BREAKING NEWS

ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ ජය තහවුරු කිරීමට ඒකාබද්ධ දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා

ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ ජය තහවුරු කිරීමට ඒකාබද්ධ දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා

– ‘ජාතියේ බලකණුව : ගෝඨාභය ජය තහවුරු කරමු!’ මාධ්‍ය හමුවේදී විමල් කියයි

ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ඒකාබද්ධ දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් තීරණය කර ඇති බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

අද (05) බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී ‘ජාතියේ බලකණුව ගෝඨාභය ජය තහවුරු කරමු’ යන තේමාව යටතේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“2015 ජනවාරි 08 තිබුණු තත්වයෙන් හැම අංශයක්ම පහතට ඇද වැටුණු අවුරුදු හතරහමාරක් අප ගෙවා දමා තිබෙනවා. එක පැත්තකින් ලෝකයේ වැඩිම කෘෂි රසායනික පාවිච්චි කරන රට, පිළිකා රෝගීන්, වකුගඩු රෝගීන් නිර්මාණය කර ගන්නා රට, ඉස්පිරිතාල රෝගීන්ගෙන් පුරවන රට බවට මේ රට පත්ව තිබෙනවා. අනෙක් පැත්තෙන් මහ බැංකුව හොරාකාලා පටන් ගත්තු ‘හොරකම’ ලංකාවේ කවර කලෙකවත් නොවූ විරූ ලෙස පැතිර ගිය රට බවට මේ රට පත්ව තිබෙනවා. මේ රටේ ණය බර ගෙවුණු වසර හතරහමාර තුළ දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. රටේ ජාතික ආරක්‍ෂාව බිංදුවට වැටී තිබෙනවා. මේ පාලකයන් අපට යළිත් මරණ බිය නිර්මාණය කර දී තිබෙනවා. මේ ඉරණමෙන් ගැලවීමේ උවමනාව අන්තවාදීව කල්පනා නොකරන මේ රටේ සෑම පුරවැසියකුටම තිබෙනවා.

බටහිරගැති ප්‍රතිපත්තිවලින් එළියට ඇවිල්ලා රටට හිතැති ප්‍රතිපත්තිවලට මුල්තැන දීපූ ගමනක් මේ රට අද යළිත් ඉල්ලා සිටිනවා. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කියූ පරිදි අපි සියලුදෙනා විශ්වාස කරනවා, ඒ ගමන යන්න ගෝඨාභය රාජපක්‍ෂයන් පෙරටු කරගත් මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ මේ කඳවුරට පුළුවන් කියා. ඒ නිසා අපි මේ රටේ සියලු ජනකොටස් වෙතින් ඉල්ලා සිටිනවා, මෝස්තරකාර සටන්පාඨවලට නොරැවටී සියලු භේද අතහැර ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින්න කියා. ඒ ජයග්‍රාහී අරමුණ ඉදිරියේ තබාගෙන මේ ඉදිරි මාස කිහිපය තුළ ඒකාබද්ධව කටයුතු කරන්න මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය, දේශ විමුක්ති ජනතා පක්‍ෂය යන පක්‍ෂ තීරණයකට පැමිණ තිබෙනවා.

ඒ අනුව අපි ඉදිරියේදී ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් රැස්වීම් පවත්වමින්, ගෙයින් ගෙට යමින් අපේ මතය කුළුගන්වන ඒකාබද්ධ දැවැන්ත වැඩපිළිවෙළක් සකස් කිරීමටත් කටයුතු යොදා තිබෙනවා.”

මෙම මාධ්‍ය හමුවට දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද මහාචාර්ය තිස්ස විතාරණ, රාජා කොල්ලුරේ, ඩී කලන්සූරිය යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019/09/05

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
  1. Champa Reply

    “ජාතියේ බල කණුව” නෙමෙයි “ජාතියේ මලපුඬුව” වෙන්න යන්නේ. දැක්කේ නැද්ද කිව්වා පිටරටවල් එක්ක වෙළඳ ගිවිසුම් අත්සන් කරනවා කියලා අනිත්ව නැහැ කියල. කොන්දක් නැහැ කෙලින්, නමින් කියන්න SOFA, VFA, MCC-COMPACT වගේ ඇමරිකන් ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියල. MCC එක වෙළඳ ගිවිසුමක් ගණයට වැටෙන්නේ. මිනිහ ඕක අත්සන් කරනවා. බැසිල් දැනටම පොරොන්දු වෙලා තියෙන්නේ. ගෝඨාභය කරන පලවෙනි එක ඒක. ඒක අත්සන් කරපු ගමන් ඉන්දියාව කියනව ETCA අත්සන් කරන්න කියල. ඒකත් කරනවා. ඊට පස්සේ චීනේ කියනව මාගම්පුර වරාය ඒගොල්ලනේ හින්ද දකුණු මුහුද චීනෙට වෙන් කරලා දෙන්න කියලා. ඒකත් කරනවා. ගෝඨාභය ජනාධිපති වුනොත් රනිල්ට වඩා අන්ත වෙනවා.
    “බටහිරගැති ප්‍රතිපත්තිවලින් එළියට ඇවිල්ලා රටට හිතැති ප්‍රතිපත්තිවලට මුල්තැන දීපූ ගමනක් මේ රට අද යළිත් ඉල්ලා සිටිනවලු.. අපි සියලුදෙනා විශ්වාස කරනවලු, ඒ ගමන යන්න ගෝඨාභය රාජපක්‍ෂයන් පෙරටු කරගත් මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ මේ කඳවුරට පුළුවන් කියල.” නෙද්දකින්. ගෝඨාභය ගාව කොහෙද රටට හිතැති ප්‍රතිපත්ති තියෙන්නේ. කෝ කියන්න බලන්න එක ප්‍රතිපත්තියක්. තමන් සිංහල බෞද්ධයෙක් කියල කටක් ඇරලා කියන්න හයියක් නැති බය ගුල්ල. 2007 ACSA අත්සන් කරපු ඇමරිකන් ගැත්තා. අද වෙනතුරු ඇමරිකන් ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියල කෙලින් කියන්න කොන්දක් නැති පෙන්දෙක්ව ඉස්සර කරගෙනද ඔය ගමන යන්න හදන්නේ? ලංකාවට ඕනේ ආයේ වෙන ණය සතයක් වත් ගන්නේ නැතුව අපට තියෙන සම්පත් වලින් රට නැවත ගොඩ නගනවා කියල කියන මිනිහෙක්. එහෙම කවුරුවත් නැත්ද? ඉන්න පුළුවන්. විමල් ඔය කතා කරන්නේ හිතට එකඟවද? ලජ්ජා වෙන්න ඕනේ මේ විදිහට රටයි ජාතියයි පාවා දෙන්න.

  2. Champa Reply

    මොකක්ද අර shorts වල දාල තියෙන පින්තූරේ? ලංකාව ගිනි ගන්නවා? පිස්සුද ලංකාවේ පින්තූරේ ගිනි ගන්නවා දාන්න? එහෙම හොඳ නැහැනේ. මේ වගේ දැක්කම මිනිස්සුන්ට උගුර හිරවෙලා පපුව පිච්චිලා යන වැඩ තමා කරන්නේ. කිසි කමකට නැහැ මෙයාගෙ වැඩ දැන්.

  3. Champa Reply

    හිතා ඉන්නේ මෙයා තමයි ඔක්කොම සිංහල දන්නේ කියල. අර ලංකාවේ පින්තූරේ දාල තියෙන එකේ මෘග කියල ලියල තියෙනවා වැරදියි. මෘග ලියන්නේ “මෘර්ග” කියල නෙමෙයි. ඒකට අල් රයන්නක් නැහැ.

  4. Champa Reply

    අනේ යනවා යන්න පංචායුධ කුමාරය. කෝ බේරා ගත්තද රට? ආපහු බාර දෙන්න යන්නේ කාටද? තමන් යටතේ වැඩ කරපු හමුදා නිලධාරියෝ හිරේ යනකම් බලා හිටපු මිනිහ. රට වෙනුවෙන් සටන් කරපු රණවිරුවෝ යුධ අපරාධ චෝදනා වලින් බේර ගන්න පාර්ලිමේන්තු පනතක් ගේන්න උවමනාවක් නොතිබ්බ මිනිහ අන්න දැන් එයා බේරෙන්න විතරක් ඇමරිකන් නීතිඥයෙක් මාර්ගයෙන් උසාවියට කියනව රාජ්‍ය නිලධාරියෙක් විදිහට එයාට මුක්තිය තිබ්බ හින්ද ඒ කාලේ වෙච්ච දේවලට හෝ කරපු දේවලට දාන නඩු වලින් නිදහස් කරන්න කියල. ලැජ්ජයි ඔයා support කරන අපේක්ෂකයා ගැන.
    මම 2015 ජූලි මාසේ වාගේ තරම් ඈත කාලේදී LankaCNews එකට ලිව්වා “The American Service Members Protection Act” හා සමාන පනතක් අතීතයට බලපාන විදිහට පාර්ලිමේන්තුවට ගෙනල්ල 2/3 න් සම්මත කරගෙන ත්‍රස්තවාදීන් එක්ක ජීවිත පූජාවෙන් සටන් කරපු අපේ රණවිරුවන්ව සදහටම ඔය යුධ අපරාධ චෝදනා වලින් ගලව ගන්න කියල. දෙන්න කියන්න ගෝඨාභයට පොරොන්දුවක් එහෙම කරනවා කියල. ගිය ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 2/3 ක් බලය තිබලත් නොකරපු මිනිහ කවදාවත් ඕක කරන්නේ නැහැ. එන්නකෝ ඕගොල්ලෝ චන්දෙට. හිතන්න එපා අපිත් ලේසියෙන් අතාරියි කියල.

Leave a Reply

*