Previous Story
දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කර්මාන්තපුර පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාවලිය බලගැන්වීමට ‘ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු’ පිහිටුවීම පිළිබඳව විශේෂ සාකච්ජාවක්…
Posted On 29 Nov 2021
Comment: 0
කර්මාන්ත අමාත්‍යංශය මගින් 2022 අයවැය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත, දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කර්මාන්තපුර පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාවලිය බලගැන්වීමට ‘ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු’ පිහිටුවීම පිළිබඳව විශේෂ සාකච්ජාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (29) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.
සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නව කර්මාන්තපුර පිහිටුවීම සහ පරිපාලන ක්‍රියාවලියේදී අවශ්‍ය සහයෝගය ලබාදීම, ආයෝජන අවස්ථා හදුනාගැනීම, යටිතල පහසුකම් සපයා ගැනීමේදී සහයෝගය ලබාදීම, ලියාපදිංචිය, අදාළ ප්‍රදේශයට වඩා යෝග්‍ය කර්මාන්ත හදුනා ගැනීම, සැලසුම් සැකසීම ඇතුළු ක්‍රියාවලියට අවශ්‍ය මැදිහත්වීම සහ සහයෝගය ලබාදීම මෙම ‘ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු’ පිහිටුවීමේ අරමුණයි.
දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය බලගන්වමින් දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කිරීමෙන් දේශීය ආර්ථිකය ශක්තිමත් කළ හැකි තීරණාත්මක අවස්ථාවකට අප පැමිණ ඇති බැවින් මෙය ඒ සදහා සුදුසුම ක්‍රියාවලියක් වනු ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය. එම නිසා හැකිතාක් දේශීය කර්මාන්තකරුවා අගය එකතු කළ නිෂ්පාදන සිදුකරන පසුබිම සැකසීම වෙනුවෙන් ඔවුන් බලගැන්වීම තම බලාපොරොත්තුව බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද කර්මාන්ත අමාත්‍යශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කර්මාන්ත සංවර්ධන අධ්යක්ෂ වින්දික පියරත්න, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ප්‍රාදේශීය කර්මාන්ත අධ්‍යක්ෂකවරු, ප්‍රාදේශීය කර්මාන්ත කමිටු සභාපතිවරු ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය,කර්මාන්ත අමාත්‍යාංශය,2021-11-29