BREAKING NEWS

“ගැසට් කොට ඇති කෙටුම්පතේ අඩුපාඩු හඳුනාගෙන, ඒවා නිවැරදි කොට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා” – අගමැති පත් කළ කමිටුවේ සාමාජික, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කමිටුවක් පත්කර එමගින් දැනට ගැසට් කොට ඇති 20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි අඩුපාඩු හඳුනාගෙන, ඒවා නිවැරදි කොට නව කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුගියදා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් පැවැති ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා පවසයි.

තමන් ඇතුළු පක්ෂ නායකයන්, තම කඳවුරේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විසින් පෙන්වාදුන්, දැනට ගැසට් කොට ඇති 20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි අඩුපාඩු හඳුනාගෙන, නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා මෙම කමිටුව පත් කළ බවත් එය හෙට (15) දිනයේ රැස්වී සමාලෝචන කටයුතු ආරම්භ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

විමල් වීරවංශ ඇමැතිවරයා මේ අදහස් පළ කළේ මහ මැතිවරණයේදී තම ජයග්රහණය වෙනුවෙන් කැපවූ පක්ෂ ක්රියාකාරීන්ට තුති පිදීම සඳහා ඊයේ (12) අවිස්සාවේල්ල කොස්ගම ප්රදේශයේ සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා මෙසේද සඳහන් කළේය.

“නව ජනරජ ආණ්ඩුක්රම ව්යවස්ථාවක්”

“ලැබී ඇත්තේ සුජාත ජනවරමක්. එමගින් ජනතා අපේක්ෂාවන් ඉටුකළ හැකියි. ඒ නිසා තමයි ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් 19 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයෙන් රාජ්ය පාලනයට සිදුකර ඇති අකුල් හෙළීම් ඉවත් කරන්න, 20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයක් ගෙන ආවේ. නමුත් අපේ නම් අදහස වුණේ එවැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන වෙනුවට කඩිනමින් පූර්ණ ආණ්ඩුක්රම ව්යවස්ථා පරිවර්තනයකට යා යුතු බවයි. ඒ කියන්නේ නව ජනරජ ආණ්ඩුක්රම ව්යවස්ථාවක් හැදිය යුතු බවයි. මේ රට බලගන්වන, රටවැසි අයිතිවාසිකම් බලගන්වන නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් උවමනා බවයි.

“රටවැසි අයිතිවාසිකම් බලගැන්වීම’‘

නිදසුනක් ලෙස යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්යාය පුස්තකයට ඇතුළත් කර සති දෙකක් ඇතුළත අධිකරණ හමුවේ අභියෝගයට ලක් කිරීමට ඕනෑම රටවැසියකුට හැකියාව තිබෙනවා. එලෙස අධිකරණ හමුවට යා හැක්කේ ඒ හදන්න සූදානම් වන නීතියෙන් රටට හෝ තමන්ට අගතියක් වන බව හැඟී යනවා තමයි. නමුත් ඒ පනත් කෙටුම්පත සම්මත කළාට පසුව කිසිදු රටවැසියකුට අධිකරණය හමුවේ එය අභියෝගයක් ලක් කරන්න බැහැ.

නමුත් ඇතැම් රටවල මාසයක පමණ කාලයක් දෙනවා එම සම්මත කළ නීතියේ යම් අඩුපාඩුවක් ඇතොත් ඊට එරෙහිව අධිකරණය හමුවට යාමට. පසුගිය යහපාලන ආණ්ඩුව කාරක සභා අවස්ථාවේදී තමයි යම් පනත් කෙටුම්පතකට අලුත්ම සංශෝධන ගෙන ආවේ. එහෙම වුණාම ඒ සංශෝධනවලට එරෙහිව කිසිවකුට අධිකරණය හමුවට යාමේ අවස්ථාව අහිමි වෙනවා. රටවැසි අයිතිවාසිකම් බලගන්වනවා කියන්නේ සම්මත කළ පනතකට එරෙහිව වුවත් එහි වරදක් ඇතොත් අධිකරණයට හමුවට යාමේ අවස්ථාව ලබාදීමයි. ඒ විදිහට රටවැසියා, රාජ්යය බලගන්වන, රාජ්ය පාලනය පහසු කරවන නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් කඩිනමින් ගෙන ආ යුතුයි කියන මතයේයි අපි ඉන්නේ.

“20 වැනි සංශෝධනයේ අඩුපාඩු ’‘

ජනාධිපතිතුමන් දැනටමත් නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා. ඒ අතරේ තමයි මේ ටික කාලයකට 20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයක් රැගෙන එන්නේ. එසේ රැගෙන ආ 20 වැනි සංශෝධන කෙටුම්පතේ අඩුපාඩු අද අපේ කඳවුරේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විසින්ම පෙන්වා දී තිබෙනවා. අග්රාමාත්යතුමන් ඒවාට ඇහුම්කම් දීලා, ඒ 20 වැනි සංශෝධනයේ අඩුපාඩුකම් මොනවාද කියා හඳුනාගෙන, ඒවා නිවැරදි කරන්න කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ මමත් සාමාජිකයකු ලෙස කටයුතු කරනවා. ඒ මගින් අපි බලාපොරොත්තු වෙනවා නව ආණ්ඩුක්රම ව්යවස්ථාවකට පෙර, පවතින ආණ්ඩුක්රම ව්යවස්ථාවට 20 වැනි සංශෝධනයක් ගෙන එනවා නම්, පොදු ජනතාව බලාපොරොත්තු වන යහපත් අංග, රටට හිතකර අංග රැකගෙන එම සංශෝධනය ඉදිරිපත් කරන්න. අප ඒ කමිටුවේ නිර්දේශ කඩිනමින් ජනාධිපතිතුමා හා අගමැතිතුමන් වෙත ලබාදීමට සූදානම්. ඒ අනුව ඉදිරි කටයුතු සිදුවේවි.”

මෙම ජනහමුවට ජානිපෙ අවිස්සාවේල්ල ආසන සංවිධායක, සීතාවක ප්රාදේශීය සභාවේ මන්ත්රී චන්දන ලියනගේ, සරත් කළුපහන, තමරා ප්රියදර්ශනී යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,
2020-09-13
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*