BREAKING NEWS

‘ආප්ප විප්ලවය’ සමරන්න සතියක් බාල් නටන්න සූදානම් වෙනවා

‘‘ඔබතුමා රටේ නැති අතරේ ආපු ස්පාඤ්ඤ ගායක එන්රික් ඉග්ලේෂියස් ගීත ගයද්දී තරුණියක් වේදිකාවට තනපටයක් විසි කරලා ලොකු කතාබහක් ඇති වුණා. මේ ගැන මොකද කියන්නේ’’ මාධ්‍යවේදීයකු තවත් පැනයක් යොමු කරමින් විමසා සිටියේය.

‘‘අද රටේ බෙදුම්වාදී ව්‍යාපාරය හිස ඔසවනවා. ඒ ගැන කිසිවක් දන්නේ නැති, වෙනත් දැවෙන ප‍්‍රශ්න ගැන කිසිඳු සංවේදී බවක් නොපෙන්වන මේ රටේ නායකයා ඔවුන්ගේ කාලයේ ජෝගී නැටීමක් ගැන අපූරු සංවේදීභාවයක් පෙන්වනවා. එය අපට විමතියට කරුණක්. කොහොම වුණත් මේ ආණ්ඩුව රට අරගෙන යන්නේ සංස්කෘතික පරිහානියේ දිසාවට තමයි. එහි එක්තරා සලකුණක් තමයි ඉහත කී සිදුවීමෙන් පෙනෙන්නේ. විමල් වීරවංශ මහතා පැවසුවේය.

2016-01-03 JNP GOSSIP

‘ආප්ප විප්ලවය’ සමරන්න සතියක් බාල් නටන්න සූදානම් වෙනවා
—————————————————————————
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පුරා මසකට අධික කාලයක් යුරෝපයේ සංචාරයක නියැලී දිවයිනට යළී පැමිණියේ පසුගිය 30 වැනිදාය. ඔහු EK 348 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන විට එදින දහවල් 12.45ට පමණය. මෙම අවස්ථාව ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට ප‍්‍රභූ පර්යන්තය අසලට යාමටවත් ගුවන් තොටුපළ බලධාරීන් ඉඩ දී තිබුණේ නැත. ඒ නිසා මාධ්‍යවේදීන්ට ප‍්‍රභූ පර්යන්තයට ඇතුළු වන මාර්ගය අසල රැඳී සිටීමට සිදු වී තිබිණි.

කෙසේ නමුත් තමන් පිළිගැනීමට පැමිණ සිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ, නියෝජ්‍ය ලේකම්, නීතිඥ කපිල ගමගේ, දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න හා ගම්පහ දිස්ත‍්‍රික් නායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලලන්ත ගුණසේකර යන මහත්වරුන් සමග ප‍්‍රභූ පර්යන්තයට ඇතුළු වන පිවිසුම් මාර්ගය අසලට පැමිණි විමල් වීරවංශ මහතාට මාධ්‍යවේදීහු ඔවුනට සිදු වූ හිරිහැර පිළිබඳව පැවසූහ.‍

‘‘දැන් සමහර ඇමතිවරු ගුවන් තොටුපළට පැමිණෙන විට මාධ්‍යවේදීන්ට ප‍්‍රභූ පර්යන්තය ඇතුළටම යන්න ඉඩ දෙනවා. නමුත් අපි එනකොට ඔබතුමන්ලාව පාරෙන් එළියේ තබනවා. ඒක තමයි දැන් තියෙන යහපාලනයේ අපූරුව, ඉස්තරම්භාවය’’

ඉන්පසුව යුරෝපා සංචාරය පිළිබඳව මාධ්‍යවේදීන් විමල් වීරවංශ මහතාගෙන් විමසා සිටියේය.

‘‘ලංකාව තුළ අපි ජාතික නිදහස් පෙරමුණ ලෙස දේශන මාලාවක් ආරම්භ කරනු ලැබුවා. එමගින් දෙමුහුන් උසාවිය පිළිබඳවත් රණවිරුවන් දංගෙඩියට දැක්කවීම හා රට බෙදී යාමේ දිශාවට ඇදගෙන යාම පිළිබඳවත් ජාතියට අනතුරු හැගවීමක් සිදු කරනු ලැබුවා.

යුරෝපයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම පරිදි රටවල් 07කදී ඉහත කී දේශන 14කට අධික ප‍්‍රමාණයක් මේ කාලය තුළ පැවැත්වූවා. ඒවාට අතිවිශාල උද්යෝගීමත් සහභාගීත්වයක් දක්නට ලැබුණා. ඔවුන් ඉතාමත් උනන්දුවෙන් සිටිනවා, තම මව්බිම තුළ සිදු වන දේ තේරුම් ගන්න. ඒ වගේම ඔවුන් දැඩි අධිෂ්ඨානයක සිටිනවා, මේ අනතුරුදායක තත්ත්වය පරාජය කිරීම සඳහා රටින් බැහැරව සිටියත් තම යුතුකම හා වගකීම ඉටු කිරීමට.’’

‘‘මේ ආණ්ඩුව යන ගමන ගැන ඔබතුමා මොකද කියන්නේ?’’ මාධ්‍යවේදියකු ඉන් අනතුරුව විමසා සිටියේය.

‘‘අල්පේච්ඡතාව සහ සරලකම ගැන කතා කරපු මේ ආණ්ඩුව, ජනවාරි 08 වැනිදා ‘ආප්ප විප්ලවය’ සමරන්න සතියක් පුරා බාල් නටන්න සූදානම් වෙනවා. ඒකෙන්ම පෙනෙනවා මේ ආණ්ඩුවේ බංකොළොත්කම. රණවිරුවන් මාතෘභූමියට දිනා දුන් ජයග‍්‍රහණය සැමරීම නතර කරපු මේ ආණ්ඩුව ජනවාරි 08 වැනිදා සිදු කරනු ලැබූ ‘ආප්ප විප්ලවය’ සමරන්න විශාල ජනතා මුදල් ප‍්‍රමාණයක් විනාශ කරමින් සිටිනවා. ඒ වගේම ජනතාවගේ ඇස්වලට වැලි ගසමින් සුද්දන්ගේ උසාවිය සහ රණවිරුවන් දංගෙඩියට දැක්කවීම පිළිබඳ ජනතා අවධානය වෙනත් පැතිවලට හරවන්නත් මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. මාස 10ක් වැනි කෙටි කාලයක් තුළ මේ තරම් ජනතා අප‍්‍රසාදයට පත් වූ ආණ්ඩුවක් ලංකා ඉතිහාසය තුළ නිර්මාණය වී නැහැ.

විමල් වීරවංශ ඊට පිළිතුරු දෙමින් පැවසීය

‘‘ඔබතුමා රටේ නැති අතරේ ආපු ස්පාඤ්ඤ ගායක එන්රික් ඉග්ලේෂියස් ගීත ගයද්දී තරුණියක් වේදිකාවට තනපටයක් විසි කරලා ලොකු කතාබහක් ඇති වුණා. මේ ගැන මොකද කියන්නේ’’ මාධ්‍යවේදීයකු තවත් පැනයක් යොමු කරමින් විමසා සිටියේය.

‘‘අද රටේ බෙදුම්වාදී ව්‍යාපාරය හිස ඔසවනවා. ඒ ගැන කිසිවක් දන්නේ නැති, වෙනත් දැවෙන ප‍්‍රශ්න ගැන කිසිඳු සංවේදී බවක් නොපෙන්වන මේ රටේ නායකයා ඔවුන්ගේ කාලයේ ජෝගී නැටීමක් ගැන අපූරු සංවේදීභාවයක් පෙන්වනවා. එය අපට විමතියට කරුණක්. කොහොම වුණත් මේ ආණ්ඩුව රට අරගෙන යන්නේ සංස්කෘතික පරිහානියේ දිසාවට තමයි. එහි එක්තරා සලකුණක් තමයි ඉහත කී සිදුවීමෙන් පෙනෙන්නේ. විමල් වීරවංශ මහතා පැවසුවේය.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*