BREAKING NEWS

“අද මේ රට ඇමරිකාවට ඕනෑම ජෝගියක් නටාගන්න පුළුවන් රටක් බවට පත්කරලා”

“අද මේ රට ඇමරිකාවට ඕනෑම ජෝගියක්
නටාගන්න පුළුවන් රටක් බවට පත්කරලා”

– ජානිපෙ නායක විමල් වීරවංශ

පසුගිය 24 වැනිදා වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා සිටින පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී සැකකරුවන් සමග ඇමෙරිකානු FBI ආයතනයේ නිලධාරීන් දෙදෙනකු හා මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ දෙදෙනකු පැය 02ක රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවත් එමගින් පෙනී යන්නේ මේ පරගැති ආණ්ඩුව මේ රට ඇමරිකාවට ඕනෑම ජෝගියක් නටා ගැනීමට හැකි රටක් බවට පත් කොට ඇති බවත් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි

ඊයේ (28) කුරුණෑගල නගර ශාලාවේදී පැවැති වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයේ සම්මන්ත්‍රණයට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයට සහ ඔවුන්ගේ පවුල්වලට එම ප්‍රහාරය සිදුව මාස තුනක් ඉක්ම ගොස් ඇතත් අවම සාධාරණය හෝ ඉටුකිරීමට මේ පාලනයට නොහැකි වී තිබෙනවා. සාධාරණය ඉටු වෙමින් ඇත්තේ වින්දිතයාට නොවෙයි ප්‍රහාරකයාටයි.

‘FBI වැලිසරට’

2019.07.24 වැනිදා උදේ 9.30ට වැලිසර නාවික හමුදා කඳවුරට FBI නියෝජිතයන් දෙදෙනකු පැමිණ තිබෙනවා. ක්‍රිස්ටියා වයිට් හිල් සහ මැතිව් ආර්. වොයිට්ස් යන නම් සඳහන් දෙදෙනකු තමයි මෙසේ පැමිණ ඇත්තේ. එම නාවික හමුදා කඳවුර ඉහත ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව නිකුත් කළ ගැසට් නිවේදනයකින් වහාබ් ත්‍රස්තවාදී සැකකරුවන් රඳවා තබන ස්ථානයක් බවට පත් කොට තිබෙනවා. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කළේ එතැන සිටයි. ඉහත FBI නිලධාරීන් දෙදෙනා වැලිසර නාවික හමුදා කඳවුර තුළට ගැනීමට නාවික හමුදා නිලධාරීන් කැමති වුණේ නැහැ. නමුත් වැලිසර නාවික හමුදා කඳවුර තුළ සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප්‍රධානියාට ඉහළින් නියෝගයක් ලැබී තියෙනවා මේ අයව ඇතුළට ගන්න. ඒ අනුව ඇමෙරිකානු FBI නිලධාරීන් දෙදෙනා සමග මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දෙදෙනකු ද යනවා. අරුණ නැමති අයකු හා භාෂා පරිවර්තක ලෙස සංජය මයිල්වානගම් නැමති අයකු තමයි එසේ ගොස් ඇත්තේ. මේ රහසිගත සාකච්ඡාව මේ හතරදෙනා සහ මුස්ලිම් ත්‍රස්තවාදී සැකකරුවෝ අතරයි සිදු වූයේ. අපේ ආරක්ෂක අංශවල කිසිවකුටත් ඒ අසළට පැමිණීමට ඉඩ දී නැහැ. අද මේ රට ඇමරිකාවට ඕනෑම ජෝගියක් නටාගන්න පුළුවන් රටක් බවට පත් වී අවසානයි. පසුගියදා කටුනායක ගුවන් තොටුපළට නමක් නැති ගුවන් යානයක් පැමිණෙනවා. එයින් පැමිණි පිරිස රට තුළට එනවා. මේ කිසිවක් අද නීරික්‍ෂණය වන්නේ නැහැ.

‘වහාබ්වාදීන් අන්දන ඇඳුම’

මේ වහාබ්වාදය පැවැත්මට ආවේ මුස්ලිම් ජන සමාජය භේදබින්න කරමිනුයි. බලවත් මුස්ලිම් රාජ්‍යයන් දුර්වල කිරීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් වහාබ්වාදය යොදා ගත්තා. මේ රටේ ඉන්න සුපී මුස්ලිම්වරුන් ද මේ වහාබ්වාදයට විරුද්ධයි. ‘ඇහැ විතරක් පෙනෙන ඇඳුම් ඇඳපල්ලා’ කියා කාන්තාවන්ට බලපෑම් කරන්නේ මේ අන්තවාදීන් විසිනුයි. රිෂාද් බදියුදීන් තම බිරිඳ ඡන්දපොළට රැගෙන යන්නෙත් ඇහැ විතරක් පෙනෙන ඇඳුමක් අන්දවලා. ඒ විදියට ඇඳුම ඇතුළේ සිටියේ බිරිඳ ද වෙනත් කාන්තාවක් ද කියා කියන්නටවත් බැහැ.

‘ලැජ්ජා හිතෙන මතවාදයක්’

ඒ විතරක් නොවෙයි, ‘චිත්‍ර අඳින්න, සින්දු කියන්න බැහැ, පිළිම වන්දනාව බැහැ, සුසානභූමි හදන්න බැහැ, සොහොන්කොත් වන්දනාව බැහැ’යන ඒවා වහාබ්වාදයේ මූලධර්මයි. පසුගිය දිනයක අතාවුල්ලා හිටපු ඇමැතිවරයා සින්දුවක් මුමුණමින් සිටින විට මම කීවා ‘අපොයි සින්දු කියන්න එපා! මැරුම් කන්න වෙයි’ කියලා. එවිට එතුමා කියනවා ‘ලැජ්ජයිනෙ’ කියා. ඇත්තෙන්ම මේ අන්තවාදී මතවාදය මොළය කළඳක් හෝ තිබෙන මුස්ලිම් ජනතාව ලැජ්ජාවට පත් කරවන්නක්. ඒ කාලයේ මේ මතවාදය පැළ වෙලා තිබුණා නම් මොහිදින් බෙග් මාස්ටර්වත් මේ අය මරා දමනවා.

‘වහාබ් අන්තවාදීන්ට පාවාඩ එළීම’

මේ රටේ වහාබ් අන්තවාදය වැඩුණේ අරාබියේ ධනවත් රටවලින් පොම්ප කරපු සල්ලිවලින්. මේ දිනවල පාර්ලිමේන්තුවේ රැස්වන ‘කෝලම් කාරක සභාවට’ මහ බැංකු අධිපති සහ එතුමාගේ කාර්ය මණ්ඩලය කැඳවා තිබුණා. එහිදී ‘ශරියා විශ්වවිද්‍යාලයට කෝටි ගණනින් සල්ලි ආවා කියා ඔබලා දැන සිටියේ නැද්ද’ කියා ප්‍රශ්න කෙරුණා. ලැබුණු පිළිතුර ‘2017 දී විනිමය පාලන පනතට ගෙන ආ සංශෝධන නිසා දැන් මහ බැංකුවට රට තුළට පැමිණෙන මුදල් ගැන දැනගැනීමට විදියක් නැහැ’ යන්නයි. ඒ අනුව පැහැදිලියි මේ පරගැති ආණ්ඩුව මේ අන්තවාදයට රිසි සේ වැඩෙන්න ඉඩ දුන් බව. සවුදියේ තෙල්වලින් උපයන අතිරික්ත ධනය මේ රට ඇතුළේ වහාබ් අන්තවාදය පතුරුවන්න යොදා ගත හැකි ආකාරයට පරිසරය හැදුවේ මේ ආණ්ඩුවයි. සහරාන්ලා ගැන ඔත්තු ලැබෙනකොට කනකට නොගෙන අහක බලාගෙන හිටියේ මේ ආණ්ඩුවයි. ඒ වගේම සහරාන්ලා සයින්දමරුදුවල බෝම්බ හදන්න උවමනා දේවල් ගොඩගහන බව සුපී මුස්ලිම්වරු කළ පැමිණිල්ල විභාගයට ගන්න හදපු පොලිස් ඕ.අයි.සී.වරයා මාරු කළෙත් මේ ආණ්ඩුවයි. මේක සහරාන්ලාගේම ආණ්ඩුවක්.

‘වහාබ් අන්තවාදයට අනුව නැටීම’

දැන් බලන්න තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායකයාට ඇප ලබාදීමට පොලිසිය හෝ නීතිපති දෙපාර්තමේන්තුව හෝ විරුද්ධ වන්නේ නැහැ. නමුත් බොරු චෝදනා යටතේ හිරේ දමාගෙන සිටින බුද්ධි අංශ රණවිරුවන්ට ඇප ලබාදීමට නීතිපතිත් පොලීසියත් විරුද්ධයි. මේවා සිදු වන්නේ ආණ්ඩුවේ ඉහළ නියෝග අනුව. මේ ආණ්ඩුව වහාබ් අන්තවාදයට අනුව නැටවෙන රූකඩ ආණ්ඩුවක්. ඒ නිසා වහාබ් අන්තවාදයෙන් පීඩාවට පත්වූ වින්දිතයන්ට කිසිදු සාධාරණයක් මේ පරගැති ආණ්ඩුවෙන් ලැබෙන්නේ නැහැ.

‘හදිසි තත්වය හැදීම’

වහාබ් අන්තවාදය හිස ඔසවන්නේ මේ රට තමන්ගේ යුද තිප්පොළක් බවට පත් කරගැනීමේ ඇමරිකා එක්සත් ජනපද උපායමාර්ගයේම කොටසක් විදියටයි. ACSA ගිවිසුම ඇමරිකා එක්සත් ජනපදයට උවමනා ආකාරයට මේ ආණ්ඩුව අත්සන් කර දී අවසානයි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එය පිටු 10ක ගිවිසුමක් බව පාර්ලිමේන්තුවට බොරු කීවාට පසුදිනයේ මා පිටු අසූතුනකින් සමන්විත ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කළා. එහි ඇමුණුම් 50ක් පමණ ඇතුළත්. ‘හදිසි තත්ත්වයකදී ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක හමුදාවන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවිය හැකි’ බවට වගන්තියක් එහි ඇතුළත්. ඇමුණුම්වල ඇත්තේ ‘ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු – පැසිෆික් කවර බලඇණිවලට, අනුඛණ්ඩවලට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි ද?’ යන්නයි.

සෝෆා ගිවිසුම අත්සන් කිරීමට සැරසෙන්නේ එසේ ශ්‍රී ලංකාවට එන ඇමෙරිකා එක්සත් ජනපද හමුදා නිලධාරීන්ට හා ඔවුන්ගේ කොන්ත්‍රාත්කරුවන්ට රැඳී සිටීමට අවශ්‍ය වාතාවරණය සකසා දීමටයි. වීසා නැතිව එන්න, බදු නැතිව ඉන්න, රේගු බදු නැතිව, පරීක්‍ෂා කිරීමකින් තොරව ඕනෑම දෙයක් රැගෙන එන්න, ලංකාවේ නීතියට යටත් නොවී ඉන්න ඉඩ හදලා දීමයි සෝෆා ගිවිසුමෙන් සිදු කිරීමට නියමිත.

‘හදිසි තත්ත්වය හදන වහාබ් අන්තවාදියා’

වේළුපිල්ලේ පිරබාහරන් හදපු ‘හදිසි තත්වය’ දැන් ඉවරයි. දැන් දෙමළ ජන සමාජයෙන් හදිසි තත්වය නිර්මාණය කරගන්න බැහැ. ගෙවී ගිය වසර 10 තුළ ඇමෙරිකන් ගැති ධනවත් අරාබි රටවල මැදිහත්වීමෙන් මේ රටේ වහාබ් අන්තවාදය හැදුවේ ඒ සඳහායි. දැන් ‘හදිසි තත්වයක්’ ශ්‍රී ලංකාව තුළ හදන්න ‘අන්‍යාගමිකයා මැරුවම ස්වර්ගයට යන්න පුළුවන්’ කියා හිතන මරාගෙන මැරෙන වහාබ් අන්තවාදියා ඉන්නවා. අප්‍රේල් 21 වැනිදා මේ හදිසි තත්වය හදන්නයි සහරාන්ලා මරාගෙන මැරුණේ. කතෝලික පල්ලි තෝරා ගත්තේ ලෝක අවධානය මේ කෙරෙහි වඩාත් යොමුකර ගන්නයි. නමුත් ඔවුන් බලාපොරොත්තු වුණු මරාගැනිල්ල සිදු නොවූ නිසා ‘හදිසි තත්වයක්’ නිසි පරිදි ඇති වූයේ නැහැ. නමුත් ඉහත කී ආකාරයට FBI – CIA ඔත්තුකරුවෝ රටට රිංගන්නේ හදිසි තත්වයක පෙරනිමිති පෙන්වලයි.

‘ප්‍රසාද් කාරියවසම්’

දැන් බලන්න, හිටපු විදේශ කටයුතු ලේකම් ප්‍රසාද් කාරියවසම් කථානායකවරයාගේ ජාත්‍යන්තර කටයුතු උපදේශක ලෙස පාර්ලිමේන්තුවට රිංගලා ඉන්න විදිය. ඔහුගේ බිරිඳ සහ පුතා වසර 19ක් තිස්සේ ඇමරිකාවෙයි සිටින්නේ. ප්‍රසාද් කාරියවසම් සේවය කරන්නේ ඇමරිකාවටයි. එයාට පඩි ගෙවන්නේ ඇමරිකාවෙනුයි. ප්‍රසාද් කාරියවසම් සහ මංගල සමරවීර කියන ‘ඇමෙරිකන් කුක්කෝ දෙන්නා’ තමයි ‘ACSA ගිවිසුම අත්සන් කරන්න’ කියලා එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිට බල කළේ.

‘රිංගන සැලසුම’

මුලින් හදිසි තත්වයකදී ඇමරිකානු හමුදාවට එන්න පුළුවන් විදිහට ACSA ගිවිසුම හැදුවා. සහරාන්ලා මරාගෙන මැරිලා ‘හදිසි තත්ත්වය’ හැදුවා. ඉන්පසු රනිල් වික්‍රමසිංහ ගෝලීය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන බව කීවා. ප්‍රහාරයෙන් දින දෙකකට පසු ISIS නායකයා මේ ප්‍රහාරයේ වගකීම භාර ගත්තා. මේකයි මේ අයගේ ලංකාවට රිංගන සැලැස්ම වූයේ.

‘න්‍යාය පත්‍රය නියමෙටම…’

ඉරාක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පවසා තිබෙනවා. ‘ඉරාකයේ හුදකලා ප්‍රදේශයක් තුළයි ISIS නායකයා රඳවාගෙන ඉන්නේ’ කියලා. ඒ අනුව ISIS නායකයා ඉන්නෙත් ඇමෙරිකන් හමුදා කඳවුරක් ඇතුළෙයි. ඒ තමන් භාරයේ ඉන්න ISIS නායකයා ලවායි දින 02කට පසුව ’ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාරය අපේ වැඩක්’ කියලා කියවාගන්නේ. ඉන් පසුවයි ‘මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදයක්’ කියා හංවඩුව ගහන්නේ. එතැනින් එහාට ජාත්‍යන්තර සහාය උවමනා වෙනවා. FBI- CIA රිංගනවා. දැන් ලේක්හවුස් ආයතනයේ සන්ඬේ ඔබ්සවර් පුවත්පතේ අමෙරිකානු ජාතික කාන්තාවන් දෙදෙනකු මාධ්‍යවේදිනියන් ලෙස වැඩ කරනවා. ඒ විතරක් නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුව තුළත් ඇමෙරිකානු මැදිහත්වීම තිබෙනවා. මැතිවරණ කොමිසමේ පරිගණක අංශය භාරව ඇමෙරිකාවෙන් පඩි ලබන අයෙක් සේවය කරනවා. දැන් අමෙරිකානුවන් ඔවුන්ගේ න්‍යාය පත්‍රයට උවමනා ලෙස මේ රට ක්‍රමක්‍රමයෙන් ග්‍රහණයට ගනිමින් සිටිනවා.

මහා නායක හිමිවරුන්ගේ, කාදිනල්තුමන්ගේ මැදිහත්වීම නිසා ඇමෙරිකාව බලාපොරොත්තු වුණු ‘මරාගැනිල්ල’ හරහා හදිසි තත්වය ඇති වුණේ නැහැ. නමුත් මතක තබා ගන්න සහරාන්ලා වැනි මෝඩයන් 07-08 දෙනකු හිටියොත් මේ ඇමෙරිකාවට අවශ්‍ය ‘මරාගැනිල්ල – හදිසි තත්වය’ ඇති කළ හැකියි. ඒ නිසා අවදානම තාමත් පහව ගිහින් නැහැ.

‘දියාගෝ ගාර්සියා අතහැර යන තැන’

ඇමෙරිකාව තමන්ගේ න්‍යාය පත්‍රය කෙසේ හෝ ක්‍රියාත්මක කරාවි. මීට ඉහතදී ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු නාවික හමුදා ප්‍රධානියකු කියනවා ‘යුද උපායමාර්ගික වශයෙන් වැදගත්ම අංක 01, අංක 02, අංක 03, යන සියලු ස්ථානවලට වැටෙන්නේ පිහිටීම’ කියා. ශ්‍රී ලංකාව ඉතා වැදගත් හා මනරම් ස්ථානයක පිහිටා තිබෙනවා. මධ්‍යම ආසියාව, මධ්‍යම අප්‍රිකාව හා දකුණු ආසියාව යන කලාප තුනටම නාභිගත වී තිබෙන එකම රට ශ්‍රී ලංකාවයි. දියාගෝ ගාර්සියා කඳවුර අතහැරලා ඇමෙරිකාව එන්න හිතන තැන ත්‍රිකුණාමලයයි.

‘පූර්ව කොන්දේසිය’

ඇමෙරිකානු උපායමාර්ගය පැරදවීමේ පූර්ව කොන්දේසිය තමයි ඉහත කී ‘මරාගෙන මැරෙන පිස්සා’ හදන වහාබ් අන්තවාදය මේ මව් පොළොවෙන් අතුගා දැමීම. ඒ මතවාදය මේ මව් පොළොවෙන් අතුගා දැමීම. ඒ මතවාදය ඔළුවට ගියාම දොස්තර වුණත් වෙද නලාව දමා ගෙන ‘ගර්භාෂ යුද්ධය’ කරනවා. ඒ වගේම මේ වහාබ් අන්තවාදය අතුගා දමන්න බැහැ, ඊට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන මුස්ලිම් දේශපාලනඥයන්ගේ ප්‍රාණඇපයට හසුවුණු ආණ්ඩුවක් හදලා. ඒ නිසා ඒ වහාබ් අන්තවාදයට උඩගෙඩි දෙන දේශපාලනඥයන්ගේ ප්‍රාණඇපයට හසු නොවූ නව පාලනයක් අද මුළුමහත් ජාතියම ඉල්ලා සිටිනවා. ඒ නව පාලනතන්ත්‍රය බිහි කිරීමේ දිසාවට මේ රට රැගෙන යාමේ වගකීමයි අපේ උරමත පැටවී තිබෙන්නේ”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019/07/29

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
  1. Champa Reply

    ලියම් දෝ නොලියම්දෝ කියලත් හිතුව.
    මොකක් හරි අමුත්තක් දැනෙනවද? වහල් ජනාධිපතියි වහල් අගමැතියි වහල් ආණ්ඩුවයි දිහා හොඳට බලන්න. ජනාධිපතිවරනෙට තව මාස කීයද? මුළු රටම වහල් පාලනේට විරුද්ධයි. මිනිස්සු බලා ඉන්නේ ගෙදර යවන දවස එනකම්. හැබැයි ඒ ගොල්ලෝ වගේ වගක් නැතුව ඉන්නවා. එහෙම වෙන්නේ කොහොමද? 2015 කුමන්ත්‍රනයේ දෙවෙනි කොටස එනව ඊළඟට. යූඑන්පී එක ගෙදර යවන්න කියල ඕගොල්ලෝ හිතුවට ඇත්තටම ගෙදර යන්න වෙන්නේ මහින්දයි මහින්දගේ ළඟ 2015 ඉඳන් හිටපු ඒකාබද්ධ විපක්ෂයේ පිරිසයි. ඕගොල්ලන්ට යන එනමන් නැතිවෙනවා. යූඑන්පී එකේ අභ්‍යන්තර අර්බුදය ඇත්ත කතාව මොකක්ද? රනිල් බැසිල් එක්කත් සජිත් ගෝඨාභය එක්කත් deal එකක් තියෙනව කියන එක සහ මෛත්‍රී ඒ දෙන්නම එක්ක deal තියෙනව කියන එක. 2015 රනිල්ටයි සිරිසේනටයි කවදාවත් මහින්දව පරද්දන්න ලැබෙන්නේ නැහැ ගෝඨාභයගෙයි බසිල්ගෙයි උදව් නැතුව. ඒක අද කියන එකක් නෙමෙයි ඉස්සරත් කිව්වා. ගෝඨාභය දින්නත් මහින්දගේ දේශපාලන ජීවිතය ඉවර වෙනවා. ගෝඨාභය පැරදුනත් මහින්දගේ දේශපාලන ජීවිතය ඉවර වෙනවා. දින්නොත් ඉවර වෙන බව ඕනේ කෙනෙකුට තේරෙනව. ඒ මොකොද ඊට පස්සේ මිනිස්සු යන්නේ ගෝඨාභය පස්සේ. දිනුවොත්, දිනන්නේ නැහැ, දින්නොත් ගෝඨාභය කවදාවත් මහින්දගේ පිරිස ලඟට ගන්නේ නැහැ. එයා යන්නේ වෙනත් පිරිසක් එක්ක. පැරදුනොත් වෙනදෙත් තේරෙනවනේ. මහින්දට say එකක් නැති වෙංවා. ඊට පස්සේ බැසිල් බලය අල්ල ගන්නවා. කොහොමටත් ඊළඟ මහා මැතිවරණයේදී මහින්ද කියන සාධකය නැති වෙන තැනට බැසිල් වැඩ කරනවා. 2015 ඉඳන් ආණ්ඩුවට එරෙහි සටන අරන් ගියපු ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන්ට යනෙනමන් නැති වෙනවා. නිකම් හිතන්න, මම මේ කියපු එක නෙමෙයිද වෙන්නේ කියල. මහින්දට පක්ෂයක් නැහැ. මේකත් කලින් කිව්වා. ශ්‍රී ලංකා එක යන්නේ ගෝඨාභයට. පොදුජන පෙරමුණ බැසිල්ගේ. මේසේ අනිත් පැත්තට පෙරලන්න පුලුවන්ද? පුළුවන්. ඕගොල්ලන්ට තියෙන්නේ එක විසඳුමයි. ඒක පස්සේ කියන්නම්. හරිම සරල විසඳුමක්. ගෝඨාභයව පොහොට්ටුවෙන් නොදා ඉන්න එකද? අපෝ නැහැ. එයාව දාන්න. එයා දිනන්නේ නැහැ. මං කිව්වේ මහින්දගේ දේශපාලන ජීවිතය මේ ජනාධිපතිවරණයෙන් පස්සේ(වත්) ඉවර කරන්න හදන දෙවෙනි කුමන්ත්‍රණය පරද්දන්නේ කොහොමද කියන එක. විසඳුමක් තියෙනව.

Leave a Reply

*