BREAKING NEWS

දේශීය ඇගළුම්කරුවන්ට ඇති ගැටළු රැසක් විසදීමට ඇමති විමල් මැදිහත් වෙයි..!

දේශීය ඇගළුම්කරුවන්ට ඇති ගැටළු පිළිබද කර්මාන්ත අමාත්‍යවරයා දැනුවත් කිරීමට සහ ඒවාට විසදුම් ලබාගැනීමේ අරමුණෙන් ඒකාබද්ධ ඇගළුම්කරුවන්ගේ සංසදය අද (09) කර්මාන්ත අමාත්‍යාංශයේදී කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා මුණගැසුණි.

දේශීය ඇගළුම් කර්මාන්තකරුවන් මුහුණදෙන ගැටළු පිළිබඳව ඔවුන් විසින් අමාත්‍යවරයා දැනුවත් කළ අතර ඒ මොහොතේම අදාළ අංශවල ප්‍රධානින් අමතා අදාළ ගැටලුවලට විසදුම් ලබාදීමට ඇමතිවරයා කටයුතු කරන ලදි. කොරෝනා වසංගතය නිසා රටේ පැවතී තත්වය සමග අඩාල වූ ඇගළුම් ව්‍යාපාර නැවත නගා සිටුවමින් දේශීය වෙළදපොළ තුල ඔවුන්ට වැඩි අවස්ථාව ලබාදීමත් දේශීය ඇගළුම් අපනයනය නැවත හැකි ඉක්මනින් ආරම්භ කිරීමටත් අවශ්‍ය කටයුතු ඉදිරියේදී සලසන බව ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.

මෙම අවස්ථාවට ඒකාබද්ධ ඇගලුම්කරුවන්ගේ සංසදයේ නියෝජිත පිරිස, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජේ.ඒ රංජිත්, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි ඇතුළු කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරිහුද සහභාගී වූහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*