­
BREAKING NEWS

මෙහෙම ගියොත් 2027 හෝ 2028 දි රට බෙල්ල මුලට හිරවෙනවා…! – ජානිපෙ නායක විමල් වීරවංශ

අයි.එම්.එෆ් පරාමිතීන්ට අනුව රනිල් ගියා වගේ ඒ පාරෙම යනවා මිසක් වෙන දැක්මක් හෝ සිටින වළෙන් ගොඩ එන මාර්ගයක් අනුර කුමාර ජනාධිපතිවරයා මෙවර අය වැයෙන් එළි පෙහෙළි කර නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ අනුව අය-වැය කතාවේ නොකියා ඊට කලින් වැඩි කළ සියයට 23.88ක බදු වැඩිවීම ඔස්සේ සියයට 6-10ත් අතර අගයකින් නොබෝදිනකින් උද්දමනය ඉහළ යනු ඇතැයි හෙතම විශ්වාසය පළ කළේය.

බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ නව මූලස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විමල් වීරවංශ මහතා අද (19) මේ බව ප්රකාශ කළේය.

කලින් ආණ්ඩුව මෙන්ම මේ ආණ්ඩුව ද අයි.එම්.එෆ් පරාමිතීන්ට අනුව අය-වැය සකසා තිබීම සතුටු යැයි මහ බැංකු අධිපතිවරයා පවසා තිපෙන බව පැවසූ විමල් වීරවංශ මහතා, විවේචනවලට ලක් වූ ආණ්ඩුවල ප්රතිපත්තිය, උපාය මාර්ගය, මෙන්ම දෘෂ්ඨිවාදය එහෙම්පිටින්ම කර තියාගත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ අය-වැය කිසිදු නව මාවතක් පෙන්වා නැති බව පෙන්වා දුන්නේය.

වැටුප් වැඩිවීම සිදුවන ආකාරය සිතාගත නොහැකිව අද රාජ්ය සේවකයා තුස්නම්භීත වී ඇතැයි ද, එම වැටුප් වැඩි කළ අකාරය සෙවීම මෙවර සාමාන්ය පෙළ විභාගයට ඇතුළත් කළ යුතු ආකාරයේ ගැටලුවක් බවද විමල් වීරවංශ මහතා කියා සිටියේය.

විමල් වීරවංශ මහතා මෙසේ ද කීවේය.
බලයට පත්ව සිටින ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජනබලවේග ආණ්ඩුව,පසුගිය මැතිවරණ සමයේ ඉතා බරපතල ලෙස විවේචනය කළේ හැත්තෑ පස් වසරක තට්ටු මාරු ගමනක අනුගමනය කළ ප්රතිපත්ති හා අනුගමනය කළ ක්රියාමාර්ග නිසා රට විශාල ආගාධයකට ඇද වට්ටලා තියෙනවා කියලා.

ඒ අගාධයෙන් ගොඩ ගන්න නව මාවත තියෙන්නෙ තමන් සතුව කියලා තමයි ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජනබලවේගයේ දේශපාලන කණ්ඩායම පුණ පුණා ප්රකාශ කළේ. ගොවියො, කම්කරුවො, කාන්තාවේ එක මිටට වෙන්න පුළුවන් කොයි මිටට හරි එකතු කරලා කළේ මේ මත දැක්වීමයි.
රජයේ සේවකයන් ඇතුළු ජාතික ජනබලවේගයට ඡන්දය දීපු සෑම අංශයකම සමාජ කොටස් ඒ අය බලාපොරොත්තු උනා ඒ අය හැත්ත පස් වසරක දේශපාලන ගමන් මග විවේචනය කරපු නිසා, ඒ ගමන් මග බරපතල ලෙස වැරදියැයි පෙන්වා දුන් නිසා, ඊට ප්රතිවිරුද්ධ නව ගමන් මාර්ගයකට අවතීර්ණ කරලා මේ රට ආර්ථික දේශපාලන හා සමාජ සංස්කෘතික වශයෙන් නව මාවතකට රැගෙන යැයි කියලා බලාපොරොත්තුවක් විශ්වාසයක් ඒ ජන කණ්ඩායම් තුළ තිබුණා.

ජනාධිපතිවරණයෙදිත්, ඊට වඩා ඉදිරියට ඇවිත් මහ මැතිවරණයේ දී ත් ඡන්දය දුන්නෙ ඒ නව මාවත හෙළි පෙහෙළි කරන්න. ඒ නව ගමන් මග විවෘත කරලා එමගින් මේ රට නව සමාජ ආර්ථික හා සංවර්ධන ගමන් මගකට රැගෙන යන්නත්, ඒ තුළින් අපේ දරුවන්ට අනාගත රාජ්යයක් නිර්මාණය කරන්න කියන බලාපොරොත්තුව හා හීනය ඇතිවයි.

ඕනෑම නව ආණ්ඩුවක ගමන් මග පිළිබඳව අනාවරණය කෙරෙන්නෙ වෙන කොතනකදිවත් නෙමෙයි අය-වැය ලේඛනය මගින්. මැතිවරණ කාලේ ප්රතිපත්ති ප්රකාශනවල මොනවා සඳහන් උනත් බලය ගත්තායින් පසුව ඔවුන් ගමන් කරන්නේ කුමන මාර්ගයක ද කියන එක සෘජුව අනාවරණය වන්නේ ඔවුන් ඉදිරිපත් කරන අය-වැය ලේඛනය මගිනුයි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පසුගියදා ඉදිරිපත් කළේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ මංගල අය-වැය. 1970 දි සිරිමාවො බණ්ඩාරනායක මැතිනිය එකතුවෙලා හදපු සමගි පෙරමුණු ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා හැටියට උන්නෙ එන්.එම් පෙරේරා මැතිතුමායි. එතුමා පළමුවැනි අය-වැය ගෙනෙමින් තිබුණු පාලනයේ වැරදි ගමන් මග පෙන්වා දුන්නා ඊට වෙනස්ව තමන් ගමන් කරන මාර්ගයේ විකල්ප වෙනස මොකද්ද කියලා පෙන්වලා දීලා තමයි අය-වැය යෝජනාවලට අවතීර්ණ උනේ.

ඒ කියන්නෙ කලින් ආණ්ඩුව අනුගමනය කළේ ධනවාදී මාර්ගය, පෞද්ගලික අංශය මත පමණක් බලාපොරොත්තු රඳවන මාර්ගය, ඒ මාර්ගය නෙමෙයි අපේ මාර්ගය, අපි විශ්වාස කරන්නේ සමාජවාදී මාර්ගය දෙසට ගමන් කිරීම, එමගින් මේ රටේ දිගු කාලීන ආර්ථික ප්රබෝධයක් හා ස්ථාවර අනාගතයක් නිර්මාණය කරන්න පුළුවන් කියලා එන්.එම් පෙරේරා මැතිතුමා මූලික විග්රහයක යෙදුණා. ඒ වෙනස් දෘෂ්ඨිමය මතය පදනම්වෙලා එදා එන්.එම් පෙරේරා මැතිතුමා තමන්ගෙ අය-වැය ඉදිරිපත් කළා. ආණ්ඩුවේ යෝජනා ඉදිරිපත් කළේ ඒ දර්ශනය මත පදනම්වෙලා ඉඳගෙනයි.

ජන රජ ව්යවස්ථාව ගෙන ඒම, ඒවා ඉතා රැඩිකල් පුනරුදයක් සඳහා බලපෑවා. බ්රිතාන්ය අධිරාජ්ය සමඟ තිබුණු බැඳීමක් අවසන් කරන්න ගත්ත පියවරයන්, ඒ ඇවිල්ලා දේශපාලන තලයේ, අපි ගත්තොත් ආර්ථික තලයේ ඇතැමි ජනසතු කිරීම් ආදි විශාල රැඩිකල් පියවරයන් ගනු ලැබුවා. ඒ තුළින් මේ රටේ වැඩකරන ජනතාවට විශාල වශයෙන් අයිතිවාසිකම් ලැබුණා. කලින් ආණ්ඩුවට වඩා සපුරා වෙනස් සමාජ ආර්ථික මොඩලයක් එමගින් පෙන්නුවා.

ඊට පස්සෙ 77 ආවා ජයවර්ධන පාලනය, හයෙන් පහක බලයක් එක්ක ආපු ඒ ආණ්ඩුවේ රොනී ද මෙල් මුදල් ඇමතිතුමා අර මාර්ගයට සම්පූර්ණයෙන්ම වෙනස් මාර්ගයක් ගෙනාවා. කලින් මාර්ගයේ වැරදි පෙන්නලා අපේ මාර්ගය නිදහස් වෙළඳපොළ මාවත කියලා ඒ ආර්ථික දර්ශනය විග්රහ කරලා ඊට අනුකූල ප්රතිසංස්කරණ තමයි 77 අය වැයෙන් ගෙනාවේ.

ඕනෑම නව පාලනයක් තමන්ගෙ අය-වැය යෝජනා ඉදිරිපත් කළ යුත්තේ තිබුණු ආණ්ඩුව පාරෙම යන්න නෙමෙයි නේ. එහෙම නම් ඒ ආණ්ඩුවටම යන්න දීලා බලන් ඉන්න තිබුණා.

එහෙත් මුදල් ඇමති හැටියට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා, ඉදිරිපත් කළ අය-වැය තුළ ඔබ නව දෘෂ්ඨිවාදයක් දැක්ක ද ? නව සමාජ ආර්ථික දැක්මක් හෝ මාවතක් දැක්ක ද ? ඒ පිළිබඳව ඉඟියක් හෝ ලැබෙන පූර්විකාවක් හෝ ප්රවේශයක් ඔබ දැක්ක ද ? එන්.එම් පෙරේරාට අනුව ගිය වමේ මාවතක් හෝ වෙනත් විකල්ප මාවතක් හෝ ඔබ දැක්ක ද ? එසේත් නැත්නම් පෙන්වන ලද දාර්ශනික දෘෂ්ඨිවාදී එළඹුමක් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ කතාවේ කොතනකවත් අන්තර්ගත උනේ නැහැ.

අපි ආවේ මේ වැරදි සමාජ ආර්ථික මොඩලයේ ඉඳලා, ඒකෙන් තමයි අපි මේ වලට වැටුණේ. තව දුරටත් මෙහි යමින් ඒ වලෙන් ගොඩ එන්න බැහැ. මෙන්න මේ අලුත් මොඩලය හරහා රට වෙනස් කරනවා. මේ සමාජ ආර්ථික මොඩලයෙන් අපට පුළුවන් මේ රට වැටිලා තියෙන වලෙන් ගොඩ ගන්න. ඊට අනුකූල ආරම්භක පියවර තමයි අපි මේ අය-වැයෙන් ඉදිරිපත් කරන්නෙ කියලා එකක් ඔහු ඉදිරිපත් කළේ නැහැ. එහෙම ප්රවේශයක් නැතිව, වචන හරඹ කරලා, පැරණි ආණ්ඩුවලට ඔහේ විවේචන කරලා, ඒ විවේචනවලට ලක්වෙච්ච ආණ්ඩුවල ප්රතිපත්තිය, උපාය මාර්ගය, දෘෂ්ඨිවාදය එහෙම්පිටින්ම කර තියාගෙන ඔහේ යනවා නම් ඒක කොහොමද නව මාවතක් වෙන්නෙ ? ඒක කොහොමද නව සමාජ ආර්ථික දෘෂ්ඨිවාදයක් වෙන්නෙ ? ඒක කොහොමද සමාජ ආර්ථික වැඩපිළිවෙලක් වෙන්නෙ ? ඒක කොහොමද විකල්ප සංවර්ධන මාවතක් වෙන්නෙ ? නව දෘෂ්ඨිවාදයක්, නව උපාය මාර්ගික දැක්මක්, නව දේශපාලන ආර්ථික සැළැස්මක් මේ අයවැය තුළ කොහෙවත් අන්තර්ගත වෙලා නැහැ.

මහ බැංකු අධිපතිවරයා පල් හිනාවකුත් දාලා, මොකද මහ බැංකු අධිපතිවරයා එළවනවා කියලා නේ කිවුවේ. ජනාධිපතිවරණ කැම්පේන් කාලේ කිවුවා නේ අපි ආවම මහ බැංකු අධිපතිවයි, මුදල් අමාත්යාංශ ලේකම් එක්කයි බලාගන්නම් කිවුවානේ. එහෙමයි අනුර කුමාර දිසානායක මහත්මයා තර්ජනාත්මකව ප්රකාශ කළේ. අනේ ඒ මුදල් අමාත්යාංශ ලේකම් ලව්වාම ෆොටෝ එකක් ගහලා අපට පෙන්වනවා, අය-වැය ලේඛනය හැදුවට පස්සේ ජනාධිපතිවරයා බලනවා.

අරයා හදනවා. මෙයා බලනවා. මහ බැංකු අධිපතිවරයා අය-වැය ඉදිරිපත් කළාට පසුව බොහොම උජාරුවෙන් කියනවා. පල් හිනාවකුත් දාලා කියනවා, අයි.එම්.එෆ් එක ඉදිරිපත් කළ පරාමිතීන්ට අනුකූලවන පරිදි වර්තමාන ආණ්ඩුව අය-වැය ගෙනඑන ලද නිසා, පාලනයේ වෙනසක් උවද ගමන් මගේ වෙනස් නොවීම පිළිබඳව අපට සතුටුවිය හැකියි කියලා. බලාපොරොත්තු තබාගත හැකියි කියලා, මේ ආණ්ඩුවේ මහ බැංකු අධිපතිවරයාම අමු ශාස්ත්රීය බසෙන් කියනවා අයි.එම්.එෆ් පරාමීතීන්ට අනුව තමයි අය-වැය සකස්වෙලා තියෙන්නෙ. කලින් හිටපු ආණ්ඩුව කළෙත් ඒකම තමයි, ඒ නිසා පාලනයේ වෙනසක් උනාට ඒ වැඩේ වෙනසක් වෙලා නැහැ. ඒ හින්දා අපි සතුටුයි කියලා.

එතුමට සතුටුයි ලු දැන්. ඒ නිසා හිටුපු ජනාධිපති රනිල් මැතිතුමා කොහේ හරි ඉන්න වාස භවනකට වෙලා කකුල් දෙක වන වන හිතනවා ඇති අනේ මගේම කලිසම උගේ වගේ ඇඳගෙන අගේට යනවා. හිච්චි රනිල් මටත් වඩා හොඳට ඒ ඇඳුම ඇඳගෙන යනවා කියලා අය-වැය කතාව අහගෙන හිටපු රනිල්ට හිතෙනවා ඇති.

අපේ ස්ථාවරය තමයි මේ අයි.එම්.එෆ් පරාමිතීන් කියන එක අදහන, ඒකට මල් පහන් පූජා කරන, එ පරාමිතීන්වලින් අත පය බැඳ ගන්න, ආර්ථික ගමනකට හෝ අය-වැයකට මේ රට වැටී තිබෙන මේ වලෙන් ගොඩගන්න බෑ.
මම උදාරහණයක් හැටියට කියන්නම් ආර්ථික පරිවර්තන පනතින් කරන්නෙ, අපි හිතමු අනාගතේ රාජ්ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට විස්සක් උනයි කියලා, හැබැයි සියයට විස්සක් උනත් අපට වැය කරන්න පුළුවන් සියයට 13යි. රාජ්ය ආයෝජන සීමා කරලා තියෙනවා. සියයට 13 ඉන්න ඕන ඊට වඩා වැඩි වෙන්න බැහැ. අදායම සියයට 20-22 උනත් ඒත් සියයට 13 ඉන්න ඕන. ඒ කියන්නෙ ලංකාවේ වැඩිම ආයෝජකයා කවුද ? එතකොට ලංකාවේ වැඩිම ආයෝජකයා කවු ද ? රජය.

එහෙම උනාම රජය පාරවල් හදන්න, යටිතල පහසුකම් දියුණු කරන්න,වාරිමාර්ග හදන්න, වැව් හදන්න, ඇලවේලි හදන්න, නිදහස් අධ්යාපනයට, දුගී ජනයාගේ සුබ සාධනයට, සෞඛ්යට වියදම් කරන්න තමයි ආදායම එකතු කරන්නෙ,

හැබැයි අයි.එම්.එෆ් එක කියනවා කොච්චර ආදායම ලැබුවත් කමක් නැහැ. සියයට 13 එහාට යන්න බැහැ. දැන් ඒක පිලිඅරන්. ඕකට තමයි අයි.එම්.එෆ් පරාමිතීන් කියන්නෙ. ඔය එකක් මම කිවුවේ. මහ බැංකු අධිපති කියන අයි.එම්.එෆ් පරාමිතීන් කියන්නෙ ඕවට. මේක අදහන පාලනයකට පුළුවන් ද මේ වැටිච්ච වලෙන් ගොඩ එන්න. රාජ්ය ආදායම වැඩිකරගත්තත් ඒක සියයට 13ට වඩා වියදම් කරන්නත් බැරිනම්. ඒ කියන්නෙ රජය කරන ආයෝජනය සීමා කරලා තියෙනවා නම්, ඒ කියන්නෙ පුද්ගලික අංශය ඇවිත් මේ රටේ විශාල වශයෙන් ආයෝජන කරන කම් බලා ඉන්න කියන එක ද ? එළුවගෙ මොකද්ද එක වැටෙනකම් වගේ 77 ඉඳන් අපි විදේශ ආයෝජකයො එනකම් බලාගෙන ඉන්නවා නේ. එහෙම ද මේ රටේ ආර්ථිකය ප්රසාරණය වෙන්නෙ.

ආර්ථික වර්ධන වේගය වැඩි උනේ එහෙම කරල ද ? නෑ. ඒ නිසා සියයට 13වඩා රජයට යන්න බැහැ කියලා සීමා පනවන්නෙ පුද්ගලීකරණය කරන්න. විදේශීය කරණය කරන්න. ඒකට කරන පෙළඹවීම තමයි, ඉඩම් ටික දෙන්න, ජල විදුලිබලාගාර ටික දෙන්න, සම්පත් ටික දෙන්න. ඒකට කරන පෙළඹවීම තමයි මේ කියන සියයට 13 පරාමිතිය.

රුපියල් මිලියන 3705 වෙච්ච ගිය අවුරුද්දෙ බදු ආදායම ඔවුන් මේ අවුරුද්දෙ බලාපොරොත්තු වෙනවා රුපියල් මිලියන 4590ක් කරන්න. ඒ කියන්නෙ වැඩි කරන්න. බාහිර වෙළඳාම මත ගහන බදු විතරක් රුපියල් මිලියන 477 ඉඳලා, රුපියල් මිලියන 651 දක්වා වැඩි කරලා තියෙනවා.

පොදුවේ ගත්තොත් සියයට 23.88 කින් බදු වැඩිවෙලා තියෙනවා. හැබැයි බදු වැඩි කිරීම අය-වැය කතාවේ නැහැ. ඒක කලින්ම කරා. හිච්චි රනිලුත් දැන් සූත්තර වැඩ දන්නවා. බදු කලින් වැඩි කරලා අය-වැය කතාවේ බදු වැඩිවිමක් ගැන කතාවක් නැහැ.

ඔබ දන්නවා බාහිර වෙළඳාම මත පිටරටින් ගේන පරිප්පු ආදියට බදු වැඩිවෙනකොට ඒවායින් ජීවන වියදම වැඩිවෙනවා. ඒ බදු වැඩිවෙනකොට දේශීය නිෂ්පාදන පිරිවැය වැඩිවෙනවා. එතකොට ඒවායේ නිෂ්පාදන මිල ඉහළ යනවා. සේවා ආර්ථිකයේ මිල ඉහළ යනවා. ඒ ඔක්කොම එක්ක ගත්තම, පුද්ගලික අංශයේ වැටුප් වැඩිකරනවා නම් ඒ සේවා වියදම් ඉහළ යනවා. නිෂ්පාදනයේ මිල ඉහළ යනවා. එමගින් දැනට පවතින උද්දමනයට වඩා උද්දමනයක් රට ඇතුළෙ නිර්මාණය වෙන්න බලපානවා.

සාමාන්යයෙන් අපි මේක අධ්යනය කරාම ආර්ථික විශේශඥයො පෙන්වලා දෙන්නෙ ඉදිරි කාලය තුළ නව සියයට 23.88 බදු වැඩිවිම හරහා සියයට 6ත් 10ත් අතර ජීවන වියදමේ ඉහළ යාමක් නිසැක වශයෙන්ම සිදුවේවි කියලයි. සමහරවිට මේවා අහන්න දැන් ලජ්ජා ඇති. කතිර දීපු අය කොහොමත් දැන් අපි රැවටුනා කියලා ලජ්ජාවක් එනවා නේ. ආත්ම අනුකම්පාවක් එනවනේ. ඒ නිසා මම ඒ අයගෙ හිත රිද්දන්න කැමති නැහැ.

එහෙත් ඇත්තටම අවසන් සතිය දෙකේ රැලිවල අත්පොලසන් මැද කිවුවා, ඉගෙන ගන්න දරුවගෙ පැන්සලට බදු ගහන්න ඕන ද ඉගෙන ගන්න එක ආයෝජනයක් නෙමෙයි ද ? ඉගෙන ගන්න දරුවගෙ කවකටු පෙට්ටියට බදු ගහන්න ඕන ද ? පෙළ පොතට බදු ගහන්න ඕන ද ? අපි ආපු ගමන්ම පළවැනි අය වැයෙන්ම ඒ බදු අයින් කරනවා. ඊළඟට කිවුවා මෙඩිකල් රිපෝට් එකක් ගන්න එකට බදු ගහන්න ඕන ද ? ලෙඩ්ඩු කියන්නෙ රජයට අදායම් උපදවලා දෙන අය ද ? ලෙඩ්ඩුන්ට බදු ගහන්න ඕන ද ? බෙහෙත්වලට බදු ගහන්න ඕනද ? අපි ආපු ගමන් පළවැනි අය වැයෙන්ම බෙහෙත්වලට සහ සෞඛ්ය පරීක්ෂණ වාර්තාවලට ඒවාට අදාළ බදු අයින් කරනවා කිවුවා. ඉතිං ඉස්සරහ හිටපු අය අත්පොළසන් දීලා හුරේ දාලා ඒවා අනුමත කළා. දැන් එතකොට පළවෙනි අය වැය නෙමෙයි ද මේ ආවේ ?

පළවැනි අය වැයෙන් මේවා අයින් කරනවා කිවුවේ මේ රටේ මිනිස්සු රවට්ටන්න ද ? එතකොට හොරු විතර ද නරක ? හොරුන්ට වඩා හොරකමක් මිනිස්සු අන්දන එක. මිනිස්සු රවට්ටන එක. මිනිස්සුන්ට බොරු කියලා ඡන්දෙ ගන්න එක. මිනිස්සුන්ගෙ ඡන්දෙ හොරාකන එක. හොරා කෑමක් නේ මේ. සියලු හොරකම්වලට වඩා භයානකයි බොරු කියලා ඡන්දෙ හොරකම් කරන එක.
පරමාධිපත්ය බලය හොරා කන එක. ඒක තමයි තියෙන නරකම හොරකම. මේ නරකම හොරකම කරපු කට්ටියක්. කරන්න පුළුවන්ද බැරිද කියලා දන්නෙවත් නැතිව හොයන්නෙවත් නැතිව බලන්නෙවත් නැතිව, හුදු ඡන්ද ටික එකතුකරගන්න ආශ්වාදජනක බලාපොරොත්තු දීලා හිතෙන හිතෙන කෙප්පෙ ඔහේ දෙසා බාපු පාලන තන්ත්රයක් මේ. ඒ නිසා පළවැනි අය වැය ආවා අර කියපු කිසිවක් සිද්ධ වෙලා නැහැ.

ජනාධිපතිතුමාට අනුව තැපැල් ඡන්ද දායකයා ආලෝක වර්ෂ ගණනාවක වේගයෙන් තමයි පහුගිය ජනාධිපතිවරණයෙත් මහ මැතිවරණයෙත් ඡන්දය පාවිච්චි කළේ. සාමාන්යයෙන් එතරම් වේගයෙන් රජයේ සේවකයෝ ඡන්දය දීලා තිබුණෙ නැහැ. ඒ ආලෝක වර්ෂ ගණනාවක වේගයෙන් ඡන්දෙ දීපු තැපැල් ඡන්ද දායකයා, ගුරුවරු බලාගෙන හිටියා වැටුප් විෂමතා ඉවත් කිරීමේ වාර්තා අනුව තුනෙන් එකක් හම්බ උනා. ඉතුරු තුනෙන් දෙක දෙන වාර, සුබෝධනී වත් මතක් කරලා කියයි කියලා, පොදුවේ වැටුප් විෂමතාව ඉවත් කරයි කියලා, අනෙක් පැත්තෙන් ගුරුවරු විතරක් නෙමෙයි පොදුවේ සමස්ත රාජ්ය සේවකයා බලන් හිටියා.

කොවිඩ් ඉවර වෙන්නත් කලින් මිනිස්සු පාරට ගත්තෙ රුපියල් විසි දහසක වැටුප් වැඩි කරනු කියලා, මහින්ද ජයසිංහ මහත්මයා ඇතුළු ඔය වෘත්තිය සමිති ව්යාපාරයේ පාතාක යෝධයො අද එක්කො නියෝජ්ය ඇමතිවරු නැත්නම් ඇමතිවරු, ලාල්කාන්ත මහත්මයාගේ වෘත්තිය සමිති ව්යාපාර, මේ ඔක්කොම බැස්සෙ විසි දහසකින් ජීවන වියදමට සාපේක්ෂව වැටුප් වැඩිකරනු කියලා. එහෙම කියපු අය දැන් ගුරුවරුන්ට වැටුප් විෂමතාව නැති කරලා නෙමෙයි දැන් විෂමතාව වැඩි කරලා, තිබුණටත් වඩා වැඩි කරලා, එකක් කඩතොළු වහාගන්න ගිහිං දෙකක් කඩතොළු හදාගෙන තියෙන්නෙ. අය වැය හදලා ඉඳුරුවේ ආචාරියාට වෙච්ච වැඩේ තමයි අනුර දිසානායක මහත්තයාට වෙලා තියෙන්නෙ.

අයි.එම්.එෆ් එක හදලා මුදල් අමාත්යාංශය හරහා එතුමට කියවන්න දුන්නා. අර ෆොටෝ එකේ තියෙන්නෙ. මුදල් අමාත්යාංශයේ ලේකම් ගෙනල්ලා දුන්නා එතුමා කියවනවා. ගුරුවරුන්ගෙ වැටුප් විෂමතාව ඉවත් උනෙත් නෑ. ඒ කාලේ කිවුවේ ගුරුවරුන්ට සොච්චම් පඩි දී ආණ්ඩුව ඔච්චම් කරනවා කියලා, මහින්ද ජයසිංහ මහත්මයා කිවුවේ එහෙමයි. මේ ඔච්චං නෙවෙයි ද එතකොට.

ගුරුවරුන්ගෙ වැටුප් විෂමතා ඉවත් කරනවා කියලා නෙමෙයි ද බලයට ආවේ. තුනෙන් එකක් දුන්නා පහුගිය පාලනයන්, ඉතුරු තුනෙන් දෙක දෙනවා කියලා නේද ආවේ. ඉතුරු තුනෙන් දෙක දෙනවා තියා ඒ ගැන වචනයක්වත් නෑ නේ. සුබෝධනී තියා ප්රබෝධනී ගැනවත් මතක් කිරීමක් නෑ නේ. ඒකෙන් පේනවා මේ අය බලයට එන්න ගුරුවරු රැවැට්ටුවා. වැදගත් වෘත්තිකයන් රැවැට්ටුවා.
දීපු පොරොන්දු ඉෂ්ට කිරීමේ කිසිම බලාපොරොත්තුවක් තිබිලා නැහැ. හැම මාස හයකටම වරක් රාජ්ය සේවකයාගේ වැටුප් වැඩි කරනවා කියලා කිවුවේ.

අන්තිමට කන්දක් විලිලා මි පැටියෙක් වැදුවා වගෙයි. අන්තිමේදි රාජ්ය සේවකයාගේ මූලික වැටුප රු.15750කින් වැඩි කරනවා කියලා ඒක කැඩුවා කෑලි තුනකට. දැනට දෙන තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාවත් කපලා, ඒ රු.7500ත් ඇතුළට දාලා. ඇත්තටම ගත්තොත් මේ අවුරුදු තුනටම වැඩි කළේ රු.8250යි. විසි දහසකින් මූලික වැටුප වැඩි කරයි කියලා බලාගෙන හිටපු රජයේ සේවකයට ඒ සඳහා සටන් කරපු අය අන්තිමට බලයට ඇවිල්ලා වැඩි කළේ රුපියල් 8250යි. ඒකත් අවුරුදු තුනකට කැඩුවා.

එතකොට සියයට 30ක් මේ අවුරුද්දෙදි හම්බවෙනවා, ඉතිරි සියයට 70 ඊළඟ අවුරුදු දෙකේදි ලබලා දෙනවා කියලා ඔවුන් කියනවා. දැන් සාමාන්යයෙන් බැලුවොත් රු.5975ක තමයි හරියට අතට ගන්න මුදල වැඩිවෙන්නෙ. සමහර විශ්වවිද්යාල ආචාර්යවරුන්. වෛද්යවරුන් කියනවා ඒ අය කලින් ගත්ත මුදලට වඩා අතට ගන්න ලැබෙන මුදල මේකත් එක්ක අඩුවෙනවා කියලා. ඒ ගැන අපි තව දුරටත් අධ්යනය කරනවා.

ත්රීවිල් රියදුරන් ගත්තත් ඒ අයත් මේ ආණ්ඩුවට ආලෝක වර්ෂ ගණනාවකින් වැඩ කළ අයනේ. ක්ලීන් ශ්රී ලංකා කියලා ඒගොල්ලන්ගෙ ත්රීවිල් එකේ කෑලි ගලවන්න ගත්ත ගමන් හොඳ ඒවායින් දෙසා බාන්න පටන් ගත්තා. ඊළඟට දැන් ත්රීවිල් එකක මිල රුපියල් ලක්ෂ 7කින් විතර ඉහළ දාලා තියෙනවා. ඒ තමයි ත්රීවිල් රියදුරන් දීපු සහයෝගයට දෙන ප්රති උපකාරය.

බලන්න මේ වැටුප් වැඩිවීම වඳුරු කුණුහරුපයක් නේ. වීජ ගණිතයෙන්ද, ජ්යාමිතියෙන්ද, අංක ගණිතයෙන්ද, කියලා හිතා ගන්න බැහැ. රජයේ සේවකයා ටූ ෆයි ආර් දාලා හදන්න බලනවා මේක, එක්ස් වර්ගය වැඩි කිරීම වයි වර්ගය කියලා දාලා හදන්න බලනවා, මොන සූත්රය දැන්මත් මේකේ උත්තරය හොයා ගන්න බැහැ. මේ දවස්වල රජයේ සේවකයො කරන්නෙ ඔළුව කකහ කල්පනා කරනවා මගේ වැටුප කීයකින් වැඩි වෙයිද කියලා,

රජයෙ සේවකයා හොල්මන් කරලා, ඒ අය තුස්නිම්භූත වෙලා ඉන්නෙ. 15750 කියන එක හයිලයිට් වෙන විදියට කියපු නිසා හෙට ඉඳන්ම වැටුපට ඒ ගාන වැඩිවෙයි කියලා රජයේ සේවකයා හිතුවා. දැන් තමයි ගණිතමය සූත්රයට දාලා බලන්නෙ. මේක ඇත්තටම ඕ ලෙවෙල් ප්රශ්න පත්රයට දෙන්න තිබුණා. විසඳන්න කියලා දීලා තිබුණා නම් මරු. අපි කියන්නෙ රජයේ සේවකයාට එහෙම කළ යුතු නැහැ.

මේ රටේ තියෙන විදේශ විනිමය සොයන පාර නේ පෙන්වන්න ඕනි. විදේශ විනිමය අර්බුදයක් මේ රටේ තියෙනවා. තෙල්ටික, ගෑස්ටික ගෙන්න ගත්තම සහ ආයේ ණය පියවන්න පටන් ගත්තම අපි බෙල්ල මුලට හිරවෙනවා. බැඳුම්කර හිමියන්ට ණය ගෙවන්න පටන් ගත්තම, රටවල් රටවල් අතර ගත්ත ණය ගෙවන්න පටන් ගත්තම, අපේ ඩොලර් සංචිතයෙන් සැළකිය යුතු පංගුවක් ඒවාට වියදම් වෙන්න ගත්තම, එදිනෙදා ජීවිතයට ඕන කරන දේවල් නැවත ලබාදිමේ අර්බුදය මතුවෙනවා. වැඩි දුර නෑ 2027 -28 වෙනකොට අපට ඒ අභියෝගයට මුහුණ දෙන්න වෙනවා.

එතකොට ඒකට මොකද්ද තියෙන ප්ලෑන් එක. කෝ විදේශ විනිමය අලුතින් හොයන ප්ලෑන් එක. මේකට විසඳුමක් ඕන. මිනිස්සු ඒක නෙමෙයි ද බලාපොරොත්තු උනෙ. දේශීය නිෂ්පාදන බලගන්වන සැළැස්මක් ඕන.අඩුම ගානේ දේශීය නිෂ්පාදකයා තමන්ගෙ නිෂ්පාදනවලට පිටරටින් අමුද්රව්ය ගේනවා. ඒ අමුද්රව්ය වලට බදු ඉවත් කළා කියන ප්රකාශය කෝ ? එහෙම මොනවත් නැහැ. කර්මාන්තකරුවා බලගන්වන සැළැස්මක් නැහැ. සුළු හා මධ්ය පරිමාන කර්මාන්තකරුවා බලගන්වන සැළැස්මක් නැහැ. ඔවුන්ගෙ දේපළ අද බැංකුවලට සින්න වෙලා. ලීසිං කොම්පැනිවල ග්රහනයට නතු වෙලා. බ්ලැක් ලිස්ට් වෙලා. ඔවුන්ගෙ ගේ දොර සින්න වෙලා. අන්ත අසරණ වෙලා ඉන්න ඒ සුළු හා මධ්ය පරිමාන කර්මාන්තකරුවා ගැන වගේ වගක් නැහැ.
ඒ අය බල ගන්වන කිසිදු සැළැස්මක් මේ අය වැයේ නැහැ. ඒ කියන්නෙ විදේශ විනිමය අර්බුදයක් එනවා.

සංචාරකයො එන සංඛ්යාව වැඩි උනා කියලා ඒ සංඛ්යාවට සරිලන්න ලැබීම් වැඩි වන්නෙ නැහැ. ඔවුන් බහුතරයක් එන්නෙ මූලික ගෙවීම් කරලා. එතකොට මේ රට ඇතුලෙ වෙන්නෙ ඔය කන බොන එකක් විතරයි. වෙනත් රටවල් වගේ අපේ සංචාරක ව්යාපාරය විවිධාංගිකරණය වෙලා නැහැ. සංචාරකයකුට වියදම් කරන්න තරම් වෙන ආකර්ශනීය ක්රියාමාර්ග අපේ සංචාරක කර්මාන්තයේ තියෙන්නෙ ඉතාම අඩුවෙන්. ඉතිං ඒ නිසා රට ඇතුලෙ වියදම් කරන ප්රමාණයෙන් විතරක්, සංචාරකයො ගණන වැඩි උනා කියලා අපට ඒකෙන් ලැබෙන ආදායම ගැන සෑහීමකට ලක්වෙන්න බැහැ.

තායිලන්තය හා මාලදිවයින එක්ක හිතුවොත් අපේ හෝටල් කාමරයක මිල සාපේක්ෂව වැඩියි. අපේ සේවකයාට ගෙවන්න වෙලා තියෙන වැටුප වැඩියි. අපේ ආහාරවලට ගෙවන්න තියෙන ගණන වැඩියි. විදුලිබලයට ගෙවන්න වෙලා තියෙන මිල වැඩියි. මේවායේ පිරිවැය වැඩියි. අනෙක් රටවලට සාපේක්ෂව මිලක් නියම කරන්න අපේ හෝටල්කරුවට බැහැ. අපට එන්නෙත් මධ්යම හා පහළ ආදායම් ලබන සංචාරකයො, ඒ ගොල්ලො බලනවා අඩු වියදමෙන් කොහෙද සංචාරය කරන්න පුලුවන් කියලා. එහෙම බලනකොට අපේ රට නොසැලකිල්ලට භාජනය වන රටක් බවට පත්වෙලා තියෙනවා.

අලුතින් විදේශ විනිමය උත්පාදනය කරන නව මාර්ග ගැන මේ අය-වැයේ සඳහනක්වත් නැහැ. අයි.ටී ක්ෂේත්රයටත් මේ අය වැයේ බදු ගහලා තියෙනවා. ඒවාට බදු ගැහුවම වෙන්නෙ ඒ ක්ෂේත්රයේ කිසියම් විදේශ විනිමයක් උපයනවා නම් ඒකත් අඩුවෙන එක. එ නිසා අර අයි.එම්.එෆ් පරාමිතීන්ට අනුව රනිල් ගියා වගේ ඒ පාරේ යනවා මිසක් වෙන දැක්මක් හෝ මේ වළෙන් ගොඩ එන මාර්ගයක් මෙම අය වැයෙන් එළි පෙහෙළි කරලා නැහැ.

ඒ නිසා බොහොම පැහැදිලියි මේ ආණ්ඩුවට මාරු වෙලා තියෙන්නෙ කමිසෙ බොත්තම් විතරක් නෙමෙයි. පාරත් මාරු වෙලා තියෙනවා. මාවත මාරු වෙලා තියෙනවා. එන්න කලින් කිවුවේ 75 වසරක වැරදි පාරක් ගැන. හැබැයි අපූරුවට ඒ පාරම හැඩ ගන්වමින් ඒ පාරෙම ගමන් කරන අය-වැයක් බවට මේ අය වැය පත්ව තිබෙනවා.

මේ රට ඔය වළට අද්දලා දමපු පාරේ, නව ලිබරල් ආර්ථිකය කරගහ ගත්තු පාරේ, ජාත්යන්තර මූල්ය අරමුදලේ පරාමිතීන් කරගහ ගත්තු පාරේ, ආපු වැරදි පාරේ, ණයට අරන් ජොලියෙ කාලා අද දවස ගෙවමු හෙට ඕන දෙයක් වෙච්චාවේ කියලා හිතන සංස්කෘතියකට මේ රට ඇද වට්ටපු පාරේ, මේ වළට වට්ටපු පාරේ, ඒ පාරේ අනුර නෙමෙයි, පිදෙල් ක්රස්තෝ නෙමෙයි දුටු ගැමුණු ගියත් පරදින එක වළක්වන්න බැහැ.රටටත් වරද්දලා, තමනුත් වරද්දාගන්න එක වළක්වන්න බැහැ. මේ යන්නෙ ඒ වැරදි පාරේ.

ඒ නිසා මේ පාලන තන්ත්රය නිර්මාණය කරන්න කැපවෙච්ච, නිස්සරණ අභ්යාසයෙන් ඒ වෙනුවෙන් දායක වෙච්ච, අර චෞර ව්යාපාරිකයො වගේ නෙමෙයි. බස්නාහිර ආණ්ඩුකාරයා වගේ නෙමෙයි. අර ධම්මික පෙරේරා මහත්මයාට නම් සංතෝසම් ලැබෙනවා නේ. සුනිත්ය විදුලිබලාගාර ටෙන්ඩර් එකෙන් ප්රතික්ෂේප වෙනවා ඒ බොන්ඩ් එක තියලා නැහැ. හැබැයි එහෙම උනාට කැබිනට් තීන්දුවකින් ඒවා දෙනවා. ඒ නිසා මූල්ය චෞරයන්ට. අර ඉහළ පැලැන්තියට ඒ සංතෝසම් ලැබෙනවා. හැබැයි සත් භාවයෙන් කැපවුණු සුවහසක් ඡන්ද දායකයන්ට අර එක මිටට ආපු කාන්තාවන්ට, මිටට ආපු ගොවියට, එක මිටට ආපු රණවිරුවන්ට, කියනවා තමන්ගෙ පාස්පෝට් එක හමුදා ප්රධානීන්ට භාර දෙන්න කියලා. යුද්ධ කාලෙවත් මෙහෙම උනේ නැහැ.
යම් උපාධියක් තියෙන මට්ටමේ සියලු රණවිරුවන් තමන්ට ලැබෙන මේ පඩියෙන් ජීවත් වෙන්න බැහැ. රණවිරුවන් විදේශ අධ්යාපනයකට යනකොට දුන්නු ගාස්තුව දැන් ගෙවන්නෙ නැහැ. අඩු කරලා තියෙන්නෙ. කප්පාදු කරලා තියෙන්නෙ. රණවිරුවන්ට ජීවත්වෙන්න බැහැ මේ සොච්චම් වැටුපෙන්. ඒ නිසා පවුලෙන් එනවා පීඩනයක්. යුද්දෙ කාලෙවත් රණවිරුවගෙ පාස්පෝට් එක හමුදා ප්රධානීන්ගෙ ලොකර් එකේ දා ගත්තෙ නැහැ. අද රණවිරුවට පල නොකියා පලා බෙදනවා. ජීවත්වෙන්න බැරි විදියෙ වැටුපක් දෙන නිසා ඔවුන් රට අතහැර යනවා. ඒ නිසා පාස්පෝට් එක අරන් ලොක්කන්ගෙ සාක්කුවට දා ගන්නවා. එක මිටට දැන් රණවිරුවට පාස්පෝට් එකත් හමුදා ප්රධානීන්ට දෙන්න වෙලා තියෙනවා.

ඒකයි අපි කියන්නෙ වැරදි පාර් යනකොට ගන්න වෙන්නෙ වැරදි තීරණ. වැරදි තීරණවලින් මේ වැටිච්ච වළෙන් ගොඩ එන්න බැහැ. හැත්තෑ පස් වසරක් ගැන අඬා දොඩා වැලපිලා අන්තිමට රනිල් අවසන් කරපු තැන සිට ඉදිරියට යනවා. මහ බැංකු අධිපතිට අනුව අයි.එම්.එෆ් පරාමිතීන්ට අනුව තව දුරටත් ඉදිරියට යනවා. පාලනය වෙනස් උවද ගමන වෙනස් වී නැත කියලා තමයි මහ බැංකු අධිපති කියන්නෙ. එවැනි ගමනකින් මේ රටට අත්වන සුගතියක් නැහැ. ප්රතිඵලයක් නැහැ. දිගු කාලීනව මේ ඇද වැටී තියෙන වළෙන් ගොඩ එන්න බැහැ. ඒ නිසා මහජනයා රවට්ටලා විශාල බලාපොරොත්තු දීලා ඇවිල්ලා අන්තිමට රනිල්ගෙ කලිසම අගේට ඇඳගෙන ගමන් කරන ඉරණමකට ඇඳ වැටීම ගැන අපි කනගාටු වෙනවා විතරක් නෙමෙයි. ලජ්ජයි කියලත් කියන්න වෙනවා. යැයි විමල් වීරවංශ මහතා පැවසීය.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත සමරවීර, දේශපාලන මණ්ඩල සභික ප්රියන්ත කරුණාරත්න මහත්වරු එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*