BREAKING NEWS

‘හවුල කරන අවුල’

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය සතියේදී එහි බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී පක්‍ෂ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී, විමල් වීරවංශ සහ ප‍්‍රධාන ලේකම් පි‍්‍රයන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී මූලික වශයෙන් සාකච්ඡාවට භාජනය වූයේ යහපාලනයෙන් රට බෙදෙන හැටිය.

‘‘විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පසුගියදා ලන්ඩනයේදී ගෝලීය දෙමළ සංසදයේ ප‍්‍රධානී එමානුවෙල් පියතුමා ඇතුළු පිරිසක් සමග සාකච්ඡා කොට තිබෙනවා. ඒ සාකච්ඡාවෙන් අනතුරුව විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශිකාව පවසා තිබෙනවා, ‘කොළඹදී නොවැම්බරයේදී ඩයස්පෝරා උත්සවයක් පවත්වනවා’ කියලා. මේ උත්සවය කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමට පවත්වපු ඊනියා මහ විරු සතියේදී තමයි පවත්වන්නේ. මේ අය සැරසෙන්නේ ආයිත් බලයට ඇවිල්ලා ඊනියා මහවිරු සතියේදී ජාතිවාදී බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය පුම්බන ‘පොංගු තමිල්’ උත්සවයක් පවත්වන්නයි. මේක රාජ්‍ය බලය යොදාගෙන කොටි ඩයස්පෝරාවේ උවමනාවන් ඉටු කර දීමක් නොවෙයිද? 2014 මාර්තු 18 වැනිදා නිකුත් කළ ගැසට් පත‍්‍රයක් මගින් ශ‍්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීමට උත්සාහ කරන පුද්ගලයන් 424කට සහ සංවිධාන 16කට රටට ඇතුළුවීම තහනම් කොට තිබුණා. ‘දැන් මේ සංවිධාන හා පුද්ගලයන් අතුරින් කී දෙනෙක් මේ ඩයස්පෝරා උත්සවයට සහභාගී වෙනවාද? කියා අපි මංගල සමරවීර මහත්තයාගෙන් විමසා සිටිය යුතුයි. ‘‘ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, මොහොමඞ් මුසම්මිල් මහතා එහිදී පවසා සිටියේය.

‘‘ලන්ඩන් සාකච්ඡාවලින් පසුව, මංගල සමරවීර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණා ‘නොබෙදුණු එක්සත් රටක් තුළ එක්ව කටයුතු කිරීමට ඩයස්පෝරාව සූදානම්’ කියලා. මේ ආණ්ඩුව බලයට ආවේ, ‘රටේ ඒකීයභාවයට අත තියන්නේ නැහැ’ කියලා. නමුත් දැන් එක්සත් රටක් හදන්න ඩයස්පෝරාව සමග සාකච්ඡා කරමින් සිටිනවා. එක්සත් රටක් බිහි කරනවා කියන්නේ ෆෙඩරල් රාජ්‍යයක් බිහිකිරීමයි. ඒක තමයි බෙදුම්වාදයේ මූලික පියවර. ‘එක්සත් රටක්’ කියන්නේ බෙදුම්වාදයේ නවාතැන් පොළක්. ඒක කෙළවර වෙන්නේ බෙදුණු රටකින්. අද මංගල සමරවීරලා ඉටු කරමින් සිටින්නේ බෙදුම්වාදී උපායමාර්ගික සැලැස්මේ කොටසක්’’ පක්‍ෂ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

‘‘හෙළ උරුමයේ නායකයන් දැන් බොරුවට නිවේදන නිකුත් කළාට වැඩක් නැහැ. බෙදුම්වාදයට පාර කපන පාලනයක් ගෙන එන්න මුල් වුණේ ඔවුන්. තමන්ගෙන් ගිලිහී යන ඡන්ද පදනම රැකගන්න අද මේ අය අසාර්ථක උත්සාහයක නිරතවී සිටින බවයි  පෙනෙන්නේ’’ නියෝජ්‍ය සභාපති, හිටපු සංස්කෘතික අමාත්‍ය පියසිරි විජේනායක මහතා එසේ පැවසීය.

ඒකාබද්ධ විපක්‍ෂය විදියට සංවිධානය කරන ‘හවුල කරන අවුල’ දීපව්‍යාප්ත සම්මන්ත‍්‍රණ මාලාවට අපේ දිස්ත‍්‍රික් නායකයන්ද සම සංවිධායකයන් ලෙස සම්බන්ධ වෙනවා. මෙහි ප‍්‍රධාන දේශනය විමල් වීරවංශ සහෝදරයා විසින් සිදු කිරීමට නියමිතයි. දැනටමත් දිස්ත‍්‍රික්ක 07ක සම්මන්ත‍්‍රණ සූදානම් කර තිබෙනවා.’’
ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ මහතා දේශපාලන මණ්ඩලයට දැනුම්දීම් යටතේ පවසා සිටියේය.

‘‘මේ සම්මන්ත‍්‍රණ මාලාවේ පළමුවැන්න අපි කළුතර දිස්ත‍්‍රික්කයේ පානදුර නගර ශාලාවේදී ඉරිදා(21) සවස 3:00ට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. විමල් වීරවංශ සහෝදරයා ප‍්‍රධාන දේශනය පවත්වනවා. ඊට අමතරව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ද ඊට සහභාගී වෙනවා. කුමාර වෙල්ගම මහතා ඇතුළු කළුතර දිස්ත‍්‍රික් ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් ඊට සහභාගීවීමට නියමිතයි.’’ ජානිපෙ කළුතර දිස්ත‍්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ජයන්ත සමරවීර මහතා පවසා සිටියේය.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Lasantha Wellala Reply

    you are our hope,pls take care,we sxpect a lot from you sa a patriot

    wishing you all the best

Leave a Reply

*