BREAKING NEWS

“2015 ජනවාරි 08 වැනිදා සිදු වූයේ යහපාලන අභිෂේකයක් නොවෙයි. චෞරාභිෂේකයක්. රවී ගැන පමණක් නොවෙයි මේ චෞර රැල ගැනම ඉදිරියේදී හෙළි කරනවා”

“2015 ජනවාරි 08 වැනිදා සිදු වූයේ යහපාලන අභිෂේකයක් නොවෙයි. චෞරාභිෂේකයක්. රවී ගැන පමණක් නොවෙයි මේ චෞර රැල ගැනම ඉදිරියේදී හෙළි කරනවා”

– ජානිපෙ නායක විමල් වීරවංශ

2015 ජනවාරි 08 වැනිදා සිදු වූයේ යහපාලන අභිෂේකයක් නොව චෞරාභිෂේකයක් බවත් රවී කරුණානායක ඇමතිවරයා පමණක් නොව බැඳුම්කර වංචාවට සම්බන්ධ වූ සියලු දෙනා කවරාකාරයේ චෞර රැලත් ද, වග නුදුරේදීම රට හමුවේ ඔප්පු කර පෙන්වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද(03) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“2015 ජනවාරි 08 වැනිදා යහපාලන අභිෂේකය සිදු වුණා කියන මිථ්‍යාවට රැවටුණු අයට, එය මිථ්‍යාවක් බව අප පෙන්වා දෙන විට එය පිළි නොගත් අයට, ඒ මිථ්‍යාව කරා මහජනතාව ගොනාට අන්දාගෙන ගෙන යන්න කඬේ ගිය අයට, අද දිට්ඨධම්මවේදනීය කර්මයට මුහුණ දීමට සිදුව තිබෙනවා. 2015 ජනවාරි 08 වැනිදා සිදු වුයේ යහපාලන අභිෂේකය නොවෙයි, චෞරාභිෂේකය කියලා අද හොඳටම ඔප්පු වෙලා තිබෙනවා.

තිබුණු ආණ්ඩුවේ නායකයන්ට හොරු කියලා ලේබල් ගහලා, අවමාන කරලා යහපාලන අභිෂේකයට කර ගහපු උදවිය, දැන් එළිපිට නිර්වස්ත්‍රව තමන්ගේ හොරකම්වල දිග, පළල මුළු ලෝකයටම පෙන්වන්න පටන් අරන් තිබෙනවා. හිටපු මුදල් ඇමති, වත්මන් විදේශ ඇමති රවී කරුණානායක ඊයේ (02) බැඳුම්කර කොමිසමට ගිහිල්ලා ඒ කොමිසමේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ දී ඇති උත්තර දෙස බලපුවාම, ඔහුට අර්ජුන් ඇලෝසියස්ගෙන් ලැබී තිබෙන ලක්‍ෂ 1650ක සන්තෝසම් මුදල දෙස බලපුවාම, ඒ වගේම අර කෝප් කමිටුවේ හිටපු එක්සත් ජාතික පක්‍ෂයේ ‘ෆුට්නෝට් කල්ලියට’ ලබා දී ඇති ගෙවල් හා නිවාස දෙස බලපුවාම මේ ආණ්ඩුව අද අර්ජුන ඇලෝසියස්ලා හොරකම් කරපු මුදලින් නැටවෙන ආණ්ඩුවක් බවට පත් වී අවසන්.

‘රෑට නිදි ඇඳේදිවත් හමු වෙන්නේ නැද්ද’

හිටපු මුදල් ඇමතිවරයා දැන් සුදනා වගේ කියනවා ‘මම දන්නේ නැහැ. නෝනා තමයි මේක කරලා තියෙන්නේ. මම දන්නවා නම් ඒ ගෙදර පදිංචියට යන්නෙත් නැහැ’ කියලා. අඩු ගණනේ මේ නෝනයි, මහත්තයයි රෑට නිදි ඇඳේදිවත් හමු වෙන්නේ නැද්ද? ‘මම මේ ගෙදර මිලදී ගත්තා. මට ඇලෝසියස් උදව් කළා’ කියලවත් කිව්වේ නැද්ද? ඔය ‘බබා කතා’ පිළි ගන්න තරම් මේ රටේ මිනිස්සු මරි මෝඩයි කියලාද මේ ඇණ්ඩුව හිතාගෙන ඉන්නේ?

‘ශ්‍රී ලංකාවට අවමානයක්!’

මේ වගේ හොරකමට චෝදනා ලබපු පුද්ගලයකු කොහොමද විදේශ අමාත්‍යවරයා ලෙස ලෝකය හමුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ? එවිට ශ්‍රී ලංකාවට සිදු වන අවමානය කෙතරම් බරපතළද? රවී කරුණානායක පමණක් නෙවෙයි, රනිල් වික්‍රමසිංහලා, මලික් සමරවික්‍රමලා එකතු වෙලා තමයි මේ මහ බැංකු බැඳුම්කර මෙහෙයුම පණ ගැන්වූයේ. දැන් රවී කරුණානායක කියනවා ‘මිතුරන්ගෙන් පහර කෑමට සිදුවීමයි වේදනාව’ කියලා. කවුද රවීගේ මිතුරා? අගමැති රනිල් ද? එහෙම නැතිනම් රනිල්ගේ ගෝලයා මලික් සමරවික්‍රම ද? ඒ මිතුරන් දෙදෙනා හැර රවීට වෙනත් මිතුරන් සිටී ද? දැන් ඉතාමත් පැහැදිලියි මේ හොර රැල බැඳුම්කර ගනුදෙනුවෙන් හොරා කාපු බව. බැඳුම්කර ගනුදෙනුවකින් හොරා කනවා, කියන්නේ රටේ ආදායමෙන් හොරා කනවා කියන එකයි. වෙනත් ආණ්ඩුවල අයට ‘හොරා කෑවා’ කියා චෝදනා ආවා නම් ඒවා සංවර්ධන ව්‍යාපෘති වැනි රටේ වියදමෙන් හොරා කාපු බවට වූ චෝදනා. නමුත් මේ චෞර රැල හොරා කා ඇත්තේ රටේ ආදායමෙන්.

මේ මුස්පේන්තු ආණ්ඩුව බලයට පත් වූ දා සිට උතුරේ පොලිස් නිලධාරියකුට පාරේ බැහැලා යන්න බැහැ, වැව් දහස් ගණනක් හිඳිලා. නියඟයෙන් පීඩාවට පත් වූ ජනතාව අතට මේ වනතෙක් කිසිඳු සහනාධාරයක් ලැබී නැහැ. මේ මොනවා නැතත් මේ තක්කඩි රැල හොරකම විතරක් කර ගෙන යනවා. අද හම්බන්තොට වරාය විකුණලා ගන්නවා සල්ලි, ඒවායිනුත් හොරා කනවා. හම්බන්තොට වරාය විකුණපු ඩීල් එකෙන් කාට ද කොමිෂන් ලැබුණේ? කියක් ද ලැබුණේ? යන කාරණා ඉදිරියේදී දැන ගැනීමට ලැබෙයි.

රටටම බොරු නිර්මාණය කරලා. අසත්‍ය අවලාදවලින් පැවැති ආණ්ඩුවට පහර දීලා 2015 ජනවාරියේ බලය ගත්තු මේ කල්ලිය 2015 පෙබරවාරි වන විට බිලියන ගණනක හොරකම කළා. ඒ නිසා බැංකුවල පොලී අනුපාතික ඉහළ ගියා. අහිංසක මිනිසුන්ට බැංකුවකින් පොඩි ණයක් අරගෙන පොඩි ව්‍යාපාරයක් කර ගන්න තිබුණු අවස්ථාව අහිමි වුණා. අද ව්‍යාපාර කඩා වැටිලා. ආර්ථිකයේ ඉදිරි ගමනක් නැහැ. වලපල්ලටයි යන්නේ. අද මේ රටේ රාජ්‍ය දේපළ චෞර රැලක් විසින් අත්පත් කර ගෙන. අද මොවුන්ගේ හොරා කෑම විතරයි රට තුළ සිදු වෙන්නේ.

‘පාපතර ආණ්ඩුව එළවන්න පාරට බහින්න’

රතු අලි පැටවුන්ගේ, පා.ච. රණවකලාගේ ‘බොරු කතා අහලා රැවටුණු, සෝභිත හාමුදුරුවන්ගේ බණ අහලා ඒවාට රැවටුණු මේ චෞරාභිෂේකයට කර ගහපු මිනිස්සුන්ට අපි කියනවා, ‘තවදුරටත් නිහඬව බලා ඉන්න එපාෟ ඔබ විසින් බලයට ගෙන එන ලද චෞරයන් රැල මහ බැංකුව පමණක් නොවෙයි මුළු රටම සුද්ධ කරමින් ඉන්නවා. රට විපතෙන් විපතට, අරාජිකත්වයෙන්, අරාජිකත්වයට ඇදගෙන යනවා. ඔබ කළ පාපයෙන් ගැලවෙන්න නම් මේ පාපතර ආණ්ඩුව එළවන්න පාරට බහින්න’ කියා.

‘එදා රාජපක්‍ෂලා එතැන මෙතැන ගෙවල් අරන්’ කියමින් තමයි බලයට ආවේ. අද කවුද ගෙවල් අරන් තියෙන්නේ? මේ ගෙවල් සුළු පටු ගෙවල් ද? ඒ විතරක් නොවෙයි ඔය ඇමතිවරයා 2015 ජනවාරි 08 වැනිදාට කලින් ලක්‍ෂ 10 බැගින් අත්තිකාරම් ගෙවා ඔය නිවාස සංකීර්ණයෙන් නිවාස 03ක් අරන් තිබුණා. සෑහෙන්න කාලයක් ඉතිරි මුදල් නොගෙවා හිටියා. එවිට ඒ සමාගම කීවා ‘අපි ඔබට මේ ලක්‍ෂ 30 නැවත ලබා දෙන්නම්. අපට මේ නිවාස තුන වෙන කාටහරි විකුණන්න ඕනෙ’ කියලා. මෙයා ඒකට එකඟ වුණේ නැහැ. නමුත් 2015 ජනවාරි 08 දිනලා මුදල් ඇමති වෙලා මාස දෙකක් ගියේ නැහැ අර ‘කරුංකා ජාවාරම්කාරයා’ ඉහත කී දේපළ සමාගමට ඇවිත් ඉතිරි මුදල් ලක්‍ෂ එක්දහස් ගණන මුළුමනින්ම ගෙව්වා.

රවී කරුණානායක පමණක් නොවෙයි මේකට සම්බන්ධ අනෙක් අයත් ‘මොන වගේ චෞරයන් රැලක් ද?’ කියා අපි ඉදිරියේදී ඔප්පු කරලා පෙන්වනවා. ඒ වගේම ඊයේ(02) රාත්‍රීයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයෝ තීරණය කළා, චෞරාභිෂේකයට එරෙහි පළමු පියවර හැටියට රෙදි වස්ත්‍ර උනා දමා හොරකමේ යෙදුණු රවී කරුණානායක ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග’ යෝජනාවක් ගෙන එන්න. දැන් මොහොතකට කලින් ඒ විශ්වාසභංගය කථානායකවරයාට භාර දුන්නා. ‘මේ චෞරාභිෂේකයේ පළමු නියෝජිතයාගේ හොරකම රට හමුවේ හෙළි කරලා ඔහුව අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ අවස්ථාව ඉක්මනින් උදා කරලා දෙන්න ඔනෙ. ඒ සඳහා කඩිනමින් දිනයක් ලබා දෙන්න කියා අපි කථානායකවරයාගෙන් ඉල්ලනවා”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ප්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා ද එක්ව සිටියේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-08-03

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    50% agree (based on what I read on ‘Ada Derana’ news). All the crooks belonging to, not only the present, but also the former government should be and will be sent home at the next parliamentary election and a fresh set of people who have no need to rob the government coffer should be elected to the Parliament.

    Corrupt politicians belonging to SLFP/former UNP fighting against the current SLFP/UNP corrupt politicians will never be successful, Wimal, as their motive is not noble or genuine. In other words, this is one set of corrupt fighting against another set of corrupt who are belonging to same political parties. This will never work. It has to be done by voters at the next general election democratically.

    The Joint Opposition is a failed and a lost entity. They are the politicians who tricked the people.

    Those who,
    1.) didn’t have the backbone to submit a No Confidence Motion against the corrupt Prime Minister in October last year for his direct involvement in the Central Bank scam;

    2.) didn’t have the backbone to submit a No Confidence Motion against the Prime Minister for his New Land Act which provided an unprecedented authority and power to the government to sell state lands to foreigners;

    3.) didn’t have the backbone to submit a No Confidence Motion against the Prime Minister for entering into an agreement with China for selling Magampura Port for 99 years with 85 percent; (I understand the other 70% and 30% ratio is not even mentioned in the agreement, meaning China can even claim for 100% ownership one day.)

    4.) didn’t have the backbone to face the Debate on Magamapura Port deal scheduled before it was signed;

    5.) don’t have the backbone to submit a No Confidence Motion against the new Finance Minister on his (proposed) New Inland Revenue Act which will bring immense hardship to already bankrupt general public, sole proprietors, small, medium and large local industries and which allows imposing taxes even to religious places and local semi-private schools which follow local syllabus;

    6.) don’t have the backbone to face the Debate on Magampura Port deal which will be scheduled for the second time in the coming days;

    – submitting a No Confidence Motion against Ravi Karunananyake questioning his eligibility to function as the Foreign Minister is a super joke meant for dummies only.

    The submission of No Confidence Motion against Ravi K is only to evade JO’s responsibility to propose amendments to the Magampura Port deal on behalf of the public even at the second opportunity given, but carry out usual distraction tactics from most important and pressing matters of the country, in support of Ranil.

    What the country saw for the last two and a half years was nothing but corrupt protecting corrupt.

    The Joint Opposition has already shown their colour. There is no need for them to fly again again.

    You should have worn white not black, because the people who love this country are mourning for not having genuine parliamentarians with moral fibre in the bona fide Opposition who are supposed to represent them, the general public and standby the country, not failed dynasties.

    Without utilizing the opportunity presented to them at the Debate on Magampura Port, although one day before it was signed to propose amendments and demand the government to remove clauses detrimental to the country, the Joint Opposition disrupted the golden opportunity by themselves. They should understand that this opportunity was given to voice concerns and opinions of the public and the country, not for JO and your godfather to (mis)use at his/their petty personal whims and fancies. They miserably and irritably failed the country. The President had the backbone to direct the government to reschedule another date for the Debate for anyone who care for the country to further peruse and evaluate the deal and submit proposals, although it was already signed. I have a feeling that the documents signed with much hype were either a draft agreement or it was a mock signing.

    The country does not need the hypocritical Joint Opposition anymore.

    The President has proved more than once that he feels the pulse of the general public and that he is brave and courageous enough to take action where necessary to protect the best interests of the country.

    I am very sad to lose one of the most precious and closest to my heart assets in down South. This pain will never heal. I don’t think I will ever forgive anyone, who had the opportunity to do so if they wished but didn’t make any effort to protect Magampura port. I am happy to make them pay for it. You can keep on wearing black, ‘sweetheart’.

    • Champa Reply

      ඒකාබද්ධ විපක්ෂයෙන් රටට ඇති වැඩක් නැහැ දැන්. President සහතිකයක් දීල තියෙනව
      Eastern Terminal එක පිටරටකට දෙන්නේ නැහැ කියලා.

      අර එදා දීපු මාගම්පුර විවාදය ප්‍රයෝජනයට අරන් ඒකෙ තියෙන අඩුපාඩු සහ රටේ ස්වාධීනත්වයට සහ ආරක්ෂාවට අනාගතයේ ඇතිවෙන්න පුළුවන් තර්ජන ගැන මහජනතාව වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ කතා කළා නම්, President ඊට පස්සේ දවසේ ගිවිසුම අත්සන් කරන එක කල් දාන්න වුනත් තිබුන, ඒ ගැන කියලා. ඒකාබද්ධ විපක්ෂයට රට ජාතිය ගැන කිසි කැක්කුමක් නැති බව එහෙම නොකළ එකෙන් හොඳටම පෙනුනා. අන්තිමේ අත්සන් කරපු මාගම්පුර වරාය ගිවිසුමට වුනත් සංශෝධනයක් එකතු කරන්න තරම් President ට කොන්ද පණ තිබුන.

      මුළු රටේම මිනිස්සු රනිල්ටයි රනිල්ගේ පරගැති ආණ්ඩුවටයි හුඟක් විරුද්ධයි. හැබැයි කවදාවත් චන්දෙට ඉස්සෙල්ල ආණ්ඩුව පෙරලන්න ඉදිරිපත් වෙන්නෙවත් එහෙම දෙකට කැමති වෙන්නෙවත් නැහැ President හින්දා. ඒ හින්දා ඔයයි, ඔයාගේ godfather යි ඒකාබද්ධ විපක්ෂයයි ඔලුවෙන් හිට ගෙන හීන මැව්වත්, මිනිස්සු President ට අගතියක් වෙන දෙකට ඉදිරිපත් වෙන්නෙ නැහැ. පුළුවන්නම් ආණ්ඩුව වෙනස් කරලා පෙන්නන්න. Losers.

  2. Champa Reply

    විශ්වාස භංග යෝජනාවට 32ක් විතරයි නේද අත්සන් කරලා තියෙන්නේ? 100ට සීයක් විශ්වාසයි විමල්ගේ godfather අත්සන් කලේ නැහැ. නිකම් අනුන්ගේ පව් වලට කර ගහන්න නැතුව ඉන්නේ විමල්.

    බලන්න ඔයාගේ මේ කතාව මෙතැන තියෙන. මේ වගේ කතාවක් හරි යන්නේ මහින්දානන්ද අලුත්ගමගේ, නැත්නම් නාමල් හරි රාජපක්ෂ clan එකේ හරි කෙනෙකුට මිසක් මම දන්න, 2015 පෙබරවාරි 18 ඉඳන් මම දැක්ක ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට නෙමෙයි. කිසි වැදගම්මක් නැති හිස් කතාවක්. පැහැදිලිවම පේනවා godfather ට ඕනේ විදියට කරපු කතාවක් කියලා. ඉස්සර වේදිකාවේ ඔයා මොන විදියට කතා කලත්, කවදාවත් මාධ්‍ය හමුවක මේ වගේ දුර්වල, කිසි වැඩකට නැති, හිස් ප්‍රලාප පිරිච්ච කතාවක් කරලා නැහැ. මෙහෙම කතාවක් දැක්ක පලවෙනි දවස.

    ඔයාගෙ godfather ට ආයෙ කවදාවත් බලයට එන්න ලැබෙන්නෙ නැහැ. අද පේන විදියට නම් Rajapaksa clan එකට අභියෝගයක් දෙන්න පුළුවන් කෙනෙක් නැහැ වගේ ලංකා දේශපාලනයේ. හැබැයි වෙලාව ආවහම කවුරු හරි ඉදිරිපත් වෙනව අනිවාර්යයයෙන්ම. That is how this country’s destiny is written. තමන්ගෙ ප්‍රතිපත්ති ආරක්ෂා කරගන්න විමල්. අර ඔයා කහපාට ඇඳන් කතා කරලා තියෙන කතාවල් ගොඩක් මම දැක්ක. ඔයාගේ godfather ට බලය තියෙන කාලෙ ඔයාට මීට වඩා කොන්දක් තිබිල තියෙනවා. What are you doing actually? Bidding your time? ඒ වුනාට මට තරහා යනවා. එතකොට black-blue වුනත් පේන්නෙ pure black වගේ.

  3. Champa Reply

    President has directed the government to add a clause that Magampura port deal can be amended in future with the consent of both parties. However, if they want, China can always block reaqcuistion of the port. It is highly unlikely they will willingly give it back. Although it is praiseworthy for President to add a such a clause, the clause itself is not strong or sufficient enough for requisition. Someone who is strong and determine can only have negotiations to reacquire the port. Certainly NOT Basil or anyone from Rajapaksa clan who now boast that they will take the port back, for two reasons. One; Rajapaksa clan themselves tried to give the upperhand of the port to China in 2014 which was failed fortunately and the second reason is, Rajapaksas will never come back to power. If Hambantota port is reaquired ever again, it will be by someone else.

    I hope there is clear indication in the agreement that this deal was done purely for the reason that the government was not in a position to make the repayment of Chinese loans, I mean, the government didn’t have any other choice, therefore they were compelled to handover Magampura port to China, in lieu of repayments. At least if this part is clear in the agreement, someone can negotiate with China in future. Otherwise, it will not be easy to take it back.

    I wonder, Wimal, if you were given a time slot in the debate on Magampura port which is to be rescheduled next week, will you be able to propose the above part, for me, please?

    That is the most important part – the reason for entering into this agreement is in lieu of loan repayments to China. This has to be incorporated into the agreement. Can you please do this for me?

    • Champa Reply

      This should read as follows:

      “…. Although it is praiseworthy for President to add such a Clause, that Clause itself is not strong or sufficient enough for reacquisition…”

  4. Champa Reply

    ඒකාබද්ධ විපක්ෂය හරි මෝඩයි. ඒ ගොල්ලන්ට තේරෙන්නේ නැහැ මහින්දයි බැසිලුයි එගොල්ලන්ගේ ඉදිරි දේශපාලන අනාගතය විනාශ කරනවා කියලා. මහින්ද පැත්තකට වෙලා තමන් බේරිලා ඒකාබද්ධ විපක්ෂය පාවිච්චි කරනවා රනිල්ගේ සහයෝගයට. මිනිස්සුන්ට පේන්නේ පාර්ලිමේන්තුවෙන් එළියේ ඉඳගෙන තමන් නූල ගැට ගහලා තියෙන ඒකාබද්ධ විපක්ෂය හිතෙන හිතෙන විදියට නටවන මහින්දවයි බැසිල්වයි නෙමෙයි, තමන් විශාල බලාපොරොත්තු තියාගෙන පාර්ලිමේන්තු යවපු රට ජාතිය වෙනුවෙන් රටේ සම්පත් රැකගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව හෙල්ලෙන තරම් අභීත හඬක් නඟයි කියලා හිතපු ඒකාබද්ධ විපක්ෂයේ දල ඇත්තු, පාර්ලිමේන්තුවේ ගෞරවයත්, මහජන විශ්වාසයත් තුට්ටුවට දාල, නකුට නැති බලු පැටව් වගේ එහෙම නැත්නම් පෙඳේ තෙමිච්ච කපුටු පැටව් වගේ හැසිරෙන හැටි. ලැජ්ජයි. මේවා කරවන්නේ godfather සහ බැසිල් වුනාට මිනිසුන්ගේ අප්‍රසාදයට ලක්වෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරිපෙල. අර දෙන්න කරන්නේ ඉස්සරහට පාරක් හදන එක සහ ඒ පාරේ තියෙන්න පුළුවන් බාධක නැති කරන එක. මෝඩ ඒකාබද්ධ විපක්ෂය. සිද්ධ වුනේ මොකක්ද කියල හිතෙන කොට හුඟක් පරක්කු වෙලා වෙන්න පුළුවන්.

  5. Champa Reply

    .
    I can’t help but worry about Hambantota Port.

    I wish the President has the guts to annul the Hambantota Port agreement, even though it was signed. He is the Head of State. He can always say he had second thoughts and that he needs to evaluate the strengths and weaknesses of the agreement. We haven’t accepted the money yet, therefore there is still time.

    Though the President made to add a Clause in good faith, it is highly unlikely we get benefited from it. Our chances to use the port on our own in future is very limited.

    Ranil, Mahinda S and the gang only look at the present not the future. They only want to pass these two years. If they think of the future, they will never do this. I bet many of these politicians will not even contest at the next election. Therefore, the President should think about this again.

    There is not even a third party mediator for this agreement. Is there? If the Chinese company breaks down any of the components in the agreement, who is going to intervene? There should be a third party mediator who could call for shuttle consultation with all the parties and come to a settlement. Leasing a land and leasing (?) a port for 99 years are completely different things.

    We have no way to monitor actions taken by the Chinese company. There is no transparency. The problem with PPP is, the company is not under obligation to provide us any information. I seriously am thinking the President should stop the implementation of this agreement for a indefinite period. There are many examples of reversing agreements in other countries which are signed in a hurry.

  6. Champa Reply

    මං තරහ වුනාට මේ පොල් බෑ මූණ නම් ස්වභාවික නිසා recycle කරන්න ඕනේ වෙන්නේ නැහැ. හැබැයි අනිත් ඔක්කොම plastic සහ can මූණු recycle කරලා පාර්ලිමේන්තුවට අළුත් මූණු ගෙන්න ඕනේ.

  7. Champa Reply

    විමල්, ලංකාදීපෙ ලිපියක් තිබුන රජරට මිනිස්සු විඳින දුක ගැන. දරුවන්ට වැඩිහිටියන්ට හරියට කන්න නැහැ. සමහරුන්ට මුකුත්ම කන්න නැහැලු. කැලේ වේලිලා හින්ද කොළ වර්ගවත් නැහැලු කන්න. එක් ලක්ෂ ගනනක් මිනිස්සු කන්න නැතුව ඉන්නවලු. මට හුඟක් දුක හිතෙනවා. සමහර දේශපාලකයෝ දන්නේ නැහැ මෙහෙම මිනිස්සු ඉන්නවද කියලවත්.

    අවුරුදු 60ක් තිස්සේ අපේ දේශපාලකයෝ වියලි කලාපය වෙනුවෙන් මොනවාද කරලා තියෙන්නේ? කිසිම කල් පවතින දෙයක් කරලා නැහැ. රටේ එක කොටසක් ඉහලම සැප විඳිනකොට රටේ තව කොටසක් අන්ත දුක් විඳිනවා. හරිම අසාධාරණයි. හැම මනුස්සයෙක්ම මනුස්සයෙක් හැම දරුවෙක්ම දරුවෙක් කියලා හිතන්න බැරි ඇයි? පොඩි දරුවෝ දෙන්නෙක් එක්ක මනුස්සයෙක් කන්න නෙලුම් අල හාරන පින්තූරයක් දැකල හරිම දුකක් දැනුනා.

    විවෘත ධනවාදී ආර්ථිකය නිසා තමයි අපේ රට නැත්තටම නැති වෙලා තියෙන්නේ. අපේ සාරධර්ම විතරක් නෙමෙයි මිනිස්සුන්ගෙ ජීවන රටාවත් වෙනස් වුනා ඒ හින්ද. තියෙන මිනිහා හොඳටම සැප විඳිනවා. නැති මිනිහට මුකුත්ම නැහැ. අළුත් දැක්මක්, අළුත් අදහස්, දුප්පත් මිනිස්සුන්ගේ ජීවන තත්වේ නංවන්න හරි වැඩපිළිවෙලක් තියෙන කෙනෙක් අතට රට යන්න ඕනේ. නැත්නම් මෙහෙම ගිහින් නවතින්නේ කොතනද?

  8. Champa Reply

    ඒකාබද්ධ විපක්ෂේ බය වෙලා නේද විශ්වාස භංග යෝජනාව විවාදෙට ගනියි කියල. එකනෙ ගම්මන්පිල නීති තර්ක කතානායකගේ කටට දීල විවාදේ ඉල්ලුවේ නේද? විවාදේ ඇත්තටම ඕනේ නම් කතා කරන්නේ ඕකෙ opposite විදියට නේද? හොඳයි හොඳයි ඕක ගත්තේ නැත්නම් godfather ට චන්දෙට අත උස්සන්න ඕනේ වෙන්නේ නැහැනේ නේද?

    ඒකාබද්ධ විපක්ෂෙට මේ විවාදෙට තියෙන උනන්දුව හම්බන්තොට ගැන තිබුනේ නැති බව නම් ලංකාවම දැක්ක මගෙ හිතේ.

  9. Champa Reply

    මේ කතානායක මේ වගේ ළදරු කතාවක් කියපු පලවෙනි වතාව නෙමෙයි. මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කියලා ලියපු ලේඛන දැන් අදාළ නැහැ එයින් එක පක්ෂයක් මන්ත්‍රීවරු 5ක් එක්ක ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත් වුනහම. අනිත් එක ඒ ලේඛණ ඔක්කොම අවසන් තීරණ තියෙන ඒවා නෙමෙයි. තාම තියෙන්නේ draft තත්වයේ. මේකට උපදෙස් අවශ්‍ය නැහැ. පහේ ශිෂ්‍යත්ව විභාගෙටවත් අහන්න බැරි තරම් සරල ප්‍රශ්නයක් නිසා.

    කතානායක විතරක් නෙමෙයි ඒකාබද්ධ විපක්ෂයත් godfather ත් ඔක්කොම රනිල්ගේ ප්‍රාණ ඇපකාරයෝ.

    Godfather ගේ කණ්ඩායමට කොන්දක් නැහැ ෆෙඩරල් ව්‍යවස්ථාවෙන් අයින් වෙන්න. අන්න ඇමරිකාවත් කියනවා ඒගොල්ලොත් උදව් දෙනවලු ව්‍යවස්ථාව හදන වැඩේට. ඒ කියන්නේ විමල් ඇරුනහම godfather ගෙයි ඒකාබද්ධ විපක්ෂයේ ඉතුරු කොටසෙයි, TNA එකෙයි ඇමරිකාවෙයි කිසි වෙනසක් නැහැ. Partners in crime.

    මිනිස්සු 2015 මේ දේශපාලකයෝ වටා පෙළ ගැනුනේ මහින්ද එක්ක හිටපු නිසා නෙමෙයි, 2015 අර තරම් ප්‍රබල තත්වයේ හිටපු ආණ්ඩුවට විරුද්ධව රට වෙනුවෙන් නැගී හිටින්න තරම් ලොකු ශක්තියක් ධෛර්යයක් මේ දේශපාලකයෝ පෙන්වපු නිසා. අද හරිදෙට හරියි කියන්නවත් වැරදි දේට වැරදියි කියල තමන්ගේ නායකත්වයට, මහින්දට කියන්න තරම්වත් කොන්දක් නැහැ.

    2015 පෙබරවාරි විමල් ප්‍රබල ආණ්ඩුවකට විරුද්ධව නිර්භයව ඉස්සරහට ඇවිල්ල ජනතාවට නායකත්වය දුන්න. ඊට පස්සේ අගෝස්තු 2015 මහ චන්දෙන් පැරදුනාම මහින්ද පැනල දිව්වා බයේ විපක්ෂ නායකත්වය භාර ගන්නේ නැතුව. මුල් දවසේ විතරක් පාර්ලිමේන්තු ඇවිල්ල ඊට පස්සේ මාස ගානක් ආවෙත් නැහැ. ඒ වෙලාවෙත් 95ක් හිටපු කණ්ඩායම කැඩී කැඩී යත්දිත් විමල් තමයි හයියට හිට්යේ ඒකාබද්ධ විපක්ෂයක් ගොඩ නගන්න. 2015, 2016 ආණ්ඩුව දුර්වල වුනු අවස්ථා කීපයක්ම ආවත් ඒකාබද්ධ විපක්ෂය ඒකෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ. දැන් ඒව කරන්න පරක්කු වැඩියි සහ සුදුසුත් නැහැ මොකොද ඒකෙන් වෙන්නේ විධායකය දුර්වල වෙන එක නිසා.

    හෙට විමල්ගෙ සම්මන්ත්‍රණයක් තියෙනවා දැක්ක ව්‍යවස්ථාව ගැන. ඒකාබද්ධ විපක්ෂයේ මහින්දගෙ ලනු කාල ඉන්න ගොඩෙන් එකකින් හරි විමල් වෙනස් වෙලා ඉන්න එක ගැන සන්තෝෂයි. විමල් කරන සහ කියන සමහර දේවල් වලට මගෙ හිත රිදුනට, ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන සහ ඒකීය රට ගැන එදා ඉඳන් තිබුන ප්‍රතිපත්ති අන්ධ භක්තිය වෙනුවෙන් වෙනස් නොකර ඉස්සර වගේ රට වෙනුවෙන් පෙනී ඉන්න තියෙන හයිය ගැන සන්තෝෂයි. හැමදාම කියනවා වගේ ලංකාවේ ප්‍රතිපත්තියක් තියෙන දේශපාලකයෙකුට ඉන්නේ විමල් විතරයි. ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න කොට විමල්ට මුහුණ දෙන්න වෙන අභියෝග සහ තර්ජන තත්වයේ දේවල් මට පේනවා. ඒත් කවදාවත් තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරන්න එපා. Love you.

    හම්බන්තොට නැතිවුනාට විමල් එක්ක දැන් මගේ තරහක් නැහැ. ඒ වුනාට මට ලොකු කණගාටුවක් තියෙනව. President කිව්වා තව දවසක් දෙනව කියල විවාදෙට. PM කිව්වා තව සංශෝධන ඇතුල් කරන්න පුළුවන් කියලා. අද වෙනකම් ඒකාබද්ධ විපක්ෂය ඒ ගැන උනන්දු වෙලා නැහැ. 2020 දී මේ දෙගොල්ලොම එපා කියල රටට කියන්න ඕනේ තරම් හේතු තියෙනවා.

  10. Champa Reply

    Hey guys, why can’t I see the live stream?

    • Champa Reply

      Excuse me, its fine.

  11. Champa Reply

    විමල්ගේ video එකේ අග කොටස නැහැ. අහන්න දෙයක් නැහැ godfather ට ආවඩන්න ඇති. ඊළඟ ආණ්ඩුව කියලා විමල් කියන්නේ godfather එක්ක හදන ආණ්ඩුව වෙන්න ඇති.

    කිසි ප්‍රශ්නයක් නැහැ. කතාවේ ව්‍යවස්ථාව ගැන කියපු කරනා ටික ඉහලින්ම අගය කරනවා. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් ඉතුරු ටිකෙන් තේරෙන්නේ 2020 විමල් සහ මම ඉන්නේ එක තැන නෙමෙයි කියන එක. විමල් අනිවාර්යයෙන්ම ඉන්නේ Rajapaksa clan එකත් එක්ක. මට ප්‍රශ්නයක් නැහැ. මං කොහොමටවත් එතන නැහැ. අනිත් එක මම කොහොමත් තනිවම වැඩ කරන කෙනෙක්. මට කණ්ඩායමක් එක්ක වැඩ කරලා පුරුදු නැහැ. ඉස්සර LCN එකට ලියපු අයට ඕකට ලොකු අමාරුවක් තිබුන. කණ්ඩායමක් අවශ්‍ය නැහැ කියලා මම කියන්නේ නැහැ. හැබැයි කණ්ඩායමකින් කර ගන්න ඕනේ දේවල් මට පුළුවන් තනියම කරන්න. මම රාජපක්ෂලාට මොන විදියකටවත් උදව් කරන්නේ නැහැ. මට කරපු දේවල් අම අමතක කරන්නේ නැහැ. පලි ගන්නේ නැහැ. හැබැයි කරපුවට පසු තැවෙන දේවල් කරන්න මට පුළුවන්. රාජපක්ෂලා ආයේ බලයට එන්නේ නැහැ. මම ලෑස්තියි තනි සටනක් දෙන්න. විමල් godfather ව අතාරින්න එපා. 2020 හැමෝම රාජපක්ෂ clan එක දාල යනකොට, විමල්ට පුළුවන් තනියට ඉන්න.

  12. Champa Reply

    ඉතිහාසයේ පලවෙනි වතාවට මම දැක්කේ විමල් අත් බැඳගෙන “මාතෘභූමියට ජයවේවා” කියලා කියනවා!!! ඒකෙ තේරුම ඉතුරු ටික ලියන්න අදහසක් නැහැ කියන එක.

    • Champa Reply

      Pl. delete this comment,

      • Champa Reply

        Godfather මොන කපටියෙක්ද මෙයා තමයි හරිම කපටිය. දේශපාලන කපටිකම් දන්නේ නැහැ. වෙන කපටිකම් දන්නවා. මේකට විතරක් නෙමෙයි වෙන එකකටත් එක්කයි කිව්වේ.

  13. Champa Reply

    සෙසු දේශපාලන පක්ෂ වලට කොන්දක් නැහැ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලෙන් අයින් වෙන්න. මේක තමයි deal-විපක්ෂෙ.

    රනිල්ට මේ වෙනකම් රට පාවලා දෙන්න පුළුවන් වුනේ ඒකාබද්ධ විපක්ෂය ජනතා ද්‍රෝහී වෙලා රනිල්ට උඩ ගෙඩි දුන්න නිසා. 2015 මහින්දටයි අනික් පරඬල් වලටයි පණක් දෙන්න තමයි මුළු රටම එකට හිට ගත්තේ. ඒකට දුන්න තෑග්ග තමයි රණවිරුවෝ හිරේ දාන්න රනිල්ට ඉඩ දුන්නු එක. එහෙම කලේ තමන් බේරෙන්න. ඊළඟට රනිල්ට උදව් කළා එක චන්දයක් නැතුව RTI සම්මත කරගන්න. අද ඒ හින්දා රනිල්ගේ වත්කම් එලිදරව් කරගන්න බැහැ ඒකෙන් වැහිලා ගිහින්. ඊළඟට රනිල්ට හම්බන්තොට විකුණන්න දුන්න, බොරුවට කෑගලා රනිල් එක්ක කලින් කතා කරගත්ත විදියට හම්බන්තොට විවාදේ ගන්න දුන්නේ නැහැ. අන්න දැන් මත්තලයි, ත්‍රිකුණාමලෙයි දෙකත් ඉන්දියාවට දෙන්න යනවලු. ඒවටත් කටවාගෙන ඉඳල 2020 මිනිස්සු ඉස්සරහට එන්න වෙන්න ඇති හිතා ඉන්නේ. තව අවුරුදු දෙකක් ඇතුලත මම මැරුණේ නැත්නම් මේ පාර්ලිමේන්තුවේ එකෙක්ටත් ආයේ පාර්ලිමේන්තු එන්න ඉඩ තියන්නේ නැහැ. මේ රටේ මිනිස්සු මීහරක් කියලා වෙන්නැති හිතා ඉන්නේ. රනිල් කරපු පාවා දීමට වඩා වැඩියි ඒකාබද්ධ විපක්ෂය කරපු පාවාදීම සහ තවම කරගෙන යන පාවා දීම. මේ ආණ්ඩුවට අයින් වෙන්න කියලා මිනිස්සු ඒ විදියටම බල කරලා මෙලහට ඒ වෙනුවට ආණ්ඩුව විදියට පත් වෙන්න හරි හමන් මිනිහෙක් හිට්යා නම්. හරි හමන් විපක්ෂයක් තිබුන නම්. මිනිස්සු කට වහන ඉන්නේ රනිල් කරන දේවල් අනුමත කරන නිසා නෙමෙයි, ඉවසීම නිසාත් නෙමෙයි, මිනිස්සුන්ට මේ ආණ්ඩුව වෙනුවෙට සහයෝගය දෙන්න හරි හමන් කොන්ද පන තියෙන විපක්ෂයක් නැති නිසා. එහෙම විකල්පයක් තිබුන නම් මෙලහට මේ ආණ්ඩුව බලයේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයට බැරි වෙච්ච දේ සහ 2020ත් කරගන්න බැරි වෙන දේ කරන්න මම ලෑස්තියි තනියම. පුළුවන් නම් හැප්පෙන්න එන්න කියන්න.

    ෆෙඩරල් ව්‍යවස්ථාවෙන් පටන් ගත්තහම හම්බන්තොට වාරයත් නැතිවෙලා ඒකාබද්ධ විපක්ෂය මේ වෙනකොට රටට අරන් දීපු කිසි ජයග්‍රහණයක් නැහැ. එළියේ කෑගහනව, උසාවි යනවා, හැබැයි පාර්ලිමේන්තුව ඇතුලේ කරන්නේ තනිකරම රනිල්ට ඕනේ දේ. මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැහැ කියල හිතනවා ඇති. අනිත් එක රවී අයින් කරන එක මම හිතනවා රනිල්ට තමයි වැඩිපුර ඕනේ වුනේ කියල.

    වැඩක් නැහැ මට කාගෙන්වත්. හම්බන්තොට නැතිවුන. ඊළඟට මත්තල. ඊළඟට ත්‍රිකුණාමලය. මේවා මහින්දගේ පෞද්ගලික ධනයෙක් කරපුව නෙමෙයි. හම්බන්තොටට සහ මත්තලට දැනටම බිල්යන් ගණන් නය වාරික ගෙවලා තියෙනවා මහජන ධනයෙන්. එහෙම ගෙව්වටත් පස්සේ ඒවා විකුණන එක අන්තිම දේශද්‍රෝහී රාජද්‍රෝහී වැඩක්. මෙච්චර කල් ගෙවපු සල්ලිත් වතුරේ. ඊළඟ චන්දෙන් උනුයි මුනුයි ඔක්කොම ගෙදර යන්න ඕනේ.

    My heart is broken හම්බන්තොට නැතිවුනාට පස්සේ. පොතේ හැටියට හිත කැඩුනහම ආයේ හැදිලා නැහැ. I have a personal affection and unrestrained love for Hambantota port, not the new port but the centuries old Godavaya sea port and inland port combination, the income of which was made the country self-sustained in the 2nd century.

    මගේ ඔලුව මේ දවස්වල කම්මලක් වගේ. යකාගෙ කම්මල නෙමෙයි දෙවියන්ගෙ කම්මල වගේ. අහල තියෙනවද? නැහැ? 2020 දකින්න සහ අහන්න ලැබෙයි දෙවියන්ගෙ කම්මල කොයි වගේද කියල.

Leave a Reply

*