BREAKING NEWS

ලංකා පිගන් සංස්ථාව මගින් මේ වනවිට නිෂ්පාදනය කරන උළු සහ ගඩොල් හැරෙන්නට මීට වසර ගණනාවකට පෙර ලංකා පිගන් සංස්ථාව මගින් නිෂ්පාදන කළ නිෂ්පාදනයන් 30ක් නුදුරේදීම ඇරඹීමට පියවර…

ලංකා පිගන් සංස්ථාව මගින් මේ වනවිට නිෂ්පාදනය කරන උළු සහ ගඩොල් හැරෙන්නට මීට වසර ගණනාවකට පෙර ලංකා පිගන් සංස්ථාව මගින් නිෂ්පාදන කළ නිෂ්පාදනයන් 30ක් නුදුරේදීම ඇරඹීමට පියවර..

ලංකා පිගන් සංස්ථාව මිට වසර ගණනාවකට පෙර නිෂ්පාදනය කළ නිෂ්පාදන වර්ග 30ක් තිබූ බවත්, අද වනවිට එය උළු සහ ගඩොල් යන නිෂ්පාදන දෙක පමණක් දක්වා අඩුවී ඇති අතර ඉදිරියේදී පැරණි නිෂ්පාදනයන් වෙත නැවත ප්‍රවේශ වීම පිගන් සංස්ථාව සිය ඉදිරි දැක්ම කරගත යුතු බවත් කර්මාන්ත ඇමති විමල් වීරවංශ පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) ලංකා පිගන් සංස්ථාවේ නිලධාරින් සහ අමාත්‍යවරයා අතර අමාත්‍යාංශයේ දී පැවති සාකච්ජාවකදීය.

මේ අතර පෙර පාසල් සහ පාසල් දරුවන්ට අධ්‍යාපනයට අවශ්‍ය වන, චීනයෙන් ගෙන්වා ලබාදෙන ප්‍රමිතියෙන් තොර ‘මැටි ක්ලේ’ වෙනුවට ලංකා පිගන් සංස්ථාවෙන් සෞඛ්‍යාරක්ෂිත ‘මැටි ක්ලේ’ ලබා දීමට ඉදිරියේදී පියවර ගන්නා ලෙස ඇමතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

භූ විද්‍යා හා පතල් කාර්යාංශයත්, විශ්ව විද්‍යාලවල සහ උසස් තාක්ෂණික විද්‍යාලවල ශිෂ්‍යයන් ද සහභාගී කර ගනිමින් ඉදිරියේදී ලංකා පිගන් සංස්ථාවට අවශ්‍ය භූගත මැටි සොයාගැනීම පිළිබද පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත් පිගන් සංස්ථාවට නව ආදායම් උපයා ගැනීමේ සැලැස්මක් ද සකසන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරීහු , අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ලංකා පිගන් සංස්ථාවේ සභාපති ජූඩ් ප්‍රනාන්දු , ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*