BREAKING NEWS

“රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද ?” උත්තර ලංකා සභාගයේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් බත්තරමුල්ලේ දී

මේ වනවිට “රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?” යන තේමාව යටතේ දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට උත්තර ලංකා සභාගය කටයුතු යොදා තිබෙන අතර එහි තවත් සම්මන්ත්‍රණයක් අද(27) සවස බත්තරමුල්ල නගර සභා ශාලාවේ දී පැවැත්විණි.

මෙම සම්මන්ත්‍රණය අමතා උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, උත්තර ලංකා සභාගයේ අනුශාසක, විජය ධරණී ජාතික සභාවේ නායක, පූජ්‍ය අතුරලියේ රතන හිමි, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම සංවාද කවයේ නායක, ගෙවිඳු කුමාරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ජාතික නිදහස් පෙරමුණේ කඩුවෙල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී ශෂී පෙරේරා මහතා ඇතුළු උත්තර ලංකා සභාගයේ සාමාජික දේශපාලන පක්ෂවල ප්‍රාදේශීය නායකයෝ සහ මහජන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය අංශය,
උත්තර ලංකා සභාගය
2023-08-27

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*