­
BREAKING NEWS

ජන්ම දිනය වෙනුවෙන් සිදු කළ ආශිර්වාද පූජා…

අද (07) දිනට යෙදුණු ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පක්ෂ ක්‍රියාකාරින් විසින් ආශිර්වාද පූජාවන් දෙකක් සංවිධානය කොට තිබිණි.

ඒවා අද සවස විමල් වීරවංශ මහතාගේ සහභාගීත්වයෙන් දෙමටගොඩ මහා විසුද්ධාරාම විහාරයේදී (අලි දෙන්නා පන්සල) සහ කොස්වත්ත ලුමිබිණි මහා විහාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවන්ට මහජන නියෝජිතයෝ ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු රැසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ,
2023-03-07

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*