BREAKING NEWS

ළමා ඇඳුම්වල සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමේ ප්‍රථම සහතිකය අද නිකුත් වෙයි

දේශීය වෙළඳපොළෙහි පවත්නා ළමා ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව නියාමනය කිරීම සඳහා බලය පැවරී ඇති කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති පේෂකර්ම හා ඇඟලුම් ආයතනය ළමා ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය යටතේ ඊට අදාළ ප්‍රථම සහතිකය කොට්ටාව දුන්හිඳ ගාමන්ට් පුද්ගලික ආයතනයට එම අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අද (21) පිරිනමනු ලැබීය.

2018 වසරේ දී ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය මඟින් පවත්වන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ දේශීය වෙළඳපොළෙහි පවතින ළමා ඇඳුම්වලින් 70%කට අධික ප්‍රමාණයක් නිසි ප්‍රමිතියකින් තොර බවය.

දේශීය වෙළඳපොළෙහි පවතින ආනයනික සහ දේශීය වශයෙන් නිෂ්පාදිත ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව නියාමනය කිරීම ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟළුම් ආයතනයේ විෂය පථයට අදාළ බැවින් එසේ නියාමනය කොට සෞඛ්‍යාරක්ෂිතව ළමා ඇඳුම් වෙළඳපොළට නිකුත් කරන ඇඟළුම් ආයතන සඳහා සහතිකයක් නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් එම ආයතනය ආරම්භ කරන ලදී. 2019 දෙසැම්බර් 27 දින අරඹන ලද එම ව්‍යාපෘතිය යටතේ පළමුවන සහතිකලාභී ආයතනය ලෙස කොට්ටාව දුන්හිඳ ගාමන්ට්ස් ආයතනය තේරී පත්ව තිබේ.එම ආයතනයට හිමි ‘ළමා ඇඳුම්හි සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමේ සහතිකය’ එහි සම කළමනාකාර අධ්‍යක්ෂවරු වන එම්. ඩී. දුලාන් දර්ශන, එම්. බී. ඥානපාල යන මහත්වරුන් වෙත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පිරිනමනු ලැබීය.මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රනාන්දු මහතා ඇතුළු ආයතනයේ නිලධාරීහු එක්ව සිටියහ.අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යාංශය
2020.09.21

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*