Previous Story
“ගොවීන් ලක්ෂ 10කගේ නිෂ්පාදන” අගය එකතු කර දේශීය හා විදේශීය වෙළඳපළට යැවිය හැකි නිෂ්පාදන ධාරිතාවෙන් සහ නවීනතම තාක්ෂණයෙන් යුත් පන්නිපිටියේ ඉදිවෙමින් පවතින කර්මාන්තශාලාව කර්මාන්ත අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට…
Posted On 24 Nov 2021
Comment: 0
“ගොවීන් ලක්ෂ 10කගේ නිෂ්පාදන” අගය එකතු කර දේශීය හා විදේශීය වෙළඳපළට යැවිය හැකි නිෂ්පාදන ධාරිතාවෙන් සහ නවීනතම තාක්ෂණයෙන් යුත් පන්නිපිටියේ පිහිටි වර්ල්ඩ් වයිඩ් කොමොඩිටීස් පෞද්ගලික සමාගමට (World Wide Commodities Private Limited) අයත් ඉදිවෙමින් පවතින කර්මාන්තශාලාව අද(24) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
කර්මාන්ත ශාලාව නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.
“කුරුඳු, ගම්මිරිස්, කරාබුනැටි, එනසාල් වැනි කුළුබඩු බෝග, ආයුර්වේද ඖෂධ සඳහා භාවිත කරන බෝග වැනි අපේ රටේ දේශීයව වගා කරන නිෂ්පාදනවලට අගය එකතු කරලා, යුරෝපයට අපනයනය කිරීමට අවශ්‍ය ආකාරයේ නවීනතම තාක්ෂණයෙන් යුක්ත කර්මාන්ත ශාලාවක් තමයි මෙම ස්ථානයේ ඉදි වෙමින් පවතින්නේ. එය නිරීක්ෂණය සඳහායි අප මෙහි පැමිණියේ. මෙම කටයුත්තට පුරෝගාමීත්වය දෙන පිරිස බලාපොරොත්තුවෙන් ඉන්නවා ලබන ජනවාරි මාසයේදී මෙම කර්මාන්ත ශාලාව මුළුමනින්ම පණගැන්වීමට.
මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරීමත් සමගම මෙතෙක් සාම්ප්‍රදායිකව අපනයනය කළ සියලු කුළුබඩුවලට ගුණාත්මක තත්ත්වයෙන් අගය එකතු කිරීමට, ශාකසාර ඇසුරින් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කිරීමට ඇතුළු විශාල නිෂ්පාදන පරාසයකට අවශ්‍ය නවීනතම තාක්ෂණය ලැබෙනවා. ඉදිරියේදී මෙරට ගොවීන් ලක්ෂ 10කගේ නිෂ්පාදන, අගය එකතු කරලා දේශීය හා විදේශීය වෙළඳපොළට යවන්න මෙමගින් හැකියාව ලැබෙනවා. ගොවි ජනතාවට, තමන්ගේ වගාවට, නිෂ්පාදනයට ඉතා හොඳ මිලක් ලබා ගැනීමේ වාතාවරණය මෙම කර්මාන්ත ශාලාව මගින් උදාකර දී තිබෙනවා. අද රටට අවශ්‍යව ඇත්තේ මෙවැනි කර්මාන්ත ශාලායි. මෙමඟින් ගොවියාගේ නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලැබෙනවා වගේම අගය එකතු කිරීම මගින් විදේශ විනිමය, විශාල වශයෙන් ඉපයීමේ හැකියාව ද ලැබෙනවා. ලබන ජනවාරියේදී මෙම කර්මාන්ත ශාලාවේ වැඩ ඇරඹීමත් සමඟම අපේ රටේ කෘෂි නිෂ්පාදනයේ බලවත් පෙරළියකට මඟ පෑදේවි, කියා අපි විශ්වාස කරනවා.”
මෙම කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් හා යන්ත්‍ර සූත්‍ර සඳහා වර්ල්ඩ් වයිඩ් කොමොඩිටීස් පෞද්ගලික සමාගම රුපියල් බිලියන 03ක පමණ ආයෝජනයක් සිදුකර ඇත. ඉදිරි වසර දෙක තුළ ගොවි පවුල් ලක්ෂ දහයක් පමණ ගොවි සංවිධාන හරහා සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගනිමින්, එම පිරිසගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් මේ වන විටත් සූදානම් කර ඇති බවත් කෘෂි නිෂ්පාදන සඳහා අගය එකතු කිරීමට අවශ්‍ය ලොව ඉහළම තාක්ෂණය එක වහළක් යටට ගෙන ඒම මෙම කර්මාන්ත ශාලාව මගින් සිදුකර ඇති බවත් එම සමාගමේ අධ්යක්ෂ රුචික නිශාන්ත සමරවික්‍රම මහතා පවසයි. එසේම ඉදිරි වර්ෂයේ දී රුපියල් බිලියන 03ක පමණ අපනයන ආදායමක් උපයාදීමට තම කර්මාන්ත ශාලාවට හැකිවනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ඉහත සමාගමේ අධ්යක්ෂ රමිත වසන්ත සමරවික්‍රම මහතා ද එක්ව සිටියේය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය
2021.11.24