BREAKING NEWS

88-89 බටලන්දෙන් ගිය ගමන අද යන්න හදන්නේ අධිකරණයෙන් සිරගතවීමට මොහොතකට පෙර විමල් දිවයිනට කතා කරයි

88-89 බටලන්දෙන් ගිය ගමන අද යන්න හදන්නේ අධිකරණයෙන් සිරගතවීමට මොහොතකට පෙර විමල් දිවයිනට කතා කරයි

මේ හදන්නේ මහින්ද ඇතුළු ජාතිකවාදීන්ගේ
ප්‍රජා අයිතිය අහෝසි කරන්න
සමන් ගමගේ

හොරු ඇල්ලීමේ යහපාලන මෙගා ටෙලි කතා මාලාවේ අලුත්ම ජවනිකාව මෙන් එµaසීඅයිඩීය මගින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නිවාස ඇමැති සහ ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා දැන් සිටිනුයේ බන්ධනාගාරගතව ය.

සුපුරුදු ලෙස වීරවංශ මහතාටද එල්ලවී ඇති චෝදනාව වන්නේ වාහන අවභාවිතාවය. එහෙත් මෙහිදී පුංචි වෙනසක්‌ සිදුව ඇත. ඒ වාහන අවභාවිතා කළ බව කියමින් මන්ත්‍රීවරයාට Rජුවම චෝදනා කරනු වෙනුවට එයට උල්පන්දම් දුන්නේ යෑයි කියන්නට තරම් එµaසීයිඩීය බුද්ධිමත් වී තිබීමය.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා දැන් බන්ධනාගාරගත කර අවසන්ය. ඉකුත් දස (10) වැනිදා ඔහුව අත්අඩංගුවට ගැනිණි. ඒ රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී සමන්ත ලොකුහැන්නදි මහතාද සමඟය.

විමල් වීරවංශව අත්අඩංගුවට ගැනීමට සුදානමක්‌ තිබෙන්නේ යෑයි යන කතාව ඊට සති දෙකක පමණ ඉහත සිටම සමාජගතව තිබුණකි. එහෙයින් සිදුවන්නට යන්නේ කුමක්‌දැයි වීරවංශ මහතාගෙන්ම දැන ගනුවස්‌ අපි මේ අතරේ පුංචි උත්සාහයක්‌ ගනිමින් සිටියෙමු.

එහෙත් පුදුමයකට මෙන් අපට අපේ උත්සාහය ජයගත හැකි වූයේද මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන සිරගත කෙරුණු දිනයේමය. කෙටියෙන් කිවහොත් මන්ත්‍රීවරයා සිරගත කරන්නට හෝරා කිහිපයකට ඉහතදීය.

එහිදී වීරවංශ මහතා “ඉරිදා දිවයින” සමඟ බොහෝ දේ කීවේය. ඔහුව හමුවූ අවස්‌ථාවේදී අප වීරවංශ මහතාගෙන් මුලින් විමසා සිටියේ ඔහු සම්බන්ධයෙන් එµaසීඅයිඩීය කරන විමර්ශනය කුමක්‌ද යන්නය. හෙතෙම අපට එය මෙසේ පැහැදිලි කරන්නට විය.

“මෙහෙමයි.. මම නිවාස ඇමැති ලෙස කටයුතු කරන කාලේ අපේ අමාත්‍යංශයේ කිසිම කොන්ත්‍රාත්තුවක්‌ පුද්ගලික අංශයට දුන්නේ නැහැ. සියල්ල භාර දුන්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවට සහ රජයේ ඉදිකිරීම් ආයතනයට. අතීතයේ පාඩු ලබමින් තිබුණු ඉංජිනේරු සංස්‌ථාවට මේ විදිහට මිලියන තුන්දහසක පමණ වැඩ අරගන්න අපට පුළුවන් වුණා. පිටස්‌තර අමාත්‍යංශවල වැඩත් අපි භාර අරගෙන කළා.

“මෙතනදී මතුවෙච්ච එක ගැටලුවක්‌ තමයි වැඩ ප්‍රමාදයි කියල චෝදනා එල්ල වීම. සාමාන්‍ය රජයේ නිලධාරින් යොදවලා ඒක විසඳන්න හැකියාවක්‌ තිබුණේ නැහැ. මේ නිසා අපට අවශ්‍ය වුණා අදාළ වැඩ සහ ව්‍යාපෘති පිළිබඳ අධීක්‍ෂණයට විශ්වසනීය කණ්‌ඩායමක්‌ එහෙමත් නැතිනම් ටීම් එකක්‌ යොදවලා අධීක්‍ෂණ වාර්තා ලබා ගනිමින් ඒ කටයුතු කාර්යක්‍ෂම කරන්න.

“ඉතින් අපි ඒ ටීම් එක හැදුවා. ඔවුන් ස්‌වේච්ඡා කණ්‌ඩායමක්‌. ඔවුන්ට දීමනා කිසිවක්‌ දුන්නේ නැහැ. නමුත් අත්‍යවශ්‍ය අවස්‌ථාවන්හිදී ප්‍රවාහන පහසුකම් ලබා දුන්නා. අපට අවශ්‍ය වුණේ විශ්වසනීය තෙවන පාර්ශ්වයක්‌ හරහා නිසි වාර්තා ලබා ගනිමින් සාර්ථකව ඉදිරියට යන්නයි.

“එතැන් සිට අදාළ වැඩකටයුතු කාර්යක්‍ෂම වුණා. පාඩු ලබමින් තිබුණ ඉංජිනේරු සංස්‌ථාව වගේ මගේ අමාත්‍යංශය යටතේ තිබුණු රාජ්‍ය ආයතන ලාබ ලබන්න පටන්ගත්තා. අන්න ඒ ගැන තමයි දැන් මේ මහා ලොකු විමර්ශනය කරන්නේ..”

මෙලෙස සිදු වන්නේ කුමක්‌ නිසාද? විමල් වීරවංශ මහතා කියන මෙකී වැඩපිළිවෙළ නීති විරෝධී එකක්‌ වන නිසාද? මන්ත්‍රීවරයා එයට මෙසේ පිළිතුරු දෙන්නට විය.

“නැහැ. මේ වැඩපිළිවෙළේ කිසිදු නීති විරෝධී බවක්‌ මම දකින්නේ නැහැ. මොකද මේ වැඩපිළිවෙළ අපි ආරම්භ කරන්නේ ඉංජිනේරු සංස්‌ථා අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ ඒකමතික අනුමැතිය ඇතිව. යම් ආයතනයක අධ්‍යක්‍ෂ මණ්‌ඩල යෝජනාවක්‌ සම්මත වුණාම ඒක නීත්‍යානුකූලයි.

අද එµaසීඅයිඩි එකේ අය නම් කියනවා මේකට මහාභාණ්‌ඩාගර ලේකම්ගේ අනුමැතිය නැති නිසා එය නීති විරෝධීයි කියලා. එහෙත් අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට මහාභාණ්‌ඩාගාර නියෝජිතවරියකුත් සිටියා. ඇය නියෝජනය කරන්නේ භාණ්‌ඩාගාරය. එහෙම නම් කොහොමද ඒ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය සම්මත කළ යෝජනාවක්‌ නීති විරෝධි වෙන්නේ.

“අද මට තියෙන්නේ වාහනයක්‌ කෙනෙක්‌ට දෙන්න කියලා එකම එක ලියුමක්‌ නිකුත් කළා කියන කතාවක්‌. ඒ ලිපිය මම දෙන්නේ ජනාධිපති ලේකම්තුමාගේ ලිඛිත නියෝගයක්‌ මත. මම වාහනයක්‌ දෙන්න කියල දීල තියෙන එකම ලියුම ඒක විතරයි. ඒ වුණාට මගේ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස සිටි ලසන්ත අලගියවන්න ඒ වගේ ලිපි දෙකතුනක්‌ම දීලා තියෙනවා. ඔහුගේ වැඩවලට වාහන අරගෙන තිබෙනවා.

“ඒත් ඔහුට කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. මොකද ඔහුත් දැන් ඉන්නේ ආණ්‌ඩුව එක්‌ක. ඒ තරමට මේ කෙරෙන විමර්ශනය අතිශය සාධාරණ හා විනිවිධභාවයෙන් යුතු එකක්‌. මේකට දේශපාලනය ගෑවිලාවත් නැහැ වගේ.

ඉහත ක්‍රමය අපි ආරම්භ කරන්නේ ආශු මාරසිංහ සභාපතිගේ කාලේ. ඔහු අද එජාපයේ මන්ත්‍රී කෙනෙක්‌. මේ විමර්ශනයේදී ඔහු එµaසීඅයිඩීයට ප්‍රකාශයක්‌ දෙනවා මගේ නියමය අනුව වාහන දුන්නා කියලා.

“මම වැරදි නියෝගයක්‌ කරනවා නම් ආශු මාරසිංහ දැනගන්න ඕනේ ඒක නොකර ඉන්න. නැතිනම් ඒ නියෝගය මගෙන් ලි�තව ඉල්ල ගන්න ඕනේ. ඒකයි නිවැරදි වන්නේ. ඒත් ඔහු එහෙම කරලා නැහැ. ඒ වුණාට ආශු එµaසීඅයිඩී එකට කියනවා මගේ නියෝග නිසා වාහන දුන්නා කියලා. එයා බබා. මොකද දැන් එයා ඉන්නේ යූඑන්පී එකේනේ.

“මේ විමර්ශනයේදී එµaසීඅයිඩී එක ඔය කියන වාහනවල රියෑදුරන්ගෙන් ප්‍රකාශ ගන්නා විට ඔවුන්ව බය කරලා පොලිසියට අවශ්‍ය දේ ඔවුන් ලවා කියවගෙන අත්සන් අරගෙන තිබෙනවා. ඒ වගේම අත්අඩංගුවට ගන්නවා, ඇතුළට දානවා කියලා ඔවුන්ව භිතියට පත් කරලා තිබෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ විමර්ශනය සිද්ධ වෙන්නේ.

“ඉතිහාසයේදී ඉංජිනේරු සංස්‌ථාව වැඩිම වැඩධාරිතාව දරන්නේ මගේ කාලසීමාවේදී. එතනදී මුදල් ප්‍රවාහයත් හොඳින් කළමනාකරණය කරගෙන සංස්‌ථාව ඉදිරි ගමනක්‌ ගියා. ඒ බවට ඉංජිනේරු සංස්‌ථාවේ අභ්‍යන්තර වාර්තා සාක්‍ෂි සපයනවා. සියල්ල සිද්ධ වෙන්නේ අධ්‍යක්‍ෂ මණ්‌ඩල අනුමැතිය ඇතිව.

“මේ සත්‍යය අනිත් පැත්ත හරවලා තමයි අද එµaසීඅයිඩී විමර්ශකයන් විමල් වීරවංශට ගහන්න හදන්නේ..” මේ හැම දෙයක්‌ම පිටිපස්‌සේ ඉන්නේ වික්‌කම සිංහ.

ක්‍රියාත්මක වූ ක්‍රමවේදයට එසේ නිත්‍යනුකූලභාවයකුත් ලැබී තිබේ නම් මේ සිදු වෙමින් තිබෙන්නේ කුමක්‌ද? මෙසේ වන්නට කුමක්‌ හේතු වී තිබේද? එයට දෙන්නටද විමල් වීරවංශ මහතා සතුව පැහැදිලි පිළිතුරක්‌ තිබිණ.

“මේකට හේතු ගණනාවක්‌ තිබෙනවා. බොහෝ දුරට අද මාව එµaසීඅයිඩී එක අත්අඩංගුවට ගනියි. ඒ අරගෙන උසාවි දාලා ඔවුන්ට සුපුරුදු විදිහටම වාහන අවභාවිතය හරි ඒකට අනුබල දුන්නා කියලා හරි චෝදනාවකුත් ගොනු කරලා රිමාන්ඩ් කරයි. ඒක මට පැහැදිලියි.

“ඒත් මෙයාල මාව ගන්න හිටියේ මීට දවස්‌ දෙකකට ඉස්‌සර වෙලා. ඒක එකපාරටම වෙනස්‌ වුණා. මොකද එහෙම අරගෙන විමල් වීරවංශව රිමාන්ඩ් කළොත් ජනවාරි 22 ට පෙර එළියට එන නිසා.

“ජනවාරි 22 තමයි අපේ පක්‍ෂයේ ජාතික සමුළුව පවත්වන්නේ. සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගණයේ ඒක තියන්න සියල්ල සූදානම් කරලා ඉවරයි. මේ සමුළුව කඩාකප්පල් කරන එක තමයි මොවුන්ගේ එක අරමුණක්‌ වෙන්නේ. නමුත් විමල් වීරවංශව ඇතුළට දැම්මා කියලා ඒක නතර වෙන්නේ නැහැ. අවශ්‍ය දේවල් ඒ ආකාරයටම සිද්ධවෙයි.

මම මේ රටේ දේශමාමක ජනතාවගෙන් ඉල්ලනවා අපිව හිරේ දාල අපි යන ගමන නතර කරන්න බැහැ කියන එක ඔප්පු කර පෙන්වන්න 22 වැනිදා සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගණයට ලක්‍ෂ ගණනින් රොද බැඳ ගන්න කියලා.

“අද මේ ආණ්‌ඩුව යන්නේ මර්දනය මූලික කර ගත්ත මර්දනය “ටූල්” එකක්‌ කර ගත්ත ගමනක්‌. ප්‍රජාතන්ත්‍ර විරෝධී එකක්‌. අවුරුදු දෙකක්‌ තිස්‌සේ එµaසීඅයිඩී එක මේ විමර්ශනය කරනවා. එහෙම කරන්න දෙයක්‌ද මේක. ආණ්‌ඩුවේ බැඳුම්කර මගඩියේදී කෝප් කමිටුව වාර්තාව හදලා දුන්නේ මාස කිහිපයක්‌ ඇතුළත.

“ඒත් විමල් වීරවංශගේ වාහන ගැන හොයන්න එµaසීඅයිඩී එකට අවුරුදු දෙකක්‌ යනවා. මේක තනිකරම දේශපාලන න්‍යාය පත්‍රයකට වෙන දෙයක්‌. ඩීඅයිජී නිලධාරීන්ට කියනවා ලසන්ත අලගියවන්නව ඇත්ඇරලා විමල් වීරවංශව මේකට ගාවපන් කියලා.

“ඒ නිලධාරින් කියනවා සර් එහෙම කරන්න විදිහක්‌ නැහැ කියලා. ඒත් ඩීඅයිජී ආයෙත් කියනවා කොහොමහරි කරපන් යකෝ කියලා. ඩීඅයිජීට වික්‌කම සිංහගේ පෙෂර් එක එනවා. එයා ඒක නිලධාරීන්ට දානවා. අද එµaසීඅයිඩීයේ නිලධාරිනුත් අවුල් වෙලා ඉන්නේ මේකෙන්. එහෙම වෙන්නේ ඔවුන්ටත් හෘද සාක්‍ෂියේ ගැටලුවක්‌ තිබෙන නිසා..”

විමල් වීරවංශට එරෙහිව මෙසේ කටයුතු සිදුවන්නට හේතුවන එක්‌ කරුණක්‌ ඔහු පැහැදිලි කළේ එසේය. එතැන් සිටි ඔහු කියන්නට වූයේ අද ආණ්‌ඩුව යන ගමන සහ ඊට එරෙහිව ඔහුද අයත් ජාතිකවාදී කඳවුරෙන් එල්ල වන විරෝධය හමුවේ සිදුවෙමින් තිබෙන දේ පිළිබඳවය.

“පැහැදිලිවම අද අපිව මේ රජයට තර්ජනයක්‌. ඔවුන් දන්නවා අපි දරන මතය, ස්‌ථාවරය සහ ජාතිකවාදී ප්‍රතිවිරෝධය ඔවුන්ට විශාල තර්ජනයක්‌ කියලා. ජනතා විමුක්‌ති පෙරමුණේ වාමවාදී ප්‍රතිවිරෝධය ආණ්‌ඩුවට තර්ජනයක්‌ නොවුණට අපිව තර්ජනයක්‌ වෙලා තිබෙන්නේ. ජවිපේ කරන්නේ සීනි බෝල ප්‍රතිවිරෝධයක්‌a.

“අද බටහිරෙන් එන ඔපරේෂන් එකට ඇටෑක්‌ කරන්නේ අපි. මේ මාතෘ භූමිය චීනයේ හරි, ඉන්දියාවේ හරි කොලනියක්‌ කරනවාට විරුද්ධව හඬනඟන්නේ අපි. ආණ්‌ඩුවේ ජිනීවා න්‍යාය පත්‍රය ඉටු කරන්නට යැමේදීත්, නව ව්‍යවස්‌ථා සංශෝධනයේදී හා උතුරේ බෙදුම්වාදී බලවේගවලට අවශ්‍ය විදිහට දේශපාලන න්‍යාය පත්‍රය මෙහෙයවද්දීත් ප්‍රබලම විරෝධය මතුවෙන්නේ ජාතිකවාදී කඳවුරෙන්.

ඒ නිසා අපේ කට වැසීමට, අපිව මර්දනය කිරීමට දරන ප්‍රයත්නයක්‌ තමයි මේක. අප ආණ්‌ඩුවට අභියෝගයක්‌ වෙලා තිබෙන නිසා, ජාතිකවාදී ප්‍රතිවිරෝධය බවට පත් වෙලා තිබෙන නිසා සහ එය ජනතා පිළිගැනීමට ලක්‌ වුණ ව්‍යාපාරයක්‌ නිසා ආණ්‌ඩුව බලනවා විවිධ ක්‍රම මගින් අපිව යටත් කර මර්දනය කරන්න.

“මම විශ්වාස කරන විදිහට මට එරෙහිව කරන මේ විමර්ශනය පිටුපස ජනාධිපතියි අගමැතියි දෙන්නම ඉන්නවා. විශේෂයෙන් වික්‌කම සිංහ ඉන්නවා. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ දේව වාක්‍ය කියල බලයට ආපු ආණ්‌ඩුවක්‌ වුණාට ඇතුළේ තිබෙන්නේ දරුණු ඒකාධිපති වියරුවක්‌. මේ ආණ්‌ඩුව බිහි කළෙත් රට තුළ ඉන්න දේශපාලන වශයෙන් දුෂ්ට කල්ලි රැසක්‌ එකතුවෙලයි.

අද ඔවුන්ගේ එකම ක්‍රමය වෙලා තිබෙන්නේ අධිකරණය භාවිත කර මර්දනය දියත් කිරීම. ඒකට අධිකරණය යොදා ගනිමින් සිටිනවා. මේ හමුවේ විනිසුරුවරුනුත් ඉතා අසරණ තත්ත්වයකට පත්වෙලා..”

ඔහු කියන මේ මර්දනය කුමක්‌ උදෙසා සිදු කෙරෙන්නක්‌ද? එසේ වීමට හේතුව කුමක්‌ද? විමල් වීරවංශ මහතා එයට පිළිතුරු දුන්නේ මෙසේය.

“අද ආණ්‌ඩුවෙන් එන බලපෑම් හමුවේ එයට ප්‍රතිචාර දක්‌වන තැනට අධිකරණය තල්ලු වී තිබෙනවා කියන කරුණ ඉතාම පැහැදිලි එකක්‌. එය තමයි යහපාලනයේ නවතම පැසිස්‌ට්‌ ඒකාධිපති බවේ මාදිලිය.

“ඒ අතරේ ආණ්‌ඩුව දැන් සුදානම් වෙනවා අපරාධ යුක්‌ති කොමිෂන් සභාව කියලා ආයතනයක්‌ පිහිටුවීමට කැබිනට්‌ මණ්‌ඩලයට යෝජනාවක්‌ ගෙන එන්න. එය පිහිටුවීමේ අරමුණ වී තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු ජාතිකවාදී කඳවුරේ විශාල පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම.

“අධිකරණයක්‌ නොවන ඒ හා සමාන වෙනම ව්‍යqහයක්‌ මේ පිහිටුවීමට යන්නේ. ඉහත කියපු සියලු දුෂ්ට කල්ලි එකතු වෙලා අද කරන්න හදන්නේ මේ රට බේරගත්තු ජාතිකවාදී නායකයන්, කණ්‌ඩායම් සහ බලවේග විවිධ අයුරින් මර්දනය කර තමන්ට අවශ්‍ය පරිදි රට පාවා දෙන, රට බෙදන ඒ වගේම රටේ ඓතිහාසික පැවැත්ම වනසන සහ රට නන්නත්තාර කරන මෙහෙයුම ඉදිරියට ගෙන යන්න.

“ඔවුන් දන්නවා ජාතිකවාදී බලවේගය ජීවමානව තිබෙනකම් ඒක කරන්න පහසු නැහැ කියලා. එදා 2015 ජනවාරි අටෙන් පසු පෙබරවාරි 18 වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නැවත දේශපාලන භූමිකාවට අවතීර්ණ නොවුණා නම් මේ සියල්ල අද සිදුවී අවසන්.

එහෙම වුණා නම් අද යුද අපරාධ අධිකරණ පිහිටුවල, ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කරලා, දඬුවම් ලබන කොටි නිදහස්‌ කරලා, හමුදාව උතුරෙන් මුළුමනින්ම ඉවත් කරලා, ජිනීවා වුවමනාවන් සම්පූර්ණයෙන්ම ඉටු කරලා ඉවරයි..”

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක්‌ තුළින් බලයට පැමිණ ආණ්‌ඩුවක්‌ මේ අන්දමින් කරනවා විය හැකිද? ප්‍රජාතන්ත්‍රවාදී මාවත තිබියදී මර්දනකාරී ගමනක යෙදෙන්නේ කුමකටද? විශේෂයෙන් පාර්ලිමේන්තු බහුතර බලයද අද තිබෙන්නේ ආණ්‌ඩුව සතුවය. එහෙත් විමල් වීරවංශ මහතා සිරගත කෙරුණු ඒ දිනයේ එය පැහැදිලි කරන්නට වූයේ මෙසේය.

“මේ යහපාලන ආණ්‌ඩුව දැන් දන්නවා ජාතිකවාදී බලවේග තමන්ට පරාජය කරන්න නොහැකියි කියලා. ඒකයි ඡන්ද නොතියන්නේ. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව ජාතිකවාදී බලවේගය පරාජය කරන්න බැරි නිසයි මර්දනයට යන්නේ.

“ඒ මර්දනයට අනුව හිරේ දාන්න ඕන අය හිරේ දානවා. අනෙක්‌ පැත්තෙන් ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ව්‍යqහය සකස්‌ කරන්න කැබිනට්‌ මණ්‌ඩල යෝජනා ගෙන එනවා. අප කල්පනා කළ යුත්තේ මේ විදිහට ආණ්‌ඩුවට කටයුතු කරන්න තවත් ඉඩ දෙනවද කියන එකයි.

“දේශපාලනය කුමක්‌ වුවත් අප දන්නා තරමට අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ කියන්නේ හොඳ නීතිවේදියෙක්‌. ඔහු අධිකරණ ඇමැති ධුරයේ සිටියදී රටේ අධිකරණ පද්ධතියට ඉහළින් ආයතනයක්‌ පිහිටුවලා ජාතිකවාදී කඳවුරේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ගමන යන්න ආණ්‌ඩුව කටයුතු කරමින් සිටිනවා.

“මේක ශීලාචාර නීතිවේදීන් සිටින රටක්‌ නම් ඔවුන් මෙයට මැදිහත් විය යුතුයි. එදා 88-89 බටලන්දෙන් ගිය ගමන අද ආණ්‌ඩුව යන්න හදන්නේ අධිකරණ පද්ධතිය සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය යොදා ගනිමින් .

“මෙයාල දන්නවා නව ව්‍යවස්‌ථාව ගෙන එන්න කලින් දේශපාලන පිටියේ වෙනසක්‌ කරන්න ඕන කියලා. එය සාමකාමීව සහ ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න බැරි නිසා තමයි මේ විදිහට මර්දනකාරීව කරන්න හදන්නේ.

“ඉතින් මේ දේවල් සිදු වෙද්දී මේ රටේ නීතියේ ගරුත්වය විශ්වාස කරන ජනතාව නිහඬව සිටියොත් මේ රට විශාලා හම නුවරක්‌ වෙලයි නතර වෙන්නේ. ආණ්‌ඩුව අද යන්නේ ඒකාධිපති ක්‍රමවේදයක්‌ භාවිත කරමින් යන ගමනක්‌ කියන එක හොඳටම පැහැදිලි කරුණක්‌.

වෙනසකට තිබෙන්නේ එදා වගේ ඇමරිකාවේ නිවේදනත්, ඉඳිකටුවක්‌ බිම වැටුණත් නිවේදන එව්ව යුරෝපා රටවල නිවේදනත් අද නොමැතිවීම සහ වෙනදා නීතිය සහ සාමය ගැන වචන තොරම්බල් කරපු එන්ජීඕ කාක්‌කන් සද්ද නොකර සිටීමත් විතරයි..”

මේක රනිල් මෛත්‍රී විතරක්‌ යන ගමනක්‌ නෙමෙයි. සියලු කල්ලි එකට එක්‌වෙලා යන ගමනක්‌. බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දෙනවයි කියන රටේ සිවුරු ගලවලා හාමුදුරුවන්ට ගහපන් කියලා පොලිස්‌පති හම්බන්තොටදී කියනවා.

මේක කිතුනු හෝ මුස්‌ලිම් පූජක පිරිසකට වුණා නම් අද මුළුමහත් කිතුනු මුස්‌ලිම් පූජක ප්‍රජාවම නැගිටලා අවසන්. ඒත් අපේ මහනායක හිමිවරු සීමිත ප්‍රශ්න කිහිපයක හිරවෙලා මේවා දැක දැක නිහඬව ඉන්නවා.

මේ සියල්ල පිටුපස අද රතු අලි පැටවුණුත් ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙන්නේ මර්දනයෙන් ජාතිකවාදී බලවේග බෙලහීන කෙරෙද්දී හිස්‌ වන දේශපාලන පිටියේ තනිවම විපක්‍ෂයේ භූමිකාව රඟපාන්න.

ආණ්‌ඩුව මේ විදිහට ගමන යද්දී අපි මර නින්දක ගිලිලා ඒ දිහා බලන් හිටියොත් මේ රටට මොනවද වෙන්නේ?

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*