BREAKING NEWS

2015 ජනවාරි 08 වැනිදා සිදුවුණේ ජනතාව ‘වද ගැණිගෙන් දරු සෙනේ බලාපොරොත්තු වුණා’ වගේ වැඩක්.

2015 ජනවාරි 08 වැනිදා සිදුවුණේ ජනතාව ‘වද ගැණිගෙන් දරු සෙනේ බලාපොරොත්තු වුණා’ වගේ වැඩක්. ඒ වැරුද්ද නිවැරදි කිරීමේ තිර අදිටන තමන් තුළ ඇති බව පෙන්වන්නැයි අද දසලක්ෂ සංඛ්‍යාත ජනකායක් ගෝල්ෆේස් ආවේ!

විමල් (මැයි 01) ගොල්ෆේස් ඒකාබද්ධ මැයි දිනයට පැමිණි ලක්ෂ සංඛාත ජනතාව අමතමින් කියයි

 

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    A great speech as usual, Honourable Wimal Weerawansa. හැබැයි රාජපක්ෂලා ගැන කියපු කොටසට මම නැහැ.

    ඔබ ඉන්න තැන තැන, ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මම නැහැ. මම රාජපක්ෂලාට සහයෝගය දෙන්නෙත් නැහැ. මගේ තීරණය මම වෙනස් කරන්නෙත් නැහැ. මගේ තීරණ ක්ෂණික වුනාට ඒවා ස්ථිර තීරණ. මම කවදාවත් ආපහු හැරෙන්නේ නැහැ.

    මම ඉන්නේ මේ රටේ දරිද්‍රතාවයෙන්, මන්ද පෝෂණයෙන්, විරැකියාවෙන්, සම්පත් හිඟ කමින්, සමාජ අසාධාරණයෙන් බැට කෑමට, සූරා කෑමට ලක්වුණු, දුක් විඳින, තැලෙන පෙලෙන, මුදලට විකිණෙන අහිංසක මිනිස්සු සහ රණවිරුවන්, අහිංසක දරුවන් එක්ක මිසක් ධනපතියන් එක්ක නෙමෙයි. මම දන්නවා ඔබේ හදවත තියෙන්නෙත් සාමාන්‍ය මිනිස්සු, දුක් විඳින මිනිස්සු, දුප්පත් මිනිස්සු සහ රණවිරුවන්, අහිංසක දරුවන් එක්ක කියලා. ඔබ රට වෙනුවෙන් නැගී හිට්යා වගේම රටේ සමාජ අසාධාරණය වෙනුවෙනුත් නැගී හිටියි කියලා මම විශ්වාස කරනවා.

    ඔබ හැම අවුරුද්දෙම පාසල් දරුවන්ට පොත පත් පාසල් උපකරණ බෙදා දෙන ව්‍යාපෘතිය සහ ගිය අවුරුද්දේ ගංවතුරෙන් බැට කෑ පවුල්වල දරුවන්ට පාසල් උපකරණ බෙදා දීපු ව්‍යාපෘතියත් මම දැක්ක. ඔබ පාට පක්ෂ භේද නැතුව, ජාති භේද නැතුව, මමවත් හිතුවේ නැති තරම් විශාල ප්‍රමාණයක් දරුවන්ට ඒ උදව්ව කරනවා මම දැක්ක. මම එවැනි දේ හුඟක් ඉහලින් අගය කරනවා. නමුත් මට කියන්න විමල් ඔබ වගේ එහෙම සමාජ සත්කාරයක්, ආණ්ඩු පක්ෂයේ හිටියත්, විපක්ෂයේ හිටියත් නොකඩවා කරන තව එක දේශපාලකයෙක් ඔය වේදිකාවේ ඉන්නවද කියලා. මැයි දිනයට මිලියන් බිලියන් ගණන් වියදම් කරලා තමන්ගේ ප්‍රතිරූපය පුම්බා ගන්න හදන ධනපති දේශපාලකයෝ සහ ධනපති පක්ෂ, ඊට වඩා හොඳ නැත්ද, අග හිඟතාවයෙන් පෙලෙන දුප්පත් අහිංසක කම්කරුවන්ගේ පවුල් වලට උදව්වක් කළා නම්?

    ඔබේ කතාවේ මම කැමති කොටස් කීපයක් තියෙනවා. ඒ ගැන කතා කරන්න හිතුව.

    විමල් හිරේ දාලා ඉන්නවා කියපු නාවුක නිලධාරියා ගැන හුඟක් කනගාටු හිතුනා. ඔහු හුඟක් තුවාල වෙලා හිටපු කෙනෙකුත් කියල කිව්වා. අනිත් හැම දේම පැත්තකට දැම්මත් කොලොඹ සිද්ධ වෙන්න තිබුණු භයානක ලේ වැගිරීමක් නවත්තලා කරපු සේවයම ඇති.

    I don’t understand this, all these intelligence officers in tri forces are imprisoned on “unsubstantiated allegations” There is no credible evidence against them. This is so unfair. When Wimal was imprisoned I was agonized. I understand their plight even better now than before. I wish the President gives serious thought to prevent these Ranaviruvo from being imprisoned for “unsubstantiated allegations”.

    විමල් ගේ අනතුරු ඇඟවීම හුඟක් අගය කරනවා. මෝඩි වෙසක් දවස්වල ඇවිල්ල ත්‍රිකුණාමලේ ගිවිසුම අත්සන් කරනවා කියල තියෙනවා. President කියල තිබුන එහෙම කරන්නේ නැහැ කියලා. හරියටම කියන්න බැහැ, නමුත් ජනවාරි 7 අත්සන් කරන්න තිබුණු මාගම්පුර වරාය ගිවිසුම නතර කළා වගේ, ජනවාරි 9 පාර්ලිමේන්තුවට ගේන්න තිබුණු කමිටු වාර්තා 6 නතර කළා වගේ, මෝඩිගේ ගිවිසුමත් නතර කරයි කියලා හිතනවා.

    රනිල්ට මේ තරම් දෙයක්වත් තේරෙන්නේ නැති එකට හේතුව රට ගැන කිසිම හැඟීමක් නැති කම. රටට ආදරයක් නැති කම.

    අපේ වරායවල් විතරක් නෙමෙයි, අපේ රටේ කිසිම ඉඩමක් විදේශිකයෙකුට දෙන්න හොඳ නැහැ. ඉන්දියාව එක්ක අත්සන් කරන්න යන මේ ගිවිසුම අන්තිම භයානකයි.

    ඇමරිකාවේ අළුත් ගමන අපිට හුඟක් අහිතකරයි. අපේ වරායවල් අපිටම තියා ගත්තේ නැතනම් අනාගතේ භයානක ප්‍රති විපාක ඇති වෙන්න පුළුවන්.

    ආසියාවේ ආරක්ෂාවටයි කියලා යුධ උපක්‍රමයන් අතින් ලෝකේ හොඳම තැන පිහිටලා තියෙන
    ත්‍රිකුණාමලය අවට මුහුදේ Carl Vinson වගේ US Aircraft Carrier එකක් ගෙනල්ල නවත්තලා ලංකාවෙන් අහන්න දෙයක් නැහැ, අපි ඉන්දියාවෙන් අවසර ගත්ත කිව්වොත් මොකොද කරන්නේ? මාගම්පුර වරාය ළඟ ඇමරිකන් War Aircraft Carrier එකක් නවත්තලා ලංකාවෙන් අහන්න දෙයක් නැහැ අපි චීනෙන් අවසර ගත්ත කිව්වොත් අපි මොකොද කරන්නේ? කොළොඹ මුහුද ළඟ ඇමරිකන් War Aircraft Carrier එකක් නවත්තලා ලංකාවෙන් අවසර ගන්න ඕනේ නැහැ, අපි ඉන්දියාවෙනුයි, චීනෙනුයි අවසර ගත්ත කියලා කිව්වොත් අපි මොකොද කරන්නේ?

    රටේ පාලකයෝ දැන ගන්න ඕනේ තමන් කරන්න යන දේවල් වල තියෙන භයානක කම.

    විමල් කොළොඹ කුණු ගැන කියපු කතාව ගැන මම එකඟ නැහැ. එහෙම සැලසුමකට වැඩක් කරලා තිබුනේ නැහැ. ඒ ගැන වෙනම කතා කරන්න හිතුවා.

    “එක මිටට-අලි අතට”. Very funny.

    විමල් ඔබ රට වෙනුවෙන් කරපු කතාව හුඟක් අගය කරනවා. සමහර වෙලාවට ජනතාව නින්දට වැටෙනවා. අමතක වෙනවා. මිනිස්සුන්ට රට වෙනුවෙන් යුතුකම් තියෙන බව මතක් කරලා දුන්න එක හොඳයි. Love you a lot.

    ආණ්ඩුව පෙරලන්න මම සහයෝගය දෙන්නේ නැහැ. ආණ්ඩුව හොඳ හින්දා නෙමෙයි, වෙන හේතුවක් හින්දා. The reason is obvious.

    I don’t believe those who ‘brought’ to Galle Face are all MR’s voters.

    For matters of mutual interests, such as selling our valuable assets to foreigners, ETCA, Federal Constitution, witch-hunt against our Ranaviruvo and the latest, the SF Mafia, of course people will come forward to protest as one, the same way they joined “Paada Yatra”. However, I don’t think you can count all of them as “their votes”.

    One thing I will have to say with super precision is, the government will survive until 2020 for the simple reason that there are a huge number of people who don’t want Rajapaksas to come back to power. Those who are against Rajapaksas will not come to the streets against them, but they will work behind the scene.

    Even in 2020, I don’t think they will be able to come back to power. People will seek an alternative option. In such a scenario, I want you to be ready to be that alternative. I am telling you openly, Wimal. I told you this in 2015 too. I am telling you again, again and again. You might represent a coalition but it will never be a Rajapaksa who will be contesting. Even if one of Rajapaksas contest, he will lose in big time. He will receive a rude shock worse than what Mahinda received in 2015.

    හැමදාම ප්‍රාර්ථනා කරනවා වගේ ඔබට ශ්‍රී දළදා සමිඳු පිහිටත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයත්, රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත්, යෝධ බල යෝධ වීර්යයත් ප්‍රාර්ථනා කරනවා.

  2. Champa Reply

    මේ මගේ 2017 මැයි දින කවිය:

    නවයුගයේ කම්කරුවා
    දක්කන්නට බෑ පෙර ලෙස
    තිබුනත් පිට්ටනි පුරවා
    “පීඩිත පංතිය” නැතුවා

    ධනපතියන් ලෝස් නැතුව
    පගා දෙනව ජනතාවට
    “එක දවසේ” කම්කරුවට
    තොප්පි තුනක් එක ඔළුවට

    ආණ්ඩුවක් පෙරලන්නට
    යමුද මචං ගෝල්ෆේස්
    නැත්නම් කැම්බල් යනවද
    අර බස් එක නුවර නේද

    තුනට බෙදිලා තුනටම යමු
    ඊට පස්සේ ෂෙයා කරමු
    දවසේ වියදම අඩු කර
    අතට ලැබෙන ගාන බලමු

    “දෑ හිත කාමී වෙන්නට”
    කීයක් ගෙවනවද මචං
    තුන් දාහක් කෑෂ් එක්ක
    තව මොනවද දෙනව බොලං

    එක පවුලේ තුන් දෙනෙක්ට
    නමදාහක් තොප්පි තුනට!
    පිස්සු හැදෙනවා කොලුවෝ
    ධනපතියන් දෙන “දානෙට”

    “ආණ්ඩුවක් ගොඩ ගන්නට”
    කීයක් දෙනවලුද මචං
    මීට වඩා පාඩුයි බං
    අමතක කරලා දාපන්

    ධනපතියගෙ “සා දුක” ළඟ
    මගෙ හිත උණු වෙනවා මචං
    හුරේ දාන්නට නොගියොත්
    නවලෝකෙට තමයි ඉතින්

    චන්දෙට දින ලංවෙනකොට
    ගාන ටිකක් වැඩි කර ගමු
    දෙදහස් දහ අට වෙනකොට
    “පන්දාහක්වත්” ඉල්ලමු

    අනේ අපොයි කියල හිතයි
    ගෙදර ඉන්න කම්කරුවා
    ධනපතියන් බල ලෝභී
    කම්කරු දිනයත් මැරුවා

    තොප්පි වලට වැහිලා ගිහින්
    පීඩිත පංතිය කොහේද
    ධනපතියන් සටන් පාඨ
    කියන රටක් දැක තිබේද

    බොන්ඩ් වලින් ගහපු ගැහිලි
    කලින් එවුන් ගහපු ගැහිලි
    දෝරෙ ගලයි පාර පුරා
    නිල්-කොළ-නිල් පාට වෙලා

    අප සතුදේ සොරකම් කර
    අපිටම දෙන හැටි බලපන්
    මුන් ඔක්කොම එළවන්නට
    විදියක් ගැන දැන් හිතපන්

    සම්පත් සම සමව බෙදන
    ආර්ථිකය අපිට ඔබින
    නැති බැරි කම ඇති හැකි කර
    ශ්‍රමයට නිසි මිලක් ලැබෙන

    හයිජැක් කළ කම්කරු දින
    අතට ගන්න සටන් කරමු
    පීඩිත පන්තිය රජයන
    නව යුගයක් උදා කරමු!

Leave a Reply

*