Previous Story
යුගදනවි ගනුදෙනුව, ආණ්ඩුවේ විනිවිදභාවය හා ජීවන වියදම” යන මාතෘකා යටතේ ගොඩනැඟුණු “මහජන මන්ත්‍රණ සභාවේ දෙවන සැසිය” ඇහැලියගොඩ දී මුළු දෙයි!
Posted On 15 Dec 2021
Comment: 0
යුගදනවි ගනුදෙනුව, ආණ්ඩුවේ විනිවිදභාවය හා ජීවන වියදම” යන මාතෘකා යටතේ ගොඩනැඟුණු “මහජන මන්ත්‍රණ සභාවේ දෙවන සැසිය” ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක මුලාසනයෙන් ඇහැලියගොඩ මෝරගල සුවින්රා උත්සව ශාලාවේ දීපැවැත්විණි.
මහජන මන්ත්‍රණ සභාව වෙනුවෙන් පැමිණි පිරිස පිළිගැනීම හා අරමුණු පැහැදිලි කිරීම ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් සිදු කරන ලදී.
මහජන මන්ත්‍රණ සභාවේ මූලාසන මණ්ඩලය වෙනුවෙන් විජය ධරණී සභාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම සංවාද කවය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයෝ අදහස් දැක්වූහ.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන වීරසුමන වීරසිංහ, ගාමිණී වලේබොඩ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දීපාල් ගුණසේකර යන මහත්තුරු ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් ද එක්ව සිටියහ.
මාධ්‍ය අංශය,
මහජන මන්ත්‍රණ සභාව,
2021-12-14