BREAKING NEWS

සෞභාග්‍යවත් – අදීන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් කැප වෙමු!

සෞභාග්‍යවත් – අදීන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් කැප වෙමු!

2019 වසර ඇරඹෙන්නේ ද රට සමාජ – ආර්ථික – දේශපාලන – සංස්කෘතික වශයෙන් පරිහානියට ඇදගෙන යන ගමනක් සිදුවෙමින් පවතිද්දී ය. විදේශීය බලවතුන්ගේ උවමනාවන් අනුව සැකසුණු ඒ ගමනේ න්‍යාය පත්‍රය වෙනුවට මේ පොළොවේ ජීවත් වන සාමාන්‍ය ජනතාවගේ උවමනාවන් හා බැඳුණු න්‍යාය පත්‍රයක් ඇරඹීමෙන් පමණක් මේ රට පත්ව ඇති වියවුලෙන් ගොඩගත හැකි බව අපගේ විශ්වාසය ය. එම අභියෝගය ජයග්‍රාහීව කෙළවර කරන වසර බවට 2019 වසර පත්කර ගැනීමට මේ පොළොවට ආදරය කරන සියලු ජනතාව අදිටන් කර ගත යුතුව ඇත.

තරුණ පරපුර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්කරන, පාතාලය දිනෙන් දින, තැනින් තැන මිනීමරන අඳුරු වත්මන වෙනුවට අපගේ ඉපැරණි සාරධර්මයන්, හර පද්ධතීන් හා බැඳුණු දීප්තිමත් අනාගතයකට මේ රට ගෙනයාමේ වගකීම ද මේ මොහොතේ සියලු සද්ජනයන් වෙත පැවරී තිබේ.

එසේම මේ වසර පුරා මතුවිය හැකි මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ජාතිකත්වයන් සහ ආගම් ඔස්සේ බෙදා වෙන් කරමින් ඔවුන් අතර ගැටුම් සෑදීමේ දේශපාලන කුමන්ත්‍රණවලට ගොදුරු නොවී සිටීමට ද මෙරට සබුද්ධික ජනකොටස් කටයුතු කළ යුතු ය.

මේ සියලු කරුණු නැණැසින් විමසා බලා සෞභාග්‍යවත් – අදීන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් කැපවීමට පෙරට එන ලෙස ශ්‍රී ලාංකික ඔබ සැමට ඇරයුම් කරන්නෙමු.

සුබ නව වසරක්!

විමල් වීරවංශ (පා. ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2019.01.01

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*