BREAKING NEWS

69 නිදහස් දිනය උදා වන්නේ සැබෑ විපක්‍ෂයේ දේශපාලන නිදහස ද උදුරාගත් මොහොතකයි!

69 නිදහස් දිනය උදා වන්නේ සැබෑ විපක්‍ෂයේ දේශපාලන නිදහස ද උදුරාගත් මොහොතකයි!

මීට වසර 69කට පෙර අප මාතෘභූමිය බ්‍රිතාන්‍ය යටත්විජිත වියගසින් මිදෙමින් ලැබූ නිදහසද අහිමි කරවන පාලනයක් අද දවසේ පාලන බලය හෙබවීම ඉතා කණගාටුදායක තත්වයකි. අප 1948දී නාමමාත්‍රික නිදහසක් ලැබුවේ ඒකීය ස්වෛරී රටක් ලෙසය. අද එම තත්වය අහිමි කරවීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ජාතියට හොර රහසේම ලියැවෙමින් තිබේ. එට්කා ගිවිසුම හරහා මෙරට සේවා ආර්ථිකය ඉන්දියානුවන්ට සම්පූර්ණ විවෘත වන්නේද මේ වසරේදීය.

එතැනින් නතර නොවී මාතෘභූමියෙත් එහි වෙසෙන ජනතාවගේත් අයිතීන් උදුරු ගැනෙන ඔවුනට උන්හිටිතැන් අහිමි කරවන මේ ආණ්ඩුවේ ඉහත කී ක්‍රියාදාමයන්ට එරෙහිව සටන් වැදීමේ නිදහසද අද වන විට ඉතා නින්දිත ලෙස උදුරුගෙන තිබේ.

අද ආණ්ඩුවට එරෙහිව සටන් වදින, සැබෑ විපක්‍ෂයේ දේශපාලනඥයන්ට හිමිවෙමින් ඇත්තේ සිරගෙයයි. වෘත්තීය අරගලයන්හි නිරත වෘත්තීය සමිති නායකයන් අද පැහැර ගන්නේ කළු වෑන්වලිනි. නිදහස් අධ්‍යාපන අයිතිය රැකගැනීමට පාරට බට සරසවි සිසුන්ට නිදහස වෙනුවට හිමිව ඇත්තේ කඳුළු ගෑස්, ජල ප්‍රහාර හා රබර් උණ්ඩයයි.
දිනූ නිදහසත්, ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා ගන්නා මෙවැනි පාලනයක් අවසන් කළ යුතු බවට වන තිර අදිටන මේ මාතෘභූමියේ සුජාත දූ පුතුන් විසින් ඇතිකර ගත යුතු හොඳම දිනය අද නොවන්නේද?

විමල් වීරවංශ (පා.ම.)
නායක
ජාතික නිදහස් පෙරමුණ
2017.02.04

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*