BREAKING NEWS

කැනඩාවේ සමූල ඝාතණ දිනය සමරන්න විමල්ගෙන් යෝජනාවක්වීඩියෝ 

කැනඩා අගාමාත්‍යවරයා විසින් පසුගියදා 18 වනදා සමූල ඝාතණ දිනයක් වශයෙන් නම් කර රටට විශාල අපකීර්තියක් සිදු කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා පවසයි.

කැනඩාව යනු එරට සිටි රතු ඉන්දියානුවන් සමූල ඝාතණයට ලක් කර, 1996 වසරේදී ඉතිරිව සිටි ඔවුන්ගේ දරුවන්ද මරා දැමූ රටක් බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා සිටියේය.

ඒ අද (23) දින, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්ය.

ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ, ජුනි 21 වනදාට යෙදෙන කැනඩාවේ මුල් උරුමකරුවන්ගේ දිනය “කැනඩාවේ සමූල ඝාතණ දිනය” ලෙස ප්‍රකාශයට පත් කර, එය සැමැරීමට කටයුතු කිරීමට එක් වන ලෙසටයි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*