BREAKING NEWS

සිටුවර ජයබල ව්‍යාපාර සහයෝගිතා සංවිධානයේ 2 වැනි ජාතික මහා සම්මේලනය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් මුළු දෙයි!

සිටුවර ජයබල ව්‍යාපාර සහයෝගිතා සංවිධානයේ 2 වැනි ජාතික මහා සම්මේලනය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් මුළු දෙයි

දිවයින පුරා ඇති වෙළඳ සංවිධාන දිස්ත්‍රික් මට්ටමින් ඒකාබද්ධ කොට එම දිස්ත්‍රික් නියෝජිතයන්ගෙන් ගොඩනගන ලද ‘සිටුවර ජයබල ව්‍යාපාර සහයෝගිතා සංවිධානයේ’ 2 වැනි ජාතික මහා සම්මේලනය ඊයේ (17) සවස කොළඹ 07, බණ්ඩාරනායක, අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

එම ජාතික මහා සම්මේලනයට ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී විය. සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන් උදෙසා ඇගයීම් සම්මාන පිරිනැමීම අමාත්‍යවරයා අතින් සිදු කෙරුණු අතර ‘2020 ව්‍යාපාර යාවත්කාලීන කිරීමේ ‘සිටුවර ජයබල යෝජනාවලිය’ ඇතුළත් සමරු කලාපයේ මුල් පිටපත අමාත්‍යවරයාට පිළිගැන්වීම මෙහි දී සිදුවිය.

මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ සාමාජික ආචාර්ය ඉශාන්ත සිරිබද්දන මහතාගේ දේශනයකින් සහ ‘ජාතික වෙළඳ ප්‍රතිපත්තියක අවශ්‍යතාව’ යන තේමාව සහිත සංවාදයකින් මෙම ජාතික මහා සම්මේලනය සමන්විත වූ අතර ප්‍රධාන ආරාධිත දේශනය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදු කළේය.

මාධ්‍ය ඒකකය
කර්මාන්ත අමාත්‍යාංශය
2020-09-18

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*