BREAKING NEWS

රිෂාඩ් බදියුදීන්ලාගේ අනුග්‍රහයෙන් සිදුවන විල්පත්තු මහා වන සංහාරය සහ විල්පත්තු කල්ලාරු රක්ෂිතයේ පුංචි අරාබියක් හැදෙන හැටි විමල්ගේ නිරික්ෂණ චාරිකාවේදී තහවුරු වෙයි!

රිෂාඩ් බදියුදීන්ලාගේ අනුග්‍රහයෙන් සිදුවන විල්පත්තු මහා වන සංහාරය සහ විල්පත්තු කල්ලාරු රක්ෂිතයේ පුංචි අරාබියක් හැදෙන හැටි විමල්ගේ නිරික්ෂණ චාරිකාවේදී තහවුරු වෙයි!

විල්පත්තු රක්ෂ‍ිත වනාන්තරයට අයත් පරිවාර රක්ෂිත වනාන්තරවල සිදු වන මහා පරිමාණ පරිසර විනාශයන් තවදුරටත් තීව්‍ර කරමින් කල්ලාරු රක්ෂිතයේ සිදු කෙරෙන අනවසර නිවාස ඉදිකිරිම්, පස් කැපීම් ඇතුළු පරිසර විනාශයන් පිළිබද සොයා බැලීමට ඊයේ (15) ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා විශේෂ නිරික්ෂණ චාරිකාවක යෙදිණි.

එහිදී ඉහත කී කල්ලාරු රක්ෂිතයේ නිවාස ඉදිකිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබා දී ඇති බව නිරික්ෂණය විය. එසේම භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ අනුමැතිය ලබා ගෙන කල්ලාරු රක්ෂිතයට අයත් මරිච්චකට්ටි ප්‍රදේශයේ සිදු වන මහා පස් ජාවාරමක් ද වීරවංශ මහතා නිරික්ෂණය කළේය.

එසේම මෙම රක්ෂිතය තුළ ව්‍යාජ ගම්මාන හෙවත් ස්ථිර පදිංචිකරුවන් නොමැති ‘ජාසිම් සිටි” නිවාස ගම්මාන රැස ද නිරික්ෂණය කළ ජානිපෙ නායකවරයා පැවසුවේ මේ මහා පරිසර විනාශය මෙන්ම ඊට සමගාමීව මෙම ප්‍රදේශය පුංචි අරාබියක් බවට පත් කෙරෙන ක්‍රියාවලිය රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ ඍජු මැදිහත් වීමෙන් හා ආශිර්වාදය ඇතිව සිදු කෙරෙන බව මෙම නිර්ක්ෂණ චාරිකාවේදී තහවුරු වූ බව ය. මෙම තත්වය වෙනස් කිරීම සදහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අඛණ්ඩ අරගලයක් ගෙන යන බව ද වීරවංශ මහතා නිරික්ෂණය අවසානයේදී මාධ්‍ය වෙත අවධාරණය කළේය.

මෙම නිරික්ෂණ චාරිකාවට ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, පරිපාලන ලේකම් සමන්සිරි හේරත් ඇතුළු ජානිපෙ මහජන නියෝජිතයෝ පිරිසක් ද ප්‍රවීණ රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක, ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු කලාකරුවෝ පිරිසක් මෙන්ම විශේෂ මාධ්‍ය කණ්ඩායමක් ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019/06/16

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*