BREAKING NEWS

156 වැනි අනගාරික ධර්මපාල ජන්මදින සැමරුම් උළෙලට ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශයන් එක් වෙයි

ධර්මපාල පරපුර’ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ 156 වැනි අනගාරික ධර්මපාල ජන්ම දින සැමරුම් උළෙල ඊයේ (17) කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

පූජ්‍ය බලන්ගොඩ සෝභිත නාහිමියන්ගේ මුලසුනෙන් පැවැති මෙම සැමරුම් උළෙලට ප්‍රධාන ආරාධිතයෝ ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරු වන දයාසිරි ජයසේකර, සරත් වීරසේකර, සීතා අරඹේපොල යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*