BREAKING NEWS

කොලොන්නාව ආසනයේ සහෘදයන්ට ඇමති විමල් තුති පුදයි

කොලොන්නාව ආසනයේ සහෘදයන්ට ඇමති විමල් තුති පුදයි

2020 මහ මැතිවරණයේ දී ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වුණු ජානිපෙ කොලොන්නාව ආසනයේ සහෘදයන්ට තුති පිදීමේ සුහද හමුවක් ඊයේ (31) කැළණියමුල්ල නයගරා උත්සව ශාලාවේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති රංගජීව ජයසිංහ, ජානිපෙ කොලොන්නාව ආසන සංවිධායක, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී හේමසිරි අමරසිංහ, දිසා කමිටු සාමාජික කමල් ජයසේකර ඇතුළු වසම් සංවිධායකවරු සහ ක්‍රියාකාරී සාමාජික සාමාජිකාවෝ සියලු දෙනා සහභාගී වූහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*