BREAKING NEWS

හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර විපතට පත් වූවන්ට කඩිනමින් සහන සැලසිය යුතුයි

හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර විපතට පත් වූවන්ට කඩිනමින් සහන සැලසිය යුතුයි

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්ක රැසක ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවත් කැලණි, කළු, වලවේ, නිල්වලා හා ගිං යන ගංගා පිටාර මට්ටමට පැමිණි ඇති බවත් මාධ්‍ය මගින් වාර්තා වී තිබේ.

ගංවතුර සහ නායයාම් හේතුවෙන් මේ වනවිට ජීවිත සහ දේපළ හානි රැසක් ද සිදුව ඇත. මේ තත්වය ක්‍රම ක්‍රමයෙන් උග්‍ර අතට හැරෙන බව ද පෙනී යයි. එනිසා සිදු වන ජීවිත හානි සහ දේපළ හානි අවම කර ගනිමින් විපතට පත් වූවන්ට කඩිනමින් සහන සැලසීමට හදිසි ආපදා තතත්වයක් ප්‍රකාශයට පත්කර අවශ්‍ය පියවර ගන්න ලෙස අදාළ බලධාරීන්ට දන්වනු කැමැත්තෙමු.

පසුගිය වසරේ ඇති වූ බරපතළ ස්වාභාවික ආපදා තත්වයේ දී හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර විපතට පත් වූවන් වෙනුවෙන් සහන සැලසීමේ ජාතික මෙහෙයුමක් ඇරඹීමට ප්‍රමාද වීමෙන් ඇති වූ අමිහිරි අත්දැකීම් ද ආණ්ඩුව සැලකිල්ලට ගත යුතුව තිබේ. එමෙන්ම විපතට පත් වූ සහෝදර ජනතාව වෙනුවෙන් හැකි පමණින් සවියක් වීමට මුළුමහත් ජාතියම මේ මොහොතේ අදිටන් කර ගත යුතුය.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2017/05/26

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*