BREAKING NEWS

සඳුදා මහජන දිනය අරුත් ගන්වමින්…

 

දැන් බදාදා වෙනුවට සඳුදා දිනය සියලු අමාත්‍යවරුන්ගේ මහජන දිනය බවට පත්ව තිබේ. මේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මහජන දිනයේ දසුන් පෙළකි. බොහෝ ජනයා දරුවන්ගේ පාසල් පිළිබඳ ගැටලු, රැකිරක්ෂා ඇතුළු ජීවනෝපායන් පිළිබඳ ගැටලු වැනි බොහෝ ගැටලු රැගෙන අමාත්‍යවරයා හමුවූයේ විසදුම් බලාපොරොත්තුවෙනි. ඒ කාර්යබහුල පැය කිහිපය ඔවුන්ගේ බලාපොරොත්තු සඵල කරනු වස් අමාත්‍යවරයා කැප වී සිටියේ මෙසේය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*