BREAKING NEWS

ජානිපෙ නායක විමල් වීරවංශ සහ රුසියන් තානාපතිවරයා අතර විශේෂ හමුවක්!

උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා අතර විශේෂ හමුවක් අද(02) කොළඹ පිහිටි මෙරට රුසියන් තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.

එහිදී විරවංශ මහතා සහ රුසියන් තානාපතිවරයා දෙරටෙහි වත්මන් දේශපාලන තත්ත්වයන් පිළිබඳවත් නව ලෝක දේශපාලන ප්‍රවණතා පිළිබඳවත් පැය දෙකකට අධික කාලයක් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගත්හ.

මෙම විශේෂ හමුව අවසානයේ දී විමල් වීරවංශ මහතා විසින් ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය පිළිබඳව රචිත “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතියෙහි රුසියන් පරිවර්තනයෙහි පිටපත් රුසියන් පාඨකයන් සඳහා ලබා දීම පිණිස තානාපතිවරයාට සංකේතාත්මකව පිළිගැන්වීම ද සිදු විය.

මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ,
2023-11-02

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*