BREAKING NEWS

සාකච්ඡා ධනාත්මකයි, සුබ පණිවිඩය ඉක්මනින්ම – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

නව සන්ධානයක් බිහි කිරීමේ සාකච්ඡා ඉතාමත්ම ධනාත්මකව මේ වන විට සිදු කෙරෙමින් පවතින් බවත්, එහි ජයග්‍රාහි සුබ පණිවිඩය ඉතා ඉක්මණින්ම රට හමුවේ ප්‍රකාශ කරන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.

ඒ, පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නව සන්ධානයක් ගොඩනැගීම සදහා උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) දින පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*