BREAKING NEWS

අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “අනුරාධපුර සම්ප්‍රාප්තිය” – 11 වැනිදා සවස 2 ට ; “මහනුවර සම්ප්‍රාප්තිය” – 13 වැනිදා උදෑසන 9.30 ට

ශ්රී ලංකා රාජ්යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාව පෙළගැස්වීම මේ මොහොතේ අත්හළ නොහැකි වගකීමකි. එම ජන පෙළගැස්ම සඳහා උත්තර ලංකා සභාගය දීපව්යාප්ත මෙහෙයුමක් දියත් කර තිබේ. එම මෙහෙයුම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්රාප්තිය” නමින් 2022 ඔක්තෝබර් මස 15 වැනිදා ඇරඹුණු අතර එහි “අනුරාධපුර සම්ප්රාප්තිය” 2022 නොවැම්බර් මස 11 වැනිදා සවස 2 ට, අනුරාධපුර යොවුන් නිකේතනයේදී පැවැත්වේ.

මේ අතර උත්තර ලංකා සභාගයේ “මහනුවර සම්ප්‍රාප්තිය” 2022 නොවැම්බර් මස 13 වැනිදා උදෑසන 9.30 ට මහනුවර පුෂ්පදාන ශාලාවේ දී පැවැතිවේ.

මෙම “අනුරාධපුර සම්ප්‍රාප්තිය” සහ “මහනුවර සම්ප්‍රාප්තිය සඳහා උත්තර ලංකා සභාගයේ නායකත්ව මණ්ඩලය නියෝජනය කරමින් එහි සභාපති විමල් වීරවංශ, ජාතික සංවිධායක වාසුදේව නානායක්කාර, නියෝජ්ය සභාපතිවරුන් වන උදය ගම්මන්පිල සහ මහාචාර්ය තිස්ස විතාරණ යන හිටපු අමාත්යවරුන් ද අනුශාසක පූජ්ය අතුරලියේ රතන හිමි, නියෝජ්ය ලේකම් ගෙවිඳු කුමාරතුංග, ලේකම් විශේෂඥ වෛද්ය ජී වීරසිංහ මහතා ද එක් වනු ඇත.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*