BREAKING NEWS

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය නීතියට මෙන්ම මහා සංඝරත්නයේ අවවාදයට, අනුශාසනාවට පටහැනි ඒකාධිපති ක්‍රියාදාමයක්

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය නීතියට මෙන්ම මහා සංඝරත්නයේ අවවාදයට, අනුශාසනාවට පටහැනි ඒකාධිපති ක්‍රියාදාමයක්
– ජානිපෙ නායක විමල් වීරවංශ

සිදු වෙමින් පවතින ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය නීතිවිරෝධී මෙන්ම මහා සංඝරත්නයේ අවවාදයට, අනුශාසනාවට පටහැනි ඒකාධිපති ක්‍රියාදාමයක් බැවින් දැන්වත් එය නතර කර දමන ලෙස ආණ්ඩුවෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

අද (01) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“මේ වන විට දෙමළ ඩයස්පෝරාව විසින් පවත්වා ගෙන යනු ලබන ටැමිල්නෙට් වෙබ් අඩවිය විසින් පළ කළ ප්‍රවෘත්ති වාර්තාවක් මේ මොහොතේ ඔබේ අවදානයට ලක් කරවීමට අපි කැමතියි. ‘Singapore Principles of 2013: Tamil polity taken for ride from Oslo to Singapore’ යන ශීර්ෂය යටතේ තමයි එම ප්‍රවෘත්ති වාර්තාව පළ කර තිබුණේ. එහි සඳහන් වෙනවා ‘2013 දී සිංගප්පූරුවේ දී ගෝලීය දෙමළ සංසඳ නායකයන් (GTF‍) හා මංගල සමරවීර, සුමන්තිරන්, ජයම්පති වික්‍රමරත්න, තමිල් මාරන් (කොළඹ නීති පීඨයේ පීඨාධිපති) ඇතුළු පිරිසක් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. එහි දී මංගල සමරවීර මහින්ද රාජපක්‍ෂ පාලනය එළවා දැමීමට ගෝලීය දෙමළ සංසඳ නායකයන්ගෙන් හිඟන්නෙක් වගේ උදව් ඉල්ලා සිටියා. එතැනදී පහත සඳහන් කරුණු 10ට අදාළ ව්‍යවස්ථා වෙනසකට දෙපාර්ශ්වය එකඟ වුණා’ කියා.

‘මංගල හිඟන්නෙකු සේ එකඟ වූ කරුණු 10’

මම ඒ කරුණුවල සිංහල පරිවර්තනය ඔබට ඉදිරිපත් කරන්නම්. ‘රජයේ ස්වභාවය විස්තර කිරීමේදී වඩාත් වැදගත් වන්නේ භාවිතා කරන ලේබලය නොව අන්තර්ගතයයි’ යන්න එහි සඳහන්. ඒ කියන්නේ ‘ඒකීය යන ලේබලය තිබුණාට කමක් නැහැ. අභ්‍යන්තරයෙන් රට බෙදී තිබිය යුතුයි’ යන්නයි. ඊළඟ කරුණ තමයි, ‘ජනතාවගේ ස්වාධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය හා ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය මූලික ව්‍යවස්ථාපිත මූලධර්ම හා සාරධර්මවලට ඇතුළත් විය යුතුය’ යන්න. ‘බලය බෙදීම සිදු විය යුත්තේ නොබෙදුනු රටක් තුළ ස්වයං තීරණ අයිතිය හා පොදු අයිතීන් පිළිගනිමිනි’ යන්න තවත් කරුණක්. ස්වයං තීරණ අයිතිය කියන්නේ වෙන් වී යාමේ අයිතියට. ඒ එකඟතාව අනුව බලය බෙදිය යුත්තේ වෙන් වී යාමේ අයිතිය පිළිගනිමිනුයි. මෙවැනි කරුණු 10ක් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට එකඟ වෙමින් තමයි දකුණු අප්‍රිකාව සහ යුරෝපා රටවල අනුග්‍රහයෙන් පැවැති සිංගප්පූරු සාකච්ඡා අවසන් වුණේ කියලයි එම ටැමිල්නෙට් ප්‍රවෘත්ති වාර්තාව අනාවරණය කරන්නේ.

ව්‍යවස්ථා ක්‍රියාදාමයෙන් ගොඩනැගෙන්නේ සන්ධීය රාජ්‍යයක්!

මේ දිනවල සාකච්ඡාවට ගැනෙන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත හොඳින් අධ්‍යයනය කළාම ඉතාම පැහැදිලිව පෙනෙනවා, ඉහත ප්‍රවෘත්තිය අනාවරණය කළ සිංගප්පූරු මූලධර්ම 10 අනුව මෙම අතුරු වාර්තා කෙටුම්පත සැකසී ඇති බව. මේ අතුරු වාර්තා කෙටුම්පතෙහි නිර්දේශ අනුව ගොඩනැගෙන රාජ්‍යය හරයෙන් සන්ධීය රාජ්‍යයක්. නමින් පමණක් ‘ඒකීය‘ කියන වචනය පටලවා තිබෙනවා.

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය නීතිවිරෝධී ක්‍රියාවලියක්. ඒ බව කියන්නේ අපි නොවෙයි, දැනට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හිටපු බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍යවරයා වූ, නීතිය පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වූ, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මැතිතුමා. විජයදාස රාජපක්ෂ මැතිතුමා පෙන්වා දී තිබෙනවා, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ව්‍යවස්ථා විරෝධියි. මුල පටන්ම බල ශූන්‍යයි’ කියා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මේ රටේ දැනට බලපවත්වන මූලික නීතිය. ඒක වෙනස් කරනවා නම් කළ හැක්කේ පවතින ව්‍යවස්ථාවෙන් දී ඇති ප්‍රතිපාදන අනුවයි. විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉතා පැහැදිලිව පෙන්වා දෙනවා, ‘1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට මෙහෙයුම් කමිටු හදන්නවත් පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරන්නවත් ප්‍රතිපාදන සලසා නැහැ. එසේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලස්වා නොමැති ක්‍රමවේදයකට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න යෑම නීත්‍යනුකූල නැහැ. ඒ නිසා දැන් සිදුවෙමින් පවතින්නේ නීතිවිරෝධී ක්‍රියාවලියක්’ කියා.

2015 ජනවාරි 08 වැනිදා බලපෙරළියට උපරිමයෙන් කර ගහපු ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා දැන් කියනවා, ‘රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන ක්‍රියාවලිය නීති විරෝධියි’ කියා. එසේ නම් අපි ඉල්ලනවා මේ ව්‍යවස්ථා ක්‍රියාදාමයට අත් උදව් දෙන පිරිස්වලින් ‘වහාම මේ නීතිවිරෝධී ක්‍රියාදාමයට උදව් දීමෙන් වළකින්න’ කියා. මේ නව ව්‍යවස්ථා කෙටුම්පතට පක්ෂ ද විපක්ෂ ද යන්න කෙසේ වුවත් මේ නීතිවිරෝධී ක්‍රියාදාමයට කිසිවෙකුත් අනුබල නොදිය යුතුයි. එම නීතිවිරෝධී ක්‍රියාදාමයට අනුබල දුන්නොත් ඒ හරහා උපත ලබන බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට දායක වුණා වෙනවා. ඒක සහගහන අපරාධයක්.

ඒකාධිපති ක්‍රියාදාමයක්

අද වන විට විජයදාස රාජපක්ෂ ජනාධිපති නීතිඥතුමා පෙන්වා දී තිබෙනවා, ‘මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය නීතිවිරෝධියි’ කියා. ඒ වගේම මහ නාහිමිවරු ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙන්වා දී තිබෙනවා, ‘මේ ගැටළුකාරී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය නතර කරන්න’ කියා. ඒ නිසා මෙවැනි ක්‍රියාදාමයන් ඉදිරියට රැගෙන යන්නේ කෙසේ ද? නීතියටත් පටහැනි, මහා සංඝරත්නයේ උපදේශයට, අවවාදයට, අනුශාසනයට පටහැනි, ඒකාධිපති ස්වරූපයේ ක්‍රියාදාමයක් තමයි මේ අරගෙන යන්නේ. මේ ක්‍රියාදාමයට උඩගෙඩි දෙන, අත්වැල් ගායනා සපයන කිසිවෙකුටත් මේ පාපකර්මයෙන් ගැලවෙන්න බැහැ. ඒ නිසා අපි ඉතාමත් ඕනෑකමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ ක්‍රියාදාමය දැන්වත් නතර කරන්න කියලා.

‘ආණ්ඩු පක්ෂයේ තවත් පිරිසක්…’

මේ ව්‍යවස්ථා කෙටුම්පත කරේ තබා ගෙන යන අය දෙස බලන්න. මේ අය බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය ජය ගන්නා තෙක් බලා සිටි අය. ප්‍රභාකරන්ට යුද්ධයෙන් කරන්න බැරි වුණු දෙයයි මේ ව්‍යවස්ථා කෙටුම්පතින් කරන්න යන්නේ. මේ ආණ්ඩුවේ ඉන්නවා නම් මේ රටට, ජාතියට අබමල් රොනක හෝ ආදරයක් ඇති කෙනෙක් ඊට එරෙහිව පුරෝගාමීව නැගී සිටින්න කියා, අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි විජයදාස රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලනවා, ‘තමුන්නාන්සෙ නීතිවිරෝධියි කියන ක්‍රියාදාමයට එරෙහිව නැගී සිටීම සඳහා ආණ්ඩු පක්ෂයේ තවත් පිරිසක් එකතු කර ගැනීමට ක්‍රියාමාර්ග තෝරන්න‘ කියා.”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර, ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් යන මහත්වරු ද එක් ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-11-01

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    I like this speech very much and what you said afterwards. Shall write a comment later.

  2. Champa Reply

    ආණ්ඩුව, රනිල් මෛත්‍රී හැමෝම බලයට ආවේ රට කොටියට පාවලා දීල. බෙදුම්වාදීන්ට පාවලා දීල. ජාත්‍යන්තරයට පාවලා දීල. ඕක කොච්චර වහන්න හැදුවත් ඒගොල්ලන්ට වහන්න බැහැ. දැන් මේ කරන්නේ ඊළඟ චන්දෙ බලාගෙන. දෙමල චන්ද ලක්ෂ 5කට පුළුවන් නම් රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න, පාර්ලිමේන්තුවක් ජනාධිපතිවරයෙක් අධිකරණයක් මේ රටට මොකොටද? දකක්ද, එරාන් කිව්වා දෙමල අගමැති කෙනෙක් ඕනෙලු. Seat 16ක් තියෙන ජාතිවාදී බෙදුම්වාදී ප්‍රාදේශීය සුළුතර පක්ෂයකින් රටේ අගමැති පත් වෙන්න නම්, රටේ ඉතුරු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සමතලා කරලා හෝදලා දාන්න ඕනේ. මුන්ට නම් අමු කැවිලා. ඇත්තමයි. දෙකේ පන්තියේ ළමයෙක්ටත් තේරෙනව ඒ කතාව තනිකරම ප්‍රජාතන්ත්‍ර විරෝධී කියල. අගමැති දෙමළ වෙන්න නම්, තමන්ගෙ පක්ෂෙන් මුළු රටටම තරඟ කරලා පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන්න ඕනේ.

    සර්ව පාක්ෂික සමුළුව ගැන කියන විමල්ගේ කෙලින් කතාවට සම්පූර්ණයෙන්ම එකඟයි.

    • Champa Reply

      I should have written more, but my energy is at the lowest ebb today.

      අනේ විමල්, how long are we going to live in crippling anxiety and emotional apprehension about the future of our country like this?

      ඔයාගෙ ඇස් ඉදිමිලා තියෙන්නේ, නිදි මරන්න ඇති නේද ගොඩක් මේ දවස් වල? මට ඔයා ගැන ගොඩක් දුක හිතෙනවා විමල්.

      ඔයා මේ Centre-periphery Relations Committee Report එක ගැන කිව්වේ 2016 ජුනි වල ඉඳන්. ඊටත් කලින් ඉඳන් ඔයා රට පුරා ගිහින් මිනිස්සුන්ව දැනුවත් කළා. හුඟක් දැනුම් තේරුම් තියෙන මිනිස්සුත් ව්‍යවස්ථාවෙන් කරන්න හදන දේ ගැන හරි අවබෝධයක් ලැබුවේ ඔයාගේ කතා වලින්. හැබැයි Constitutional Assembly එකට මුල ඉඳන්ම එකතු වෙලා රට පාවා දුන්නේ ඔයා හිටපු ඒකාබද්ධ විපක්ෂය. අර බන්දුල මේකේ මූල්‍ය අනු කමිටුවේ සභාපති කියලා මම දැන ගත්තේ දවස් තුනකට විතර ඉස්සෙල්ල. මම ආපහු ආපහු කියනව රනිල්ට කවදාවත් මේ වගේ ව්‍යවස්ථාවක් ගේන්න බැහැ මහින්දයි, අර ඒකාබද්ධ විපක්ෂේ ඉන්න නරි රැලයි රට පාවා නොදෙන්න. මහින්දානන්ද කියනව උතුරට බලය බෙදීමක් ඕනෙලු. මුන් මේවා 2015 අගෝස්තු චන්දෙ ගන්න එනකොට කිව්වේ නැහැනේ. අනිත් එක 1987 ඉඳන් මේ රටේ බලය බෙදලා දීල තියෙන්නේ කියල මේ මෝඩ වාහෙලා දන්නේ නැත්ද? පොලිස් බලයයි ඉඩම් බලයයි නැති කම නිසාද ප්‍රශ්න විසඳන්න බැරි වුනේ? ඉඩම් බලය දුන්නු ගමන් boundary ලකුණු කරල තාප්පයක් බඳිනවා කාශ්මීරේ වගේ. ගේට්ටුවක් දානවා. පොලිස් බලය තියෙන නිසා Border Service එකක් හදනව. කොහොමද නවත්තනේ? මීට පස්සේ නම් මේ වගේ මැටි පෝච්චි වලට චන්දෙ දෙන්න එපා කියලා මිනිස්සුන්ට කියන්න ඕනේ. අර අනුර කියනව ව්‍යවස්ථාවෙන් සෑම ආගමකටම සම අයිතිය දෙන්න ඕනෙලු. මේ කියන්නේ හරියට මේ රටේ කවදාවත් එහෙම අයිතියක් අන්‍ය ජාතීන්ට තිබුනේ නැහැ වගේ. මේ රටේ තියෙන්නේ පන්සල් විතරයි, පල්ලි කෝවිල් මුකුත් නැහැ, ඒ නිසා රට පුරා ඒවා හදලා අන්‍ය ආගමිකයන්ට බෞද්ධයන්ට වගේ ආගම අදහන්න සම අයිතියක් දෙන්න ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ කියල. අපේ රට ගැන නොදන්නා මිනිහෙක් මේවා ඇහුවොත් හිතන්නේ සිංහල බෞද්ධයෝ කියන්නේ මහා නරුම ජාතියක්, බුද්ධාගම අදහන්න විතරයි ලංකාවේ නිදහස් තියෙන්නේ, අනිත් කිසි ආගමක් අදහන්න දෙන්නේ නැහැ, ඒ හින්ද අන්‍ය ආගමිකයන් සම අයිතිය ඉල්ලලා කරන සටන සාධාරණයි කියලා. JVP එක තනිකරම අන්තිම අසාධාරණ, අගතිගාමී ප්‍රතිරූපයක් මවනව බෞද්ධයන් ගැන.

      සිංහල මිනිස්සු හුඟක් භය වෙලා, හුඟක් හිතේ අමාරුවෙන් ඉන්නවා ඇති මොකක්ද මේ වෙන්න යන්නේ කියල. මීට ඉස්සෙල්ලත් මම මේක කියලා තියෙනව, MR/JO හිතන්නේ ෆෙඩරල් දීලා හරි රට පාවලා දීල හරි කමක් නැහැ, සිරිසේනව අයින් කර ගන්න ලැබෙනවා නම්. මේ වගේ මිනිස්සු මොකොට මේ රටේ ඉපදුනාද? 2015 අගෝස්තු ඔයා අච්චර උගුර ලේ රහ වෙනතුරු වල කෑගහල, නිදි මරාගෙන වැඩ කරල, මුළු රටෙම මිනිස්සු එකට එකතු කරලත් චන්දෙ දින ගන්න බැරි වුනේ, රටම ඉල්ලපු විදියට මහින්ද අලුත් පක්ෂේකින් ඉල්ලුව නැති නිසා මිසක් ඔයාගේ වරදක් අඩු පාඩුවක් නිසා නෙමෙයි. අදත් එහෙමයි. ඔයාට මේක නවත්තගන්න බැරි වුනේ ඔයා හිටපු ඒකාබද්ධ විපක්ෂෙටයි මහින්දටයි රටට වඩා තමන්ට ඉක්මනින් බලයට එන්න මාර්ගයක් හදා ගන්න ඕනේ වුන නිසා. හැබැයි 2015 අගෝස්තු මහින්ද පැරදුනේ රටේ ඉරණම ඒක නිසා. මේ තරම් දේවල් කරලත් රනිලුයි සිරිසේනයි තාම බලයේ ඉන්නේ එහෙම නොවුනොත් එතනට එන්නේ මහින්ද නිසා. වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. ලංකාවේ ඉරණම තීරණය කරන අදෘශ්‍යමාන බලවේගයක් තියෙනව. රටේ නායකත්වයට වෙන කවුරු හරි හිටිය නම් මේ සියල්ල වෙනස් වෙලා එහෙනම්. අපිට මේ වගේ හිතේ අමාරුවෙන් ඉන්න වෙන්නේ නැහැ. මම එහෙම කියල හිත හද ගන්නවා, දැනට. හැබැයි, මම මොනවම හරි කරනවා අනාගතේ. මොන හේතුවක් නිසාවත් රට විනාශ වෙන්න දෙන්නේ නැහැ. ආයේ මුන්ගේ අතට නම් රට යන්න දෙන්නේ නැහැ. මට හිතෙන්නෙම ඒ කාලෙට කවුරු හරි ඉදිරියට එයි, හිතන්නේ නැති කෙනෙක් සමහර විට. දැන්ම හිතා ගන්න අමාරුයි. සමහර විට හාමුදුරු කෙනෙක්. ඇත්තටම විමල් 45/50 දශක වල උපන් දේශපාලකයෝ විශ්‍රාම ගිහින් රටේ අනාගතය ඊළඟ පරපුරට 55/60 එහෙම නැත්නම් ඊළඟ පරපුරට 65/70 බාර දෙන්න ඕනේ. අපිට රට ගැන තියෙන ආදරෙන්වත්, අපිට තියෙන දැක්මෙන්වත් අඩු ගානේ 1%ක් වත් මේ 45/50 පරම්පරාවට නැත්තේ මොකොද?

  3. Champa Reply

    විමල්, ආපහු අර 2015 මුල කාලේ සිද්ධ වුනා වගේ, මිනිස්සු උල් ඇනිලා මැරෙන්න පටන් අරන්ලු. කෙනෙක් කියල එව්වා ‘අද’ කියන පත්තරේ සතියකට බලන්න එපා කියල. හරිම අස්වාභාවිකයි මේ දවස්වල මිනිස්සු මැරෙන විදිය නේද? දේව කෝපෙ අහිංසක මිනිස්සු පිටින් යනව. පව් මිනිස්සු. පොඩි දරුවන්ටත් වෙඩි තියන නරුමයෝ ඉන්න රටක්. සම්පූරණ සමාජ ශෝධනයක් මේ රටේ වෙන්න ඕනේ. කතරගම යන්න ලැබුන නම් මම භාරයක් ගැට ගහනව, මිනිස්සු මැරෙන එක නවතින්න කියලා.

  4. Champa Reply

    කෙනෙක් මට එවල තියෙනවා MR කිව්වා කියලා ජනමත විචාරණයේදී නිදහසේ චන්දෙ දෙන්න ඉඩ දෙන්න ඕනේ කියලා මිනිස්සුන්ට. බලන්න ජනමත විචාරනයකදී දෙන චන්ද වලින් උතුරු නැගෙනහිර චන්ද වෙන් කරලා අරන් ජාත්‍යන්තරයට ගිහින් වෙනම රටක් ඉල්ලන එක ව්‍යවස්ථාවෙන් ගන්නවට වඩා ලේසි බව දැන දැනම ජනමත විචාරනෙට උඩගෙඩි දෙනවා. විග්නේශ්වරන්ටයි සුමන්තිරන්ටයි සම්පන්දටයි ඕනේ ව්‍යවස්ථාව නෙමෙයි ජනමත විචාරණේ. මොකොද UN එක සම්බන්ධ කර ගන්න නැතුව වෙනම රටක් විදියට declare කරගන්න බැහැ. නිකම් මනුෂ්‍යයෙක් නම් හිතන්න පුළුවන් නොදන්නකමට කියනව කියල. ෂික් මමත් මේ වගේ මිනිහෙක්ට 2015 අගෝස්තු උදව් කළානේ. රනිල්ට වඩා රාජපක්ෂලටයි තියෙන්නේ deal එක TNA එක්ක. ඇත්තමයි රට දෙමළට පාවලා දෙන්න හැදුවොත් ගහනව …… දේවාලේ පොල් ගෙඩියක් ඊට ඉස්සෙල්ල මැරියන් කියල.

  5. Champa Reply

    මම නම් අන්තිම විරුද්ධයි LG චන්දෙ තියන එකට. LG එකේ සභිකයෝ 4000ස් ගානක් ඉඳන් 8000ස් ගානක් වෙනකම් වැඩි කරලා. හත් දෙයියනේ මිනිස්සු කොහොමද මේ තරම් ගානක් නඩත්තු කරන්නේ. අහිංසක මිනිස්සුන්ට රස්සවලුත් නැහැ, කන්නත් නැහැ, සමහරු ජීවත් වෙන්නේ පඩි පතෙන් පඩි පතට. බඩු මිල අහස උසට, ඒ මදිවට, ආණ්ඩුව අලුත් බදු ගහල, දඩ වැඩි කරලා, රජයේ ගාස්තු වැඩි කරලා, සේවා ගාස්තු වැඩි කරලා. මිනිස්සුන්ට ජීවත් වෙන්නවත් හම්බ කරන මුදල මදි කොට, ණයත් වෙලා ජීවත් වෙනවා මදිවට තව 8000ස් ගානක් අළුත් දේශපාලකයන්වත් නඩත්තු කරන්න වෙනවා. අනික උනුත් මුනුන් වගේ වාහන ඉල්ලන්නත් ඉඩ තියෙනව. මිනිස්සු දැන් දේශපාලනේට එන්නේ හම්බ කරන්න විතරයි. ඒ මදිවට, අර UNP & SLPP හොර set දෙක, සල්ලි වීසි කරලා චන්ද අරන් පරණ තෙම්පරාදු වෙච්ච, දූෂිත මිනිස්සුම ආපහු අරන් එයි. මට කැමති අළුත් මූණු එනවනම්. පැහැදිලිවම පේන දේ මිනිස්සු ඉල්ලන්නේ නැහැ පළාත් පාලන චන්දෙ තියන්න කියලා. මිනිස්සු දන්නවා ඊට පස්සේ බඩු මිල තවත් ඉහල ගිහින් ජීවන වියදම දරා ගන්න බැරි වෙනවා කියල. මේ චන්දෙ ඉල්ලන්නේ දේශපාලකයෝ විතරයි. අවුරුදු තුනක් මිනිස්සු පළාත් පාලන ආයතන නැතුව හිටිය.

    Sorry, sweetheart, මම දන්නවා ඔයා මගෙත් එක්ක තරහා වෙනවා මේකට. මම දන්නවා ඔයාගේ පක්ෂෙ හිටිය 70ක්ද 80ක්ද කොහෙද පළාත් පාලන ආයතන වල. ඔයා පක්ෂ නායකයෙක් හැටියට චන්දයක් තියන්න කියල ඉල්ලනවා. ඒ වුනාට පළාත් පාලන සභිකයන්ගේ සංඛ්‍යාව දෙගුණයක් කරලා මේ හදන්නේ අහිංසක මිනිස්සු පිටට තවත් කොහෙත්ම දරා ගන්න බැරි බරක් පටවන්න. මට ඒකට එකඟ වෙන්න බැහැ. ඔයාගේ පළාත් පාලන සභිකයන් හැමෝම හොඳයි ඊළඟ පාර්ලිමේන්තුවට තරඟ කරන්න. මං නිකම් කිව්වේ.

  6. Champa Reply

    Godfather මොකක්ද කිව්වේ meeting එකේදී, මාව රවටගෙන ඔහොම තියාගන්න කිව්වද? 😀 😀 😀 මට පුළුවන් හම්බන්තොට ඉඳන් නුවර එන්න ඇස් වහගෙන ගහක ගලක නොවැදී. මෝඩ රාජපක්ෂලා දන්නේ නැහැ ඒගොල්ලන්ට වෙනදේ. ඇස් නිලංකාර වෙයි දවසක ඔයාගෙ godfatherගෙ.

  7. Champa Reply

    විමල් අන්න එපාර හැමෝටම පහර ගහල දැන් බෙල්ලන්විල හාමුදුරුවෝ අල්ලාගෙන. හාමුදුරුවන්ට පහර ගහනව. පාක්‍යසෝති දැන් සන්තුවරයට අඳින්න යනව. ඊයේ ඉපදිච්ච දරුවෙක් නොවෙන්න ලංකාවම දන්නවා පාක්‍යසෝති කියන්නේ කවුද කියලා. බෙල්ලන්විල හාමුදුරුවෝ ව්‍යවස්ථාවට විරුද්ධ නිසා කියන්න ඇති හාමුදුරුවන්ට පහර ගහන්න කියලා. රනිලුයි ආණ්ඩුවයි උඩින් ලොකුවට පෙන්වනවා බුද්ධාගමට වැඩ කරනවා කියල හැබැයි යටින් ඉතිහාසයේ කවමදාකවත් නොතිබුණු විදියට හාමුදුරුවරුන්ට සහ බුද්ධාගමට, දළදා මාලිගාවට, පහර ගහනව. ජනාධිපතිතුමා ලජ්ජා වෙන්න ඕනේ මේවා මෙහෙම වෙන්න ඉඩ දීල බලා හිටියට. මේ පහර ගැහීම් නවත්තන්න කියලා රනිල්ට කියන්න ජනාධිපතිතුමාට කොන්දක් නැහැ. විමල් ඔයා විතරයි හරියට හාමුදුරුවරු වෙනුවෙනුයි බුද්ධාගම වෙනුවනුයි කතා කරන්නේ. කතා කලේ. බෙල්ලන්විල හාමුදුරුවෝ වෙනුවෙනුත් කතා කරන්න, මෙහෙම පහර ගැහැව්වහම ඒ එක්කම කියන්න තියෙන දේ කියන්න ඕනේ. පහු වෙලා කියල වැඩක් නැහැ.

  8. Champa Reply

    හොරු ඔක්කොම ඇප හම්බ වෙලා ගෙදර යනව. ඔයාට තමයි ඉන්න වුනේ. මිලියන 600ක් අයථා විදියට පාවිච්චි කරපු මිනිස්සු බරපතල වැඩ ඇතුව සැපට ගෙදර ඉන්නවා. දාපු appeal එකට දිනයක් වත් නියම වුනේ නැහැ. පොඩි මිනිස්සු ඔක්කොම හිරේ යනව. ඔන්න ලංකාවේ අධිකරණය. සුපිරි පන්තියට එක නීතියක් සාමාන්‍ය පන්තියට එක නීතියක්. එකම නඩුකාරයා පංතිය බලල දෙවිදියක නඩු තීන්දු දෙනවා.

    පොඩ්ඩක් analyse කරල බලන්න රටේ සිද්ධ වෙන අනතුරු හරිම අස්වාභාවිකයි. මිනිස්සු මැරෙන්නෙ ගෝනි ගණන්.

    ඊළඟ ජනාධිපතිවරණෙට රාජපක්ෂලා දාන්නේ ගෝඨාභය නෙමෙයි. මං හිතන්නේ මම දන්නවා දාන්නේ කවුද කියලා. රාජපක්ෂලා හිතනවා වශී ගුරුකමකින් චන්දෙ දිනා ගන්න පුළුවන් කියලා. මට හිනා යනව. මිනිස්සු වශී කරගත්තට දෙවියන්ව වශී කරගන්න බැහැනේ. එක්කෝ ඊට කලින් ගුරා මැරෙනවා නැත්නම් අර ඒගොල්ලෝ යුද්ධෙ කාලේ මහා ඉහලින් ඇදහුව කතරගම දෙවියෝ මිනිස් වේශයකින් පොලොවට බැහැල රාජපක්ෂලාට විරුද්ධව තරඟ කරන්න හිතුවොත් එහෙම පවු වැඩේ, නේද? 😀 😀 😀 ඔක්කොම වශී ඉවරයි. 2020 අනිවාර්යයෙන්ම රටේ වෙනසක් වෙනවා. රටට හිමිකාරයෙක් ඉන්නවා. මේ ගත වෙන්නේ ලංකාවේ නරක කාලේ අන්තිම ටික. මට පේන කියන්න බැහැ. ඒ වුනාට මට එහෙම හිතෙනවා. මම හිතන්නේ කවුරුවත් තාම කියල නැහැ 2020 ලංකාවට තීරණාත්මක වර්ෂයක් කියලා. අලුත් පටන්ගැම්මක් සිද්ධම වෙනවා. රාජපක්ෂල ඉතිහාසෙට එකතු වෙනව. රාජපක්ෂලා මිනිස්සුන්ව අල්ලන් ඉන්නේ යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් වශී වලින්. ඔයත් වශී වෙලා. කොච්චර කලත් ඒ පැත්තටමයි ඇදිලා යන්නේ. චික් මට දෙයියොත් වශී කරගන්න පුළුවන්, වීරවංශව වශී කරගන්න බැහැනේ. අනිත් පාර ඔයා මහින්දව බලන්න යනකොට මගෙ ගානේ එයාට හොඳ තර ඌරෙක්ගෙ ගාතයක් අරන් යන්න හොඳද. කවුද දුන්නේ ඇහුවොත් මහසෝනා දුන්න කියන්න.

  9. Champa Reply

    Hey babesChampa, I would like to listen to your full speech at Wallesmulla. Can you post the video pl. What is that thing behind you in the background? I haven’t seen it before.

    • Champa Reply

      Excuse me. Pl ignore my name in the middle.

  10. Champa Reply

    ඔයා හරිම දඩබ්බර රණ්ඩු කෙක්කක් විමල්. ඒ වුනාට මම කැමතියි ඔයා එහෙම පාර්ලිමේන්තුවේ රණ්ඩු කරන එකට. පාර්ලිමේන්තුවේ රණ්ඩු කරලා රණ්ඩු කරලා ඔයා ජනතා ප්‍රශ්න වලට උත්තර ඉල්ලනවා. නිකම් හිටියොත් ඇම්බැට්ට යහපාලකයෝ නිකම්ම ඉඳියි. ඒ හින්දා ඔයා උත්තර ඉල්ලලා කෑගනවා. බලන්න පෙට්‍රල් නැතුව ගෙවල් වල තියෙන හරි මඟ නැවතිලා තියෙන වාහන වලට බෝතල් වලට හරි
    බූලි වලට පෙට්‍රල් අරන් යන්න දෙන්න ඕනේ. ආණ්ඩුවට පුළුවන් ක්‍රමවේදයක් හදන්න. Simple වැඩක්නේ තියෙන්නේ කරන්න.

    මට කියන්න බැරිවුනා, අර ඔයා Presidentගේ All Party Conference ගැන කියපු දඩබ්බර කතාව ගැන. ඔයා කිව්වා පාර්ලිමේන්තුවේ කරන ඒකාධිපති ව්‍යවස්ථා ක්‍රියාදාමය සම්පූර්ණයෙන් නතර කරලා අළුතින් පටන් ගත්තොත් විතරයි APC වලට සහභාගී වෙන්නේ කියලා. Super. ඔයා හැම තිස්සෙම ඔයාට හරි කියලා හිතෙන මතයේ ඉන්න කෙනෙක්. ඔයා කවදාවත් අනිත් දේශපාලකයෝ වගේ ප්‍රශ්න වලට කෙටි මාර්ග හොයන්න යන්නේ නැහැ. ඔයාට ඕනේ ස්ථිර විසඳුම්, නැවත ඒ ප්‍රශ්න පැන නොනඟින විදියට. ඔයා ඔයි වගේ දඩබ්බර වුනු නිසාලු රනිල්ට CFA & P-TOMS කරගන්න බැරිවුනේ සහ ඊට පස්සේ ඔයා දිගින් දිගටම උසාවි ගිහින් ලොකු සටනක් කරලා උතුරු නැගෙනහිර වෙන් කර ගත්තේ. එහෙම කරපු ඔයාට දැන් ඒක එකතු කරලා උතුරු නැගෙනහිරට වෙනම රටක් දෙන්න යනකොට ඉහිලුම් නැතිවෙන එක පුදුමයක් නෙමෙයි. JVP එකේ ඉඳන් දේශප්‍ර්මි තවත් පිරිස් එක්ක ඔයා රට බදන්න නොදී බේරාගත්ත ඒ කාලේ කොහෙදවත් නොහිටපු මහින්දලාට සහ JO එකේ එයාගේ ගැත්තන්ට 13 + දෙන එකයි, උතුරට ස්වයං පාලනයක් දෙන එකයි, විධායකය අහෝසි කරන එකයි සාමාන්‍ය දෙයක්.

  11. Champa Reply

    Did you notice something? Sometimes ‘miracles’ happen when you talk about something, for example SAITM. Govt. may have thought “ena pota nam honda nehe”. They have decided to abolish SAITM. Chuk, I was waiting to listen to another super speech from you.

Leave a Reply

*