BREAKING NEWS

“13 එසේම තිබිය දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රට අවුලෙන් අවුලට ඇද දමන්නකි.”

“13 එසේම තිබිය දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රට අවුලෙන් අවුලට ඇද දමන්නකි.”

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව හමුවට ගෙන ඒමේ කොන්ත්‍රාත්තුව දැන් ජවිපෙ විසින් භාරගෙන තිබේ. ඒ අතර ඒකාබද්ධ විපක්ෂය ඊට කොන්දේසි සහිතව සහයෝගය දෙන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු දැනටමත් ප්‍රකාශ කොට තිබේ.
‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම’ ඔවුන් පවසන ඉහත කී කොන්දේසිය ය. එවැනි තීරණයකට ඒකාබද්ධ විපක්ෂය මේ වන විට නිල වශයෙන් එළඹ නැති බවත් එවැනි තීරණයක් ගැනීමට සූදානම් වුවහොත් ජාතික නිදහස් පෙරමුණ ඊට දැඩි ලෙස විරුද්ධ වන බවත් මේ මොහොතේ ජාතිය හමුවේ අවධාරණය කිරීමට කැමැත්තෙමු.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ව්‍යවස්ථාව තුළ අන්තර්ගතව පවතිද්දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කිසිසේත්ම නිවැරදි නොවේ. එය රට තවදුරටත් අවුලෙන් අවුලට ඇද දමන්නකි. දහතුන්වැනි සංශෝධනය මගින් පූර්ණ සන්ධීය රාජ්‍යයක් බිහි නොවීමට බලපෑ එක් ප්‍රධාන සාධකයක් වූයේ ද වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත විධායක ජනාධිපති ක්‍රමය ය. වර්ධරාජා පෙරුමාල් සිය සීමාව ඉක්මවා ගිය විට උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැර එය ආණ්ඩුකාර පාලනයකට නතුකර ගැනීමට හැකි වූයේ ද විධායක ජනාධිපති ධුරය සතු බලතල නිසා ය.

ජවිපෙ මේ ඉටු කරන්නේ කොන්ත්‍රාත්තුවක් ය. මේ එන්නේ විධායකය අහෝසි කිරීමේ මුවාවෙන් ඒකීය රාජ්‍යය අහෝසි කිරීමට බව අප අවබෝධ කරගත යුතු ය. ඒ කාර්යය ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන්නේ කාරක සභා අවස්ථාවේදී ගෙන එන සුළු සංශෝධන මගින් බව මෑත ඉතිහාසයේ අප ලත් පාඩම් ඇසුරින් වටහා ගැනීමට අපට දැන් හැකිවිය යුතු ය. අවසානයේ සිදුවනු ඇත්තේ පළාත් සභාවලට අදාළව ජනාධිපතිවරයාට ඇති පාලනය අහෝසි කිරීම සහ තවත් ඒකීය රාජ්‍යයේ පැවැත්මට හානිකර සංශෝධන සම්මත වී විධායක ජනාධිපති ධුරය නාමිකව අහෝසි කිරීම සදහා අවශ්‍ය ජනමත විචාරණය පසුවට කල් යාම බව නොවැටහීම බරපතළ වරදක් බව කිව යුතු ය.

මේ ආකාරයට ඒකීය රාජ්‍යය අනතුරේ වැටුණු පසු අප ලබාගන්නා මැතිවරණ යනු අසනීපයට බෙහෙත් කිරීමට සුදුසු වෛද්‍යවරයකු සෙවීම පසෙක තබා ‘දැනට මේ බෙහෙත් බොමු. නමුත් පසුව හොද මල් ශාලාවක් සොයා ගමු.’ පන්නයේ විකල්පයකි. කිසිසේත් එකකට එකක් යා නොවන ඉල්ලීම් එකට අනා ඉදිරිපත් කිරීම වෙනුවට රටේ ඒකීයභාවයට එරෙහිව ඇති අනතුර හදුනාගන්නා ලෙසත් විදේශීය පෑන් පහරින් කෙටුම්පත් කරන යෝජනාවල බැටළු හම මෑත්කර ඒ යටින් ඇති වෘකයා හදුනාගැනීමට උනන්දු වන ලෙසත් මුළුමහත් ජාතියෙන්ම ඉල්ලා සිටින අතර මේ යටිකූට්ටු හවුලේ ෆෙඩරල් ක්‍රියාදාමයට එරෙහිව අවදියෙන් කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටිනු කැමැත්තෙමු.

විමල් වීරවංශ, (පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2018-04-20

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    ඔයාගේ godfatherට කොන්දක් නැහැ කෙලින් කතා කරන්න. එක වචනයක් නැහැ.

    අර ඔයා පහුගිය දවස් වල කිව්ව යහපාලන කොඩිවිනේ කපන කතාවට මම කැමතියි. මම හිනා වුනාට මොකොද, බලන්න ඕගොල්ලන්ගෙ විශ්වාස භංග යෝජනාව නිසා, පැරදුනත්, ඇත්තටම රටට හොඳක් වුනා. ඒ හින්දා දුම්මල ගහලවත් ඇමති තනතුරු වලින් එලව ගන්න බැරිව හිටපු ඇමතිවරු ටිකක් එකපාරට දුම්මල වරම අතට අරන් වගේ යකා නටල ආණ්ඩුවෙන් අයින් වුනා. ඇමතිකම් අතෑරිය. බලන්න දැන් ක්‍රීඩා අමාතංශයට වැහිලා තිබුණු කොඩිවිනේ නිකම්ම කැපිල ගියා දයාසිරි අස් වෙච්ච නිසා.
    මහේලට දැන් ජාතික කණ්ඩායමට එන්න ලැබෙයි. කොච්චර හොඳද. අනිත් අයගේ ඇමති තනතුරු මට මතක නැහැ. මම හිතන්නේ මෛත්‍රීට වෙසමුනියගේ වරම ලැබිල. බලන්නකො ප්‍රතිවාදීන් ලව්ව්ම ප්‍රතිවාදීන් කපල දැම්ම ලස්සන. හරියටම තෝරලා වගේ ශ්‍රීලනිප අනාථ පිලකුත් හැදුන. පොව් අනේ. අර පැත්තේ හිටය නම් අඩු ගානේ SLFP national list එකටවත් වට්ට ගන්න තිබ්බ. බලන්න දැන්. නන්නත්තාර වුනා. පොව් අනේ. ගෙවල් වලිනුත් බැනුම් අහල මදිවට ගුටිත් කෑවද දන්නේ නැහැ.

    • Champa Reply

      Excuse me…… Typo … මහේල නෙමෙයි ලසිත් මාලිංගට දැන් ජාතික කණ්ඩායමට එන්න ලැබෙයි.

  2. Champa Reply

    දන්නවද මහින්දට කොන්ද පණ නැහැ කෙලින් කියන්න විධායකය අහෝසි කරන එකට විරුද්ධයි කියලා. ඒ මොකොද එයා එකට පක්ෂයි. ඒ හින්ද කියනවා ව්‍යවස්ථාව අනවශ්‍ය කතාවක්ලු. කලබල වෙන්න ඕනේ නැහැලු. ඒකාබද්ධ විපක්ෂේ තීන්දු ගන්නේ සමුහිකවලු. රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව හදන ව්‍යවස්ථාදායක සභාවේ හිටියේ සාමුහික තීරණයකට නෙමෙයි. දෙමල චන්ද ගන්නයි විධායකය අහෝසි කරනවා කියල clause එකක් ඒකට ඇතුල් කරනවා කියල රනිල් දීපු පොරොන්දුවයි නිසා. රාජපක්ෂලා තරම් ආත්මාර්ථකාමී මිනිස්සු ලංකාවේ දේශපාලන ඉතිහාසයටම ඉඳලා නැහැ. ඔයා නොහිටින්න, තදබල විරෝධයක් නොපෙන්වන්න ෆෙඩරල් ව්‍යවස්ථාවේ අර කෙටුම්පත රනිල් පාස් කරගන්නවා JO එකේ උදව්වෙන්. ඔයාගේ බෝම්බ කතාවට තමයි ලංකාවම ඇවිලිලා ගියේ. ඒ හින්ද තමයි President කිව්වේ බෝම්බ ගහන්න වෙඩි තියන්න දෙයක් නැහැ ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන සර්ව පාක්ෂික සමුළුවක් තියනව කියල. ඒ හින්ද Vote එක ඇන හිටිය. මතකද ඩිලාන් පෙරේරා කිව්වා ශ්‍රීලනිප එක තීන්දුවක් ගත්ත ඒකට පක්ෂව චන්දෙ දෙන්න ඒ හින්ද එයා ෆෙඩරල් අනුකමිටු වාර්තාවට පක්ෂව චන්දෙ දෙනවා කියල. පාර්ලිමේන්තුවේ ගන්න ගියපු Vote එක නැවැත්තුවේ President. වැඩක් නැහැ මහින්දලා ගැන කතා කරලා. ආත්මාර්ථකාමී පුද්ගලයන්ගෙන් රටට වැඩක් නැහැ. තීන්දු ගන්න ඕනේ රට ගැන හිතල. රටට වඩාම ආදරේ කරන, රටේ උන්නතිය ගැන වඩාත්ම හිතන නායකයෙක් හොයා ගන්න.

  3. Champa Reply

    අන්න ඔයාගේ බොස් කිව්වා මුකුත් කලබලයක් නැහැ කියලා. දැන් මෙතනට අළුත් එකක් දාමු නේද?
    නිකම් ඉන්න එකේ මොකක් හරි වැඩක් ඇති වැඩක් කරමුද? “අපි” ජාතික නිදහස් පෙරමුණ “තර” කරමුද? දැන් හිතන්න ඇති අම්මෝ මේ ලෝක ලෙඩේ ලං කරගන්නවාට වඩා හොඳයි මං ඉන්න විදියට ඉන්නවා කියල නේද? ඉන්නකො ඔයා. දවසක ඔයා ඔය හිතපුව ඔක්කොටම පසු තැවෙනවා. Sorry කියන්නත් ඉඩ තියෙනවා.

  4. Champa Reply

    2019/2020 වහල් ආණ්ඩුව එලවන එක හිතන තරම් ලේසි වෙන එකක් නැහැ ඔන්න. අපි හිතුවේ රටේ නායකයෝ විතරක් කියල දැන් බලනකොට ඒ විතරක් නෙමේ ඇමැතිවරුත් අධිරාජවාදී වහලුන් වෙන්න නැතුව බැහැ කියල අන්න ජනාධිපතිතුමාම කියල එංගලන්තෙදීම. ජාත්‍යන්තර පිළිගැනීමක් තිබෙන්න ඕනේලු. මද්දුම බණ්ඩාරට පිළිගැනීම ආවේ සුද්දොත් දන්න නමක් නිසා වෙන්නැති. මං හිතන්නේ විමල් ජනාධිපතිතුමා මැරිච්ච කබල් සුද්දෙක්ද කොහෙද සිංහල වෙලා ඉපදිලා. එංගලන්තෙට ගියපු ගමන් අමුතු වෙනවා.

  5. Champa Reply

    16 fake JOkers are there to undermine “bonafide JOkers.” Watch out.

  6. Champa Reply

    දැක්කද මේ දවස්වල රා බීපු මීයෙක් රනිල්ට කැහගැහනව ඉල්ලා අස් වෙන්න කියල. හඬේ හැටියට නම් රනිල්මද කොහෙද රා පොවලා තියෙන්නේ. 😀 😀 😀 😀 😀 😀 😀

  7. Champa Reply

    කෝ අනේ ඔයා වීමල්? යාළු වෙන්නේ කවත්ද? ඔහොම් පැල් බැඳගෙන තරහ වෙලා ඉන්න හොඳ නැහැ අනේ.

  8. Champa Reply

    මෙතැන ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවයි. මහජන හඬට කිසිම ඇහුම්කන් දීමක් නැහැ. මහජන ඉල්ලීම් හරියට බීරි අලින්ට හොරණෑ ගහනව වගේ. එක කටකින් ලංකාවම පාලනය කරන ගමන් එක අතකින් මාව පාලනය කරනවා. තනිකරම මෙතැන තියෙන්නේ ඒකාධිපති පාලනයක්. ඉන්නකො ඔයා. දවසක මෙතන මහජන නැගිටීමක් වෙනවා. එතකොට ඔයා බය වෙනවා. බය වෙලා පස්සෙන් එනව. පුළුවන් වුනොත් දනත් ගාවනවා ඔයාව මම ඉන්නකො.

  9. Champa Reply

    හනේ දැන් මතක් වුනේ ජාතියේ වීරවංශය….. ඔයාගේ ජාතික නිදහස් පෙරමුණට මේ මැයි මාසේ 7 වෙනිදා (7 නේද මට මතක හැටියට) අවුරුදු 10ක් පිරෙනව නේද? රැස්වීමක් තියෙනවද “අතන”? ඔයාට එළිමහන් ජය බිම් දෙකක් තියෙනවා. එකක් JVP කාලේ ඉඳන්ම. අනික මම දැක්කේ පස්සේ මෑතකදී. බලන්න. හරිම විශේෂ දවසක්නෙ. කෝ අනේ ඔයා? ඇයි සද්දක්වත් නැත්තේ? ඔයාගේ විධායකය අහෝසි කරන එකට කැමතියි. කාගේ කට වැහුව්වත් ඔයාගේ කට නම් වහන්න බැරිවෙයි එයාට.

    • Champa Reply

      ඔයාගේ godfather විධායකය අහෝසි කරන එකට කැමතියි. කාගේ කට වැහුව්වත් ඔයාගේ කට නම් වහන්න බැරිවෙයි එයාට.

  10. Champa Reply

    රතු අලි පැටියට නියම වැඩේ වුනේ. ඒකාබද්ධ විපක්ෂෙට ඕනේ විදියට විධායකය අහෝසි කරන 20 වෙනි සංශෝධනය ගේන්න ගිහින් නිකම් සවුත්තු වෙන්නයි යන්නේ. උදේ පාන්දරම ඔළුව පුරෝලා ඔයාගෙන් පොලු පාරක් වැදුනට පස්සේ කැරකිලා යන්න ඇති. හැමෝම විරුද්ධයි ඒකට. වෙන එකක් මොකොටද රනිලුත් විරුද්ධ වෙයි.

    ජේවීපී එක බලා ඉන්දැද්දී කඩා වැටෙන්න යන එකේ නරකද අවතැන් වෙච්ච JVP එකේ සාමාජිකයන්ට නවාතැනක් දෙන එක? වැඩි දෙනෙක් චන්ද පොලට යන්නෙත් නැතුව ඇති මයෙ හිතේ. ඔයා අනුරාධපුරේට මිනිහෙක් දැම්මද? වීරකුමාර හිතා ගෙන ඉන්න ඇත්තේ ඒ තියෙන්නේ එයාගේ චන්ද කියලා. ලාල්කාන්තටත් ඔයා නැතුව seat එක දිනා ගන්න බැරිවෙච්ච එකේ, වීරකුමාර කවුද? මිනිස්සු චන්දෙ දීල තියෙන්නේ ඔයා හින්ද. දැම්මද කාව හරි? නිකම් හැව්වේ. මම මේවා අහන කොට ඔයාට කේන්ති යනවද? ඉන්න බෑ එක විදියකට හැම එකටම හොට දානවා කියලා හිතනවද.

  11. Champa Reply

    කොහෙද ළමයො ඔයා ඉන්නේ? අන්න අර යක්කු මහා භාරකාර දෙපාර්තුමේන්තුවත් සුද්ධ කරන්න යනවා!!!!!! මහ බැංකුවට එහා. මං නම් හිතන්නේ මේ යක්කු ආයෙ ඉල්ලන්නේ නැහැ. හොඳට සුද්ධ කරන් රට පනී ද කොහෙද. දෙයියනේ මේ හූරගන්න හැටියට දන්කුඩවත් ඉතුර වෙන එකක් නැහැ. ඔක්කොම හිස් වෙලා තියෙයි. මංගල කියන්නේ ගිය ආත්මේ කාවෙක්ද කොහෙද. කාවන්ට විතරනේ සල්ලි තියෙන තැන් මතක. නිදිද ඔයා තවම? හොඳට තියෙයි ඔහොම අත පය වකුටු කරන් නිදාගෙන හිටියොත්. ඔන්න මං දන්නේ නැහැ යූඑන්පීකාරයො ඔයාගෙ ඇඳත් එක්ක උස්සන් යයි ඔන්න.

  12. Champa Reply

    අහක බලන් ඉන්න පින්තූරේ මෙතනම වේලි වේලි තිබිල ඔන්න කොන්ඩෙයි රැවුලයිත් වැවිලා නපුරුවංශගෙ.

  13. Champa Reply

    ඉරණතිව් ගැන කතා කලොත් හොඳයි නේද? ඒ දූපත බලෙන් අල්ල ගත්තට පස්සේ ආයේ ගන්න අමාරුයි. ආණ්ඩුව ඒවාට කතා නැහැ.

  14. Champa Reply

    මම දැක්ක තැනක කියල තියෙනව වෙසක් උත්සවය දින වෙනස් කලේ ආණ්ඩුව නෙමෙයි හාමුදුරුවරු කියලා. අවුරුද්දකට ඉස්සෙල්ලලු කලේ. ඒ වුනාට එතකොට කිව්වේ නැහැනේ දන්සල් තහනම් කියලවත් මැයි පෝය දවසෙ තොරණ තහනම් කියලවත්. ඒක කිව්වේ මේ මාසේ. අවුරුද්දකට කලින්ම ආණ්ඩුව මේ වැඩේට ලෑස්ති වෙලා ඉන්න ඇති. මහින්දව පරද්දන්න ලෑස්ති වුනේ අවුරුදු 4 කට කලින් කියල එගොල්ලොමනේ කිව්වේ.

  15. Champa Reply

    අනාථ පිල ඔයි පැත්තට ආහම ඕගොල්ලන්ට කතා කරන්න තියෙන වෙලාව අඩු වෙයිද? කාලය බෙදයිද ? ඔන්න ඒකට නම් ඉඩ දෙන්න එපා ඔන්න. දැනට තියෙන්නෙත් ටික වෙලාවයි. අනුරට තියෙන වේලාවෙන් දෙන්න කියන්න.

  16. Champa Reply

    ධාතු කරඬුවක් ඉන්දියාවේ ඉඳන් වඩම්මගෙන එන පින්තූරයක් දැක්ක. ඉන්දියන් මහකොමසාරිසුත් සපත්තු නැතුව එනව. කරඬුව වඩම්ම ගෙන එන හාමුදුරුවන් දෙන්න සපත්තු දාල. ඉතාම basic කරුණත් අමතක වෙන තැනට මිනිස්සු ඇවිල්ලද මම දන්නේ නැහැ.

  17. Champa Reply

    අර වෙසක් ගැන කියපු එක මෙතෙන්ට දාන්නේ නැත්තේ ඇයි? ඊයේ ඉඳන් ලියපු එකක් තියාගෙන ඉන්නවා post කරන්න

  18. Champa Reply

    Your last year’s Vesak Card didn’t have black. It was all yellow with bo leaves.

  19. Champa Reply

    පේනවද කළු කුමාරය තව කළු එකක් දාල. එපා කිව්වොත් ඒකම කරනවා. මම මේ අම්බලම දාල ගියොත් මෙතෙන්ට හැමදාම අමාවක තියෙයි. මම එන්න ඉස්සෙල්ල මෙතන මකුළු දැලුත් බැඳිලා තිබුනේ. මම ආවට පස්සේ තමයි මෙතන කරන්න පටන් ගත්තේ. ඉන්නකො ඔයා. දෙන්න ඔයාට මම දවසක. දැන් මොකක්ද ප්‍රශ්නේ. අවුරුදු නිවාඩුවද. මම මොනවත් ලිව්වෙත් නැහැනේ ඔයා ගැන. පරණ තරහ අළුත් කර කර අරන් යනව. රණ්ඩු කෙක්ක.

  20. Champa Reply

    හුරේ ඔයා මට බයයි. කළු උඩින් රතු ගාලා.

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.