BREAKING NEWS

SAITAM MBBS උපාධිය සහ රජයේ වෛද්‍ය විද්‍යාල මගින් ලබාදෙන MBBS උපාධිය සමාන ලෙස සැලකීම මෙතන තිබෙන බරපතලම වරදයි

SAITAM MBBS උපාධිය සහ රජයේ වෛද්‍ය විද්‍යාල මගින් ලබාදෙන MBBS උපාධිය සමාන ලෙස සැලකීම මෙතන තිබෙන බරපතලම වරදයි
-ජානිපෙ නායක විමල් වීරවංශ කියයි.

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය(SAITM MBBS) සමත් ශිෂ්‍යයා, විදේශ රටක පිිළිගත් විශ්‍ව විද්‍යයාලයක වෛද්‍ය උපාධිය සමත් ශිෂ්‍යයකු හා සමාන නොකොට, නිදහස් අධ්‍යාපනය යටතේ රජයේ වෛද්‍ය විද්‍යාලයක උපාධිය(MBBS) සමත් ශිෂ්‍යයකු හා සමාන කිරීම “සයිටම් ප්‍රශ්නයේදී ” සිදුකරඇති බරපතලම වරද බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(09) පාර්ලිමේන්තුවේදී පැවති ඔෟෂධ අධිකාරී නියාමන පනත පිළිබඳව විවාදයේදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ඇටමිදුළු තුළට කාවැදී ඇති ඉතාමත් සංවේදී ප්‍රශ්නයක් බවත් ඊට විසඳුම් සෙවිය යුත්තේ 2020දී බලය ලබාගැනීමේ පටු දේශපාලන න්‍යාය පත්‍රයක් කරේ තබාගෙන නොවන බවත් මෙහිදී වීරවංශ මහතා සඳහන් කලේය.

මේ ප්‍රශ්නයට විසදුම් නොදී නැවත ත්‍රිමාවිතානලා බිහිකරන යුගයක් නිර්මාණය කිරීමට දායක නොවන ලෙස අවධාරණය කළ විමල් වීරවංශ මහතා දෙපාර්ශ්වයටම පිළිගතහැකි විසඳුමකට ආණ්ඩුව යා යුතු බව පෙන්වා දුන්නේය.

 

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*