BREAKING NEWS

ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම පිළිබඳව ඇමෙරිකානු තානාපතිනිය සිදු කළ ප්‍රකාශය දැඩි අප්‍රසාදයෙන් යුතුව හෙළා දකිමු!

ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම පිළිබඳව ඇමෙරිකානු තානාපතිනිය සිදු කළ ප්‍රකාශය දැඩි අප්‍රසාදයෙන් යුතුව හෙළා දකිමු!

අද දින ට්විටර් පණිවිඩයක් මගින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින් ශ්‍රී ලංකා රජයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසමින් ප්‍රකාශයක් නිකුත්කොට ඇත. එම ප්‍රකාශය අනුව ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම මගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට පත් වේ. එයට හේතුව ලෙස ඇය කියා සිටින්නේ නව හමුදාපතිවරයාට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව චෝදනා එල්ල කොට තිබීමය.

ඇය විසින් තම රාජ්‍යතාන්ත්‍රික සීමා නොසලකා හරිමින් සහ වියානා සම්මුතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් තම වහල් රාජ්‍යයක ආණ්ඩුකාරවරයාට නියෝග පනවන ආකාරයට සිඳු කළ මෙම ප්‍රකාශය පිළිබදව අප දැඩි විරෝධය ඇය වෙත ප්‍රකාශ කරන අතර පහත සඳහන් කරුණු ඇයට මතක් කර දීමට කැමැත්තෙමු.

2015 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, ශ්‍රී ලංකාවේ හමුදාවට සහ එහි නායකයන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කළ OISL වාර්තාවට ප්‍රතිචාර දැක්වීමට හෙවත් චෝදනාවලට පිළිතුරු බැඳීමට ශ්‍රී ලංකාවේ රජයට සහ හමුදාවට පමණක් නොව එම ක්‍රියාවලිය පිළිබඳව කතා කිරීමට සෙසු රටවලට ද අවස්ථාවක් ලබා නොදුනි. ඊට හේතුව වූයේ ආචාර ධර්ම සහ ස්වාභාවික යුක්තියට පිටුපාමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් බලපෑම් එල්ල කිරීම ය.

ඉන් පසුව මානව හිමිකම් සමුළුව ‘අසූචි වලක්’ ලෙස හඳුන්වමින් එම ආයතනයෙන් ඉවත් වූ ඇමරිකා එක්සත් ජනපදයට එම ආයතනය විසින් ස්වාභාවික යුක්තියට පිටින් ඉදිරිපත් කළ චෝදනා උපුටා දැක්වීමට අද කිසිඳු සදාචාරාත්මක අයිතියක් ද නැත.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2019.08.19

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
  1. Champa Reply

    බයගුල්ල මගේ කලින් comment එක දැම්මේ නැහැ. වෙන මිනිස්සුන්ගේ ඒවා දාල. හැබැයි නොදැම්මට ඒක එකෙහිනිම බැසිල් අතට ගිහින් තිබුන. ඊට පස්සේ ඒකට ප්‍රතික්‍රියා දැක්ක. මම කියන්න ගියේ ඒක නෙමෙයි. ගිය අවුරුද්දේ ඉදන් පොහොට්ටුව දඟලනවා කොලොඹීන් විමල්ගේ චන්ද කඩන්න. දැන් ඒක ක්‍රියාවට නගල තියෙනවා දැක්ක. තිලකරත්න ඩිල්ෂාන් තමයි තුරුම්පුව. කලින් දවසක එක පත්තරේක කතුවැකියක දැක්ක තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ නම වෙනස් කරගත්ත මුස්ලිම් හෝ මැලේ ජාතිකයෙක් කියලා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට අපිට නම වැඩක් නැහැ. මුළු රටම ඩිල්ෂාන්ට ආදරෙයි. මමත් ගොඩක් සැරයක් ඩිල්ෂාන්ට වෙහ්ච්ච අසාධාරණකම් ගැන ලියල තියෙනව. හැබැයි දේශපාලනය වෙනස්. සිංහල බෞද්ධයන් වැඩිපුරම ඉන්න ගම් තියෙන කොළොඹ දිස්ත්‍රික්කයේ විමල්ට එරෙහිව ඩිල්ෂාන්ට වැඩි චන්ද වැටෙන්නේ නැහැ. මීට කලිනුත් මෙතනටම ලියල තියෙනවා. අනුන්ට එක ගලක් ගහන කොට තමන්ට ගල් වරුසාවක් එන්න පුළුවන් කියල. මම කියන්න ගියේ ඒක නෙමෙයි. විමල්ට ලජ්ජා නැහැ තවදුරටත් රාජපක්ෂ මහත්තුරු පස්සේ යන්න. විමල් නැත්නම 2015 මහින්ද පාර්ලිමේන්තු එන්නෙත් නැහැ. හැබැයි දැන් ඒගොල්ලන්ට විමල් වැඩක් නැහැ. දැන් ඕනේ අනුරව දිනවන්න. අනුරව දැම්මේ යූඑන්පී එකයි පොහොට්ටුව දෙකම එකතු වෙලා. ගෝඨාභය දිනන්නේ නැහැ. දැන් හදන්නේ අනුරවා දිනවල අනුර ලව්වා 20 වෙනි සංශෝධනය ගෙනල්ල විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය දෙන්න. මහින්ද අගැමති වෙන්නේ නමට. රට පාලනය කරනේ බැසිල්. මේක ඉස්සෙල්ලත් කිව්වා. කොන්ද කෙලින් තියාගෙන ඉන්ට. මම දවස් කීපෙකට ඉස්සෙල්ල අද පත්තරේට comment එකක් දැම්ම විමල්ට. ඒක වැටිලා නැහැ තවම. හැමදාම වගේ අන්තිමට රට බේරා ගන්න ඉතුරු වෙන්නේ විමල් විතරයි. මහින්දට බොරුවට අගමැතිකම දීල ගමරාල දීව්‍ය ලෝකේ යවල මහින්දව වැඩ බලන ජනාධිපති කරලා පාර්ලිමේන්තු මැතිවරණයකට ගිහින් තමන් අගමැති වෙන්න බැසිල් දැකපු හීනේ බොඳ වුනා. බොඳ වුනේ නැහැ මම ඒක බොඳ කළා. මට තීරණය කරන්න තිබ්බෙ රටට වැඩි අනර්ථයක් වෙන්නේ රනිල් තව අවුරුද්දක් අගැමති වෙලා ඉන්න එකද නැත්නම බැසිල් අගැමති වෙන එකද කියල විතරයි. දැන් යන විදිහට ඒකාබද්ධ විපක්ෂේ මන්ත්‍රීවරුන්ට වෙන්නේ, රනිල්ගේ deal එකකට ඒකාබද්ධ විපක්ෂේ හසුරුවන remote control එක වෙච්ච බැසිල් ළඟ දණින් වැටිලා නාම යෝජනා ඉල්ලන්න. ඒකටද රටම 2015 එකට එකතු වුනේ? මම කීයටවත් ඒකට ඉඩ තියන්නේ නැහැ. ජනාධිපතිවරණෙ දින නියම කලහම මම ඉන්න address එකයි phone number එකයි comments වල දානවා. ඊට පස්සේ, ගරා යක්කු නටවනවා වගේ ලාමක ටිං ටිං වැඩ නොකර බැසිල්ට පුළුවන් කෙලින්ම මහසෝනා එක්කම හැප්පෙන්න.

Leave a Reply

*