BREAKING NEWS

“ජාතික ජනබලවේගය ආවා කියලා රටේ මූලික උපායමාර්ගයේ වෙනසක් වෙන්නේ නෑ” – විමල් නිදසුන් සමඟින් පෙන්වාදෙයිවීඩියෝ 

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට රටේ ජනතාව පාලන බලය ලබාදුන්නද, රටේ මූලික උපායමාර්ගයේ කිසිදු වෙනසක් සිදුනොවන බව උත්තර ලංකා සභාගයේ සභාපති, විමල් වීරවංශ මහතා පවසයි.

ජාතික ජනබලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා වැන්නවුන් අයි.එම්.එෆ්. යා යුතු යැයි පැවැසීමෙන් මෙය සනාථ වන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

“ජවිපෙ, පෙරටුගාමීන් හැමෝමත් කියන්නේ අපිට තියෙන එකම විසඳුම අයි.එම්.එෆ්. යාම විතරයි කියලනේ. මේ ලෝකයේ ක්‍රියාත්මකවන වෙනත් සාර්ථක විසඳුම් තියෙනවානේ. ඒ කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නෑ.”

ඒ අන්තර්ජාල නාලිකාවක් සමඟින් පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
  1. Lakshman Reply

    IMF, World bank කෙරුවාව ගැන 1992 වර්ෂයේ වගේ India Today සඟරාවෙ කවරයේ කතාව ලෙස තිබුන. IMF එකට වඳින අය ඒක කියවල බැලුවොත් හොඳයි වගේ.

Leave a Reply

*