BREAKING NEWS

රත්මලාන ශ්‍රී ධර්මාරාම විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය අමත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන්

රත්මලාන ශ්රී ධර්මාරාම විද්යාලයේ ශිෂ්ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය අද(27) එම විද්යාලයීය ශාලාවේදී පැවැත්විණි මෙම උත්සවයට ප්රධාන ආරාධිතයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා සහභාගී විය.

බස්නාහිර පළාත් අතිරේක අධ්යාපන අධ්යක්ෂ උදය කුමාර, පිලියන්දල කලාප සහකාර අධ්යාපන අධ්යක්ෂිකා රේණුකා රත්නායක යන මහත්ම මහත්මීන්ගේ ද සහභාගිත්වයෙන් පැවති මෙම නිල ලාංඡන පැළඳවීමේ උත්සවය අවසානයේ පූජ්ය අත්තිඩියේ සෝමානන්ද හිමියන්ගේ ධන පරිත්යාගයෙන් පාසල් දරුවන් වෙනුවෙන් පාවහන් මිලදී ගැනීමේ වවුචරපත් ලබාදීම ද සිදු කෙරිණි.

මාධ්ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ,
2022-01-27
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*