BREAKING NEWS

“05 වැනිදාට ඉර පායන්නේ අගමැති වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කරමින්”

“05 වැනිදාට ඉර පායන්නේ අගමැති වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කරමින්”

– විමල්ගෙන් ජනතාවට සහතිකයක්

අප්‍රේල් 05 වැනිදාට ඉර පෑයීම සිදු වන්නේ අගමැති වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කරමින් බවට සහතිකයක් රට හමුවේ තබන බව ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (02) එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවක දී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

“මේ රටේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයා පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන ඡන්දයේ දී මේ ආණ්ඩුව පිළිබඳ තම විශ්වාසය භංග වී ඇති බව මනාව ඔප්පු කර පෙන්වූවා. ඒ අනුව යමින් තමයි, ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනකුගේ ද අත්සන් සහිතව අගමැති රනිල් වික්‍රමසිංහ හා මේ අෘණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දුන්නේ.

‘අගමැති ඉත්තා අදින්න එපාලු!’

ශ්‍රී ලාංකේය දේශපාලන දාම්පෙතට නිසලව තිබෙන්න ඉඩ දී බලා සිටීමෙන් ඵලක් වෙන්නේ නැහැ. ඉත්තන් මාරු කරමින් සිදු විය හැකි දේ නිරීක්‍ෂණය කරමින් ඉදිරියට යා යුතුයි. නමුත් සමහරු කියනවා ‘අගමැති ඉත්තා අදින්න එපාෟ එයාට එහෙමම ඉන්න දෙමු!’ කියා. නමුත් එහෙම කරලා හරි යන්නේ නැහැ. අගමැති ඉත්තා මාරු කළොත් තමයි අනෙක් ඉත්තන් එහාට මෙහාට මාරු කළ හැකි වන්නේ. ඒ නිසා ‘විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමෙන් ඒකාබද්ධ විපක්‍ෂය මේ රටේ ජනතාවගේ අභිලාෂය ඉටු කරමින් ඉතාමත් ඓතිහාසික කාර්යභාරයක් ඉටු කළා’ කියන නිහතමානී සතුට අප තුළ තිබෙනවා. පෙබරවාරි 10 වැනිදා ලැබුණු ප්‍රතිඵලයත් සමඟ තවදුරටත් එක්සත් ජාතික පක්‍ෂයට මේ රටේ පාලන බලය හෙබවීමට සදාචාරාත්මක අයිතියක් නැහැ. එම ප්‍රතිඵලය විසින් ආණ්ඩුවේ ඇඟ හිරිවට්ටනු ලැබුවා. ඒ නිසා තමයි, අපි මේ භාර දුන් විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීම පිණිස කැප වී ඉන්නේ.

‘මේ විදියට රටකට පවතින්න බැහැ’

අපි සහතික කොට කියනවා ‘04 වැනිදාට ඉර බැස යන්නේ, 05 වැනිදාට ඉර පායන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරමින්’ බව. අද විශ්ව විද්‍යාල සියල්ල වසා දමලා. ශිෂ්‍යයන් ගෙවල්වල. ඊ.ඒ.පී වැනි මූල්‍ය ආයතන කඩා වැටිලා. ඒවායේ මුදල් තැන්පත් කළ මිනිස්සු කරකියා ගැනීමට දෙයක් නැතිව අඬා වැලපෙනවා. මේ සියල්ල වෙන්නට ඉඩ හැර ආණ්ඩුව බලා ඉන්නවා. අසරණ වූ මිනිස්සු බෙල්ලේ වැල දමා ගන්න යනවා. උතුරේ සහ දකුණේ භේදයකින් තොරව නීතියේ ආධිපත්‍යය බිඳ වැටිලා. පාතාල කල්ලි දවසට ජීවිතයක් දෙකක් බිල්ලට ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඒවාට එරෙහිව කිසිදු පියවරක් ගන්නේ නැහැ. අද කොටින්ම මේ රටේ පාලනයක් නැහැ. පාලනයක් නොමැතිව රටකට පවතින්න බැහැ. මොකටද මෙහෙම ආණ්ඩුවක්? දවසින් දවස පෙනෙන්නේ මේ ආණ්ඩුවේ අසමත්කම, බෙලහීනකම, අමනකම හා තකතීරුකම මිස අන් යමක් නොවෙයි.

අද මේ වැඩබැරි ආණ්ඩුවේ වැඩ බවට පත් වී ඇත්තේ වෙසක්, පොසොන් පෝය දිනවල තොරන් ප්‍රදර්ශනය නතර කිරීම වැනි දේවල්. මේ වගේ අජූත ආණ්ඩුවක් තියාගෙන රටකට ඉදිරියට යන්න බැහැ. ඒ නිසයි අපි මේ ආණ්ඩුවේ ගමන නතර කිරීමට විශ්වාසභංගයක් ගෙන එන්නේ. අද අගමැතිවරයා ඇතුළු ඔහුගේ ගජමිතුරු රෝයල් කොලීජියේ කල්ලිය මේ රට ඔවුන්ගේ පාපන්දුවක් බවට පත්කර ගෙන තිබෙනවා. ඔවුන් හිතෙන, හිතෙන පැත්තට පයින් ගහගෙන යන මේ ගමන අපි නතර කරන්න ඕනෙ.

‘අගමැතිතුමා වෙනුවෙන් හීනියට කඬේ යන විදිහ’

සමහරු කියනවා ‘මේ විශ්වාසභංග යෝජනාව දින්නත් එකයි – පැරදුනත් එකයි’ කියලා. එහෙම කියන අය නොකියා කියන්නේ, ‘මේ අගමැතිතුමා හිටියත් එකයි – නැතත් එකයි’ කියලයි. ඒ අනුව ‘එට්කා ගිවිසුම ගැහුවත් එකයි- නොගැහුවත් එකයි’ කියා පිළිගන්න වෙනවා. ඒ අනුව ‘බෙදුම්වාදී ව්‍යවස්ථාව ගෙනවිත් සම්මත් කළත් එකයි – නොකළත් එකයි’කියා පිළිගන්න වෙනවා. ‘රට කෑවත් එකයි – නොකෑවත් එකයි’ කියා පිළිගන්න වෙනවා. මේ තමයි අද ‘හීනියට අගමැතිතුමා වෙනුවෙන් කඬේ යන’ විදිහ. දේශපාලන දාම්පෙතේ ඉත්තෝ ඇදලාම බලන්න ඕනේ අනෙක් ඉත්තෝ කැපෙන්නේ කොහොමද? කියලා. ඒ නිසා අපි අප්‍රේල් 04 වැනිදා පළමුවැනි ඉත්තාව කපනවා. එතකොට පෙනේවි ‘අනෙක් ඉත්තන්ගේ කල දසාව කොහොමද?’ කියලා.

‘පෙරමඟ නිමිති සුබයි!’

අපි පාර්ලිමේන්තුව තුළ අප්‍රේල් 04 වැනිදා ආරම්භ කරන්නේ මේ රටට ආදරය කරන මිනිසුන්ගේ, පෙබරවාරි 10 වැනිදා වෙනසකට කතිරය දුන්නු මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම. ඒක ආරම්භයක් විතරයි. අගමැති ඉත්තාව කැපූ පසු තවත් අපූරු ජවනිකා රැසක් ජනතාවට දැක ගැනීමට ලැබේවි. ලක්‍ෂ 800ට ලක්‍ෂ 10,000ට විකිණෙන මන්ත්‍රී මුහුණු ටික හඳුනා ගැනීමට ලැබෙන අතරේ අප්‍රේල් 04 වැනිදා මේ විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය, ආණ්ඩුව තුළ සිටින ශ්‍රී ලනිප මන්ත්‍රී කණ්ඩායම, එජාපය අභ්‍යන්තරයේ සිටින විශාල මන්ත්‍රීවරු කණ්ඩායමක් සූදානම්ව සිටින බවත් වාර්තා වෙනවා. එක් එජාප මන්ත්‍රීවරයකු අද (02) මාධ්‍ය හමුවක් පවත්වා ‘විශ්වාසභංගයට සහාය දීමට සූදානම්’ යැයි ප්‍රකාශ කරන බවත් වාර්තා වෙනවා. පෙරමඟ ලකුණු සුබයි. අපි කියනවා ‘රනිල් වික්‍රමසිංහ මහත්තයෝ කරපු පව්වලට විපාක විඳින්න සූදානම් වෙන්න. ඔබතුමාට ආයෙත් කිසි කලක මේ රටේ පාලන සුක්කානම කරකැවීමට වරම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අගමැති පුටුවෙන් බැහැලා යන්න’ කියා. මේ රටේ සිදු වූ මහා බැංකු හොරකමේ දඬුවම් දීමේ ක්‍රියාවලියේ පළමු පියවර තමයි අප්‍රේල් 04 වැනිදා ආරම්භ වන්නේ. මේ වන විට පාර්ලිමේන්තුව තුළ නිරූපණය වෙන්නේ මේ රටේ පොදුජන අරගලයයි, ආණ්ඩුවට විරුද්ධ අරගලයයි. ඒ නිසා ඒ මහා අරගලයට සූදානම් වෙන්න කියා අපි මුළුමහත් ලක්වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018/04/02

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    බලන්න මම අළුත් දෙයක් ඉගෙන ගත්ත. Three Line Whip කියල එකක්. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එහෙම කියපු දෙයක් නොකර හිටියොත් අස් කරන්න පුළුවන් මන්ත්‍රීකමෙන්.
    Three Line Voting System:
    One Line — කැමති විදියකට, නිදහස් චන්දයක්.
    Two Lines — ආණ්ඩුව ගත්ත තීරණය කියල දීල ඒකට චන්දෙ දෙන්න කියනවා. නමුත් ඕනේ නම් නොදී ඉන්නත් පුළුවන්. නෑවිත් ඉන්නත් පුළුවන්.
    Three Lines — කියන්නේ කෙලින්ම නියෝගයක් නිකුත් කරනවා ආණ්ඩුවට පක්ෂව චන්දෙ දෙන්න. නොදුන්නොත් නියෝගය පිළිපැද්ද නැති නිසා මන්ත්‍රීකමෙන් කෙලින්ම අස් කරන්න පුළුවන්. Inquiry එකක් නැතුවම.
    Interesting, isn’t it?

  2. Champa Reply

    පෙබරවාරි 10 ඔය කියන තරම් විශ්වාසයක් ඔයගොල්ලො ගැන මිනිස්සු තිබ්බ බවක් පේන්නේ නැත්තේ මොකොද විමල්? මම දන්නේ නැහැ මම දැක්ක හැම තැනම වගේ හොටු පොහොට්ටුව UNP හරි SLFP හරි එක්ක එකතු වෙලානේ සභාපති උප සභාපති පත් කරගෙන තියෙන්නේ.

  3. Champa Reply

    මේ දවස්වල තියෙන cartoon වලට හරියට හිනා යනව නේද? ඕගොල්ලෝ වදක මල්මාලයක් දාල රනිල්ව අරන් යන cartoon එකකට මට හරියට හිනා ගිය. පොව් අනේ විමල් රනිල්.
    තව එකක් අර යාළුවො දෙන්නයි වලහගෙයි කතාව. මුලින් තිබුන වලහ එනකොට රනිල් බිම ඉන්නවා තරු පෙනිලා. මෛත්‍රී ගහට නැගලා ඉන්නවා.
    දැන් තියෙනවා රනිල් බිම දිගා වෙලා මැරිලා වගේ ඉන්නවා. වලහ ඉව කරනවා. මෛත්‍රී ගහ උඩ. වලහ රනිල්ට කියයි මීට පස්සේ ඔයි වගේ යාළුවො එක්ක දේශපාලනය කරන්න එපා කියලා නේද?
    මම හරි ආසයි cartoon වලට. අර අවන්තගේ ඒවත් හොඳයි. ඔයා ගැන තියෙන cartoons ඔයා එකතු කරනවද?

  4. Champa Reply

    බුදුහාමුදුරුවන්ගේ බණ සර්වකාලීනයි කියන එක කොච්චර ඇත්තද. බලන්න කෙනෙක් ආශ්‍රය කළයුතු සහ නොකළයුතු මිනිසුන් ගැන කියපු දේ හරියටම හරි. සමහර දේවල් දේශපාලකයන්ට සාමාන්‍ය දේවල් වුනාට නිකම් මිනිස්සුන්ට කම්පාවක් වුනත් ඇති වෙන්න පුළුවන්. ඔයා නම් හැමදාම එක විදියයි නේද විමල්. කවදාවත් කාටවත් යටින් කටු ගහන පුරුද්දක් නැහැ. කියන දෙයක් කෙලින් කිව්වා කරන දෙයක් කෙලින් කරා. දේශපාලනයේ හරි නම් ඉන්න ඕනේ ඔයා වගේ අය. හැබැයි නැත්තෙත් ඒ වගේ අයමයි. රටකට හරි යන්න නම් පාලකයා හිත හොඳ නිවුණු ගති ගුණ තියෙන යහපත් චේතනා තියෙන කෙනෙක් වෙන්න ඕනේ.

  5. Champa Reply

    Somebody said SLFP parliamentary group meeting looked like a funeral house. Why, they should be happy to chase Ranil but they are not happy. Who thought what Maithree did to Mahinda he will do to Ranil too? We all want Ranil to go, but he deserves a graceful exist, doesn’t he? He is now chased by the man he helped. People I know say they are not surprised. Am I the only man surprised?

  6. Champa Reply

    චික් මේ “හොරා පොලිස්” “හැංගිමුත්තම්” “ඇස් බැඳලා අල්ලන සෙල්ලම” වගේ ලංකාවේ දේශපාලනය නම් අන්තිමයි. බලන්න මම සම්පන්තන්/TNA එක කොච්චර විවේචනය කරලා තියෙනවද? හැබැයි දැක්කද සම්පන්තන්ගේ කෙලින් උත්තරේ. එනම් මනම් නැහැ, මඩ ගැහිලි නැහැ, අපහාස නැහැ, කෙඳිරිලි නැහැ උත්තරේ කෙලින්.

  7. Champa Reply

    Baby, it will be cold outside
    Tomorrow is going to be dark
    Sun will not rise again
    Baby, don’t go out tonight

    I told your godfather
    To cancel tonight’s vote
    Baby, don’t be stubborn
    I want Sun n’ you, both

  8. Champa Reply

    බැසිල්ගෙයි ලනුව ඕගොල්ලෝ ආයේ කෑව නේද? පෙබරවාරි 10 ජයග්‍රහණයෙන් පස්සේ හරි නම් ඕගොල්ලෝ campaign එකක් ගේන්න තිබ්බේ මෛත්‍රීට SLFP එකෙ සභාපති කමෙන් අයින් වෙලා මහින්ද SLFP එක බාර දෙන්න කියලා. ඒ වෙනුවට ඕගොල්ලෝ රනිල්ට කිව්වා UNP නායකත්වයෙන් අයින් වෙලා UNP එක වෙනකාට හරි දෙන්න කියලා. බැසිල් ඔතන ඉන්නේ contract එකකට. මතකද ඔයාගෙම කතාවක්. Ward Place යන්න හිටපු මිනිස්සුන්ව වැල්ලවත්තට යැව්වා කියල. දැන් පරක්කු වැඩියි Ward Place යන්න. ඒ හින්ද 2019/2020 ට ලෑස්ති වෙන්න.

  9. Champa Reply

    අනේ මට මේ cartoon වලට හරියට හිනා යනවා. පංකජ කියනව අද පාර්ලිමේන්තුව වැඩිහිටියන්ට විතරලු. වෙන තැනක තිබ්බ මෛත්‍රී කුකුලෙක්ගේ බෙල්ල කපන්න යනව කතුරකින්. කුකුළා රනිල්.

  10. Champa Reply

    Love you a lot, Wimal!

  11. Champa Reply

    Your own side betrayed you Wimal. I knew this when they put you in the front line. Somebody wanted to defame you, Dinesh, Udaya and Vasu. You all swallowed the bait. I never believed President’s involvement. I thought it was hearsay. But, Wimal why didn’t you use your usual insight, this time?

  12. Champa Reply

    Maithree and Basil must be having their last laugh. Get ready for 2019/2020. You are not going to be with them.

  13. Champa Reply

    Oh, I pray you this comment in time.

    If Mahinda doesn’t vote, you also don’t vote. If anybody asked tell you followed Mahinda, as without his vote, the NCM has no validity. I am telling you Wimal don’t let them do this betrayal over and over again. You had a backbone when they were in power and you stood for your right decisions. Why not now. Don’t vote. Go away.

  14. Champa Reply

    Something you didn’t learn about Mahinda since 2005, I did learn in two years. If you want to get him to do something, you must tell the opposite. It has worked. Guess what.

    • Champa Reply

      Congratulations!!!!! Getting Mahinda’s vote against Ranil is one of your biggest achievements. Otherwise you have nothing to tell people, you would have lost face. Anyways, don’t forget they themselves worked underhand to defeat the NCM in support of Ranil. Watch out Wimal, there are snakes under the carpet.

  15. Champa Reply

    Baby, it’s cold outside
    Look, my hands are warm
    Shall we celebrate tonight
    Mind if I come little close

    😀 😀 😀

    • Champa Reply

      “Baby it’s cold outside” කියන්නේ හරිම පරණ සින්දුවක්. 1940 ගණන් වලද කොහෙද ඉස්සෙල්ලම කියලා තියෙන්නේ. පස්සේ Lady Gaga කිව්වා. ඔයාට වෙලා තියෙන වෙලාවක අහලා බලන්න විමල් හරිම ලස්සණයි. මම ඔයාට ලිව්වේ ඒකෙ වචන පොඩ්ඩක් වෙනස් කරලා, මගේ වචන දාලා.
      අයියෝ මේ ඔයාගේ පින්තූරේ හරියට බැලුවේ දැන්නේ. අනේ මගේ පාට ඇඳලා. තව එකක් තියෙනව මං ආස බඩ්ඩක්. කොහෙද විහිළුවක්වත් කරන්න බැහැනේ දැන්. අනේ බයගුල්ල කවදද මෙතනට road block එකක් දාන්නේ? මගේ චමත්කාරජනක සෞන්දර්ය අදහස් වලට කිසි තැනක් නැහැ.

  16. Champa Reply

    You know what, today is the day I posted a maximum number of comments with a short span of time!!!! See, two similar long comments in two places, I didn’t even remember what I said. Something, I only noticed now when I read them again. :[] – foot in the mouth. Never mind now.

  17. Champa Reply

    මම නිකම් කියන්නේ JVP එක නිකම් ඉන්න බැරුවට දුවන් ඇවිත් යන කෝච්චියට බෙල්ල තිබ්බ මං හිතන්නේ. ඒ වුනාට ආයේ රනිල් එක්ක යාළුවෙයි නේද? මොණර කොළ වලට ආස ඇතිනේ.

  18. Champa Reply

    ඕගොල්ලා පෙබරවාරි 10 කිරි කලෙට ගොම දාගත්ත. දැන් බලන්න පෙබරවාරි 10 ගැන කතා කරන්න බැහැනේ ආණ්ඩුව විශ්වාස භංගේ දින්න නිසා. මිනිස්සු පෙබරවාරි 10 චන්දෙ දුන්නේ ශ්‍රීලංකා එකටත් විරුද්ධව නේද? ඒ වුනාට ඕගොල්ලෝ ඒ ජනවරමට පිටුපාල ඔගොල්ලොම වේදිකාවේ පතුරු ගහපු සිරිසේන එක්ක එකතු වෙලා විශ්වාස භංගයක් ගෙනාව. දැන් කොහොමද සිරිසේනට චන්දෙ දෙන්න එපා කියලා ආයෙත් කියන්නේ? පේනවා නේද ජන වරමට පිටුපෑවහම වෙන දේ.

  19. Champa Reply

    හැබැයි ගෝඨාභයව පාර්ලිමේන්තුවට අරන් එන්න හදන කල්ලියකට ඔයත් අයිතිද කියලා මට දැන ගන්න ඕනේ. රාජපක්ෂලා අවුරුදු 10ක් රට පාලනය කළා. එක පවුලකට මේ රටේ බලය තනි බලය හැමදාම දෙන්න හදන එකට මම විරුද්ධයි. ඔයා ඒකේ ඉන්නවනම් මම ඔයත් එක්ක නැහැ. ඒක නවත්තන්න කරන්න තියන්නේ ඔයාව වට්ටන එකද? ඒකට උත්තරේ ඔයාම දෙන්න හොඳද.

  20. Champa Reply

    අනේ විමල් දැක්කද අර චූටි අලි පැටියව ලිඳක වැටිලා බේර ගත්ත? බදාගෙන ගෙදර ගෙනියන්න හිතෙනවා. හරිම ලොකුයි ඇස් දෙක. මං ආස නැහැ සත්තු වත්තේ ඉන්න අලින්ට. මං ආස කැලෑ අලින්ට. තව පින්නවල අලි නානවා බලන්නත් ආසයි.

Leave a Reply

*