BREAKING NEWS

මෙරට ස්වාමීන් වහන්සේලා සදහා අවශ්‍ය කරන සිවුරු ආනයනය වෙනුවට දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට සුදානම්…

මෙරට වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලා 40,000කට අධික පිරිසක් වෙනුවෙන් අවශ්‍ය කරන නියමාකර ප්‍රමිතියෙන් යුතු සිවුරු, වසරකට ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඒ අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් සපුරාලන්නේ ආනයනික සිවුරුවලින් බවත් අද (17) කර්මාන්ත අමාත්‍යංශයේ පැවති සාකච්ජාවකදී පැවසිණි.

ඒ අනුව එම දේශීය සිවුරු අවශ්‍යතාව සපුරාලීමට අප රට තුළදීම ඒවා නිර්මාණය කිරීමට ඇති හැකියාව පිළිබදව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා දැනුවත් කරමින් ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය පැමිණි කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ ඒ පිළිබද දීර්ඝ පැහැදිලි කිරීමක් කරන ලදි.

මිට දශක ගණනාවකට පෙර මෙරට ස්වාමින් වහන්සේලාට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු සිවුරු රාජ්‍ය ආයතනයක් වන ලංකා සළුසල ආයතනය විසින් නිර්මාණය කළ බවත් පසුකාලිනව දේශීය සිවුරු නිෂ්පාදනය ඉතා අවම මට්ටමකට වැටීම නිසා තායිලන්තය වැනි රටවලින් මෙරටට සිවුරු වැඩි වශයෙන් ගෙන ආ බවත් අනුනායක හිමියෝ පැවසූහ.

තවද තායිලන්තය, මියන්මාරය, ලාඕසය වැනි රටවල ස්වාමින්වහන්සේලාට ඔවුන්ගේ රට තුළ නිපදවන ඔවුන්ටම අනන්‍යවූ සිවුරු ඇති බවත් ලංකාවේ ස්වාමින්වහන්සේලාට එවැනි අනන්‍යතාවයක් නිර්මාණය කර ගැනීම කළයුතු බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් මහාචාර්ය පුජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ කරුණු පැහැදිලි කළේය. ඒ අනුව රාජ්‍ය අනුග්‍රහය ඇතිව දේශීය නිර්මාණකරුවන් ලවා ඉදිරියේදී සිවුරු නිපදවීමට අවශ්‍ය පසුබිම සකසාගැනීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යවරයා හමුවීමට පැමිණි බව උන් වහන්සේ වැඩි දුරටත් පැවසිය.

සියලු කරුණු පිළිබද සලකා බැලීමෙන් පසු කර්මාන්ත අමාත්‍යවරයා පැමිණි සිටි නිලධාරින් හමුවේ කියා සිටියේ හැකි ඉක්මනින් ඒ සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසය. ඒ අනුව නිසි ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය යොදා ගනිමින් සිවුරු නිෂ්පාදනයට අවශ්‍ය අධ්‍යයනයක් සිදුකරන ලෙස මෙම සාකච්ජාවට පැමිණ සිටි ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනයේ නිලධාරීන්ට ඇමතිවරයා උපදෙස් ලබා දුන්නේය. ඔවුන් විසින් නිපදවන රෙදි යොදාගනිමින් ප්‍රමිතියෙන් යුතු සිවුරු නිර්මාණය කිරීම සහ ඒවා දේශීයව විකිණීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස ලංකා සළුසල ආයතනයේ සභාපතිවරයාට ඇමතිවරයා විසින් උපදෙස් ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ශීු ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය,
කර්මාන්ත අමාත්‍යාංශය
2020-09-17′

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*