BREAKING NEWS

භූගතව, වෙරළේ සහ සාගර අභ්‍යන්තරයේ ව්‍යාප්තව ඇති ඛනිජ සම්පත් නූතන අධි තාක්ෂණික ක්‍රම භාවිතා කර ගවේෂණය කරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ඒවා යොදාගැනීම සඳහා කර්මාන්ත ඇමති විමල් මැදිහත් වෙයි…

කර්මාන්ත අමාත්යවරයාගේ විෂය පථය ඇතුළත් ගැසට් නිවේදනයේ සුවිශේෂ ප්රමුඛතාවක් ලෙස පෙන්වා දි ඇති භූගතව, වෙරළේ සහ සාගර අභ්යන්තරයේ ව්යාප්තව ඇති ඛනිජ සම්පත් නූතන අධි තාක්ෂණික ක්රම භාවිතා කර ගවේෂණය කරමින් රටේ නිෂ්පාදන ක්රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්ය පියවර ගැනීම යන මූලික අරමුණ අනුව ඒ සදහා අවශ්ය ආයතන ද සම්බන්ධ කර ගනිමින් විශේෂ සාකච්ජාවක් අද (08) කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතාගේ මූලිකත්වයෙන් අමාත්යාංශයේ දී පැවැත්විණි.

මේ සදහා භූ විද්යා හා පතල් කාර්යාංශයෙන් අවශ්ය සේවය පිළිබද මෙහිදී අමාත්යවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරන ලදි. නව භූගත ඛනිජ සම්පත් පිළිබද ගවේෂණ ප්රතිඵල, සිතියම් මෙන්ම දත්ත සහ තොරතුරු කර්මාන්ත අමාත්යංශයට අයත් ලංකා පොස්පේට් සමාගම, ලංකා ඛනිජ වැලි සංස්ථාව, ලංකා සිමෙන්ති සංස්ථාව, ලංකා පිගන් සංස්ථාව ඇතුළු ආයතන සමග හුවමාරු කර ගැනීමට අවශ්ය පසුබිම සකසන ලෙස අමාත්යවරයා එහි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. භූ විද්යා හා පතල් කාර්යාංශය කියා සිටියේ අමාත්යවරයාගේ ඉලක්කය ඉටු කිරීම වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදීමට සිය ආයතනය සූදානම් බව ය.

ඉදිරි දශකය තුළ නව භූගත ඛනිජ සම්පත් සොයාගනිමින් ඒ සදහා අගය එකතු කරමින් රටේ නිෂ්පාදන ක්රියාවලිය ශක්තිමත් කිරීමට ඒවා යොදාගැනීම සදහා සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා ප්රකාශ කරන ලදි.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, අමාත්ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, භූ විද්යා හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල, ලංකා පොස්පේට් සමාගමේ සභාපති අනිල් රණසිංහ, ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපති මුදිත විජේසිංහ, ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ගාමිණී ඒකනායක, ලංකා පිගන් සංස්ථාවේ සභාපති ජූඩ් ප්රනාන්දු ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*