BREAKING NEWS

LANKAPAK 2022″ ප්‍රදර්ශනය සහ “Sri Lanka Print 2022” ප්‍රදර්ශනය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගේ සුරතින් විවෘත වෙයි!

ශ්රී ලංකා ඇසුරුම්කරණ ආයතනය(SLIP) විසින් පවත්වනු ලබන “LANKAPAK 2022” ප්රදර්ශනය සහ ශ්රී ලංකා මුද්රණකරුවන්ගේ සංගමය(SLAP)විසින් පවත්වනු ලබන “Sri Lanka Print 2022” ප්රදර්ශනය යන දෙකෙහිම සමාරම්භක උළෙල කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් අද(18) කොළඹ 07, සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර ප්රදර්ශන ශාලා පරිශ්රයේදී පැවැත්විණි. ඉන් අනතුරුව ඉහත ප්රදර්ශනයන් දෙක අමාත්යවරයාගේ සුරතින් විවෘත කෙරිණි.

මෙම ප්රදර්ශනයන් අද සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඊට සමගාමීව කර්මාන්තකරුවන්ට ඇසුරුම්කරණ හා මුද්රණ කර්මාන්තයන්හි නව තාක්ෂණික දැනුම ලබාදීම ඉලක්ක කරගත් සම්මන්ත්රණයන් දෙකක් ද පැවැත්වීමට නියමිතය.

ඉහත සමාරම්භක උළෙල අමතා ශ්රී ලංකා ඇසුරුම්කරණ ආයතනයේ(SLIP) සභාපති රොහාන් විජේසිංහ, ශ්රී ලංකා මුද්රණකරුවන්ගේ සංගමයේ(SLAP) සභාපති පීටර් ඩෙකර් යන මහත්වරු ද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යාංශයේ ලේකම්, විශ්රාමික ජනරාල් දයා රත්නායක මහතා ඇතුළු කර්මාන්ත අමාත්යාංශයේ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය
2022.02.18
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*