රාහීව කෙළවර කරන වසර බවට 2019 වසර පත්කර ගැනීමට මේ පොළොවට ආදරය කරන සියලු ජනතාව අදිටන් කර ගත යුතුව ඇත.

තරුණ පරපුර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්කරන, පාතාලය දිනෙන් දින, තැනින් තැන මිනීමරන අඳුරු වත්මන වෙනුවට අපගේ ඉපැරණි සාරධර්මයන්, හර පද්ධතීන් හා බැඳුණු දීප්තිමත් අනාගතයකට මේ රට ගෙනයාමේ වගකීම ද මේ මොහොතේ සියලු සද්ජනයන් වෙත පැවරී තිබේ.

එසේම මේ වසර පුරා මතුවිය හැකි මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ජාතිකත්වයන් සහ ආගම් ඔස්සේ බෙදා වෙන් කරමින් ඔවුන් අතර ගැටුම් සෑදීමේ දේශපාලන කුමන්ත්‍රණවලට ගොදුරු නොවී සිටීමට ද මෙරට සබුද්ධික ජනකොටස් කටයුතු කළ යුතු ය.

මේ සියලු කරුණු නැණැසින් විමසා බලා සෞභාග්‍යවත් – අදීන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් කැපවීමට පෙරට එන ලෙස ශ්‍රී ලාංකික ඔබ සැමට ඇරයුම් කරන්නෙමු.

සුබ නව වසරක්!

විමල් වීරවංශ (පා. ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2019.01.01

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    සිල් අරන්ද සද්දක් නැත්තෙ? අන්න බුදු පිළිමයක් උතුරේ තියන්න දෙන්නේ නැති රටේ ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න යනවලු. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතෙලු.

  2. Champa Reply

    දැක්කද ඔයාගේ යාලුවා බුද්ධදාස අඬනව? සිරිසේනට කඩේ ගිහින් එයාට වැරදුනාලු, හැබයි ඔයාට හරි ගියාලු. මොකොද කියන්නේ, පැහැදිලි ඉරිසියාව නේද?

  3. Champa Reply

    වඩමාරච්චියේ ගෙවල් 56ක් මුස්ලිම් පල්ලියකුත් එක්ක. තෑග්ගක්ලු. නමුත් ඉඩම් ආණ්ඩුවේ නම් එක ජන කොට්ඨාශයකට විතරක් එහෙම තෑගී බාර ගත්ත එක වැරදියි. විජය හොරා ආපු දවසේ ඉඳන් උතුරු නැගෙනහිරෙන් එලවපු සිංහලයන්ගේ මුල්ම මිනිස්සු (මං කියන්නේ වැද්දෝ ගැන නෙමෙයි) වෙනුවෙනුත් ගම් හදන්න එපෑය පන්සලුත් එක්ක. ඒ කාලේ හිටපු සිංහලයන්ගේ ගානට මිනිස්සු නැවත පදිංචි කරන්න ඕනේ. උතුරු නැගෙනහිර ඉඩම් අයිති දෙමල සහ මුස්ලිම් මිනිස්සුන්ට විතරක්ද? සිංහලයන්ටත් උතුරේ ගෙවල් දෙන්න එපෑය. ඉස්සර මායිම් ගම්මාන වල හිටපු මිනිස්සු ඔක්කොම සී සී කඩ විසිරිලා ගියා. ඒ මිනිස්සුන්ව හරි ඒ ගොල්ලන්න්ගේ පරම්පරාවල මිනිස්සු හරි නැවත පදිංචි කරන්න ඕනේ. උතුරු නැගෙනහිර පන්සලක් බුදු පිළිමයක් තියා ගන්න බැහැ. හැබැයි කෝවිලුයි පල්ලියි ඕනේ තරම් හදනවා. අන්තිම අසාධාරණයි. ඉස්සර නම් විමල් මේවට කතා කළා. දැන් කටට මුකවාඩම් බැඳගෙන. ඔහොම වහල්ලු වගේ දේසපාලනේ කරලා මොකොටද?

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.