— Main Menu —
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
ප්‍රධාන පුවත්
කාලීන පුවත්
වීඩියෝ සංවාද
ඡායාරෑප
BREAKING NEWS
Selbstausschluss beim Online-Glücksspiel Leitfaden zum Selbstausschluss Slots 4 Play
Poker Strategien Tipps für ein erfolgreiches Online Poker Spiel
Seriöse Online Internet Casinos: Die Sichersten Anbieter 2025
High Stakes Security 7 Best Wallets for Gambling in 2025
Juridiska Aspekter kring de Bästa Casinon utan Svensk Licens
Comment choisir un casino en ligne fiable: Erreurs à éviter
Co to jest Slottica? Poradnik dotyczący rejestracji
Spel med Spelpaus: Regler och Insikter om Spelarskydd
Casino en ligne France : Avis sur les tournois et compétitions
Mostbet Hangi Ülkenin Kullanıcı Deneyimi Açısından En Başarılı Sitesi?
අද (26) අරුණ පුවත්පත 10 පිටුව කියවන්න…
Posted On
28 Dec 2019
By :
WW Media
Comment: 0
අද (26) අරුණ පුවත්පත 10 පිටුව කියවන්න…
”රිෂාඩ් ඔහුට හිමිව තිබූ අමාත්‍යාංශ තුනම ඔවුන්ගේ අන්තවාදී දේශපාලන න්‍යාය පත්‍රයට අවශ්‍ය ලෙස තමයි යොදාගෙන තියෙන්නේ. පත් කරලා තිබුණු සභාපතිවරුත් අතිශය අන්තවාදීව කටයුතු කරන අය. පාස්කු ප්‍රහාරයට තෝතැන්නක් වෙලා තියෙනවා මේ අමාත්‍යාංශ තුනම”
– කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත සැපයුම් අමාත්‍යාංශය භාර ඇමැති විමල් වීරවංශ
රටක ආර්ථික සංවර්ධනයේ හදවත ඒ රටේ කර්මාන්ත වන විට එහි නාඩිය ඇල්ලිය යුතු විශේෂඥයාට ඒ පිළිබඳව ඉවක් තිබිය යුතුමය. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එම භාරදුර වගකීම භාරදුන්නේ විමල් වීරවංශට ය. විප්ලවීය දේශපාලන භූමිකාවක් රැගත් ඔහු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත සැපයුම් අමාත්‍යාංශය භාර ඇමැතිවරයා ලෙස එය හෙට දවසේ ඔසවා තබනුයේ කුමන ස්ථානයක ද, යන්න පිළිබඳව කතා කිරීමට ‘‘අරුණ’’ අප ද එම අමාත්‍යාංශයට ගොඩ වැදුණෙමු.
අතළොස්සක් වූ අමාත්‍යධුර අතුරින් ඔබට ලැබුණු අමාත්‍යාංශය පිළිබඳව ඔබ තෘප්තිමත්ද?
පෞද්ගලිකව ලැබෙන දේ ගැන හිතලා නෙවෙයි මම දේශපාලනය කරන්නේ. අපිට ඕන වුණා තිබුණ පරගැති ආණ්ඩුව පරාජයට පත් කරන්න. අපට දැන් අවශ්‍ය රට නිවැරදි ආර්ථික, දේශපාලන මාවතේ රැගෙන යන්න. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා නම් අපට වෙන මොනවා නැතත් කමක් නෑ. අමාත්‍යාංශ ලොකු එකක්ද පොඩි එකක්ද කියන දේ මත නෙවෙයි අපේ දේශපාලන භාවිතාව රැඳී තියෙන්නේ. ලොකු අමාත්‍යාංශයක් ලැබුණත් වැරදි පාරක නම් යන්නේ අපි ඒ පාරේ යන්නේ නෑ.
මහින්ද සුළඟේ ඔබගේ සටන් සගයෙක් වුණු උදය ගම්මන්පිල යම් විෂයක් පිළිබඳව විශේෂඥයෙක් වෙනවා. නමුත් ඔහුට කිසිම තනතුරක් ලැබුණේ නෑ.
අමාත්‍ය මණ්ඩලය 10කට 15කට සීමා කිරීමේදී ජනාධිපතිතුමා යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පෑමේදී ඒ අවස්ථාවේදී උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා ස්වයංව ඉදිරිපත් වුණා අමාත්‍ය මණ්ඩල තනතුරක් මහමැතිවරණය දක්වා නොගෙන ඉන්න.
දයාසිරි ජයසේකර, ඔබේ අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැතිවරයා. ඔහු වෙනත් පක්ෂයකින් පැමිණි කෙනෙක්. දෘෂ්ටීන් දෙකක් තුළ සහයෝගයෙන් කටයුතු කරන්නේ කොහොමද?
රාජ්‍ය ඇමැති ලෙස එතුමා එතුමාගේ භූමිකාව තේරුම් ගෙන ඉන්නවා. මම මගේ භූමිකාව තේරුම්ගෙන ඉන්නවා. ඒ තුළ අපි සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරගෙන තියෙනවා.
ඉදිරි මහමැතිවරණයට මුහුණ දීමට ඔබේ මොනවගේ සූදානමක්ද තියෙන්නේ?
මහමැතිවරණය අනිවාර්යයෙන්ම අලුත් සන්ධානයකින් තරග වැදිය යුතුයි. ඒ සන්ධානයේ ලකුණ පොහොට්ටුව වුණාට ප්‍රශ්නයක් නෑ. නමුත් මේ සටනෙ මුල සිටම සිටි සියලු පක්ෂවල අනන්‍යතාව හා ගෞරවය රැකෙන පරිදි ඒ සන්ධානය ගොඩනැගීම අත්‍යවශ්‍යයි. පසුගිය ජනාධිපතිවරණ සමයේ එහි මුල් පියවර තබනු ලැබුවා. ඊළඟ පියවර කරා අපි ගමන් කළ යුතුයි. ඒ සන්ධානය නීත්‍යානුකූලව පිහිටුවන්නේ නැතුව මහමැතිවරණයට තරග වැදීම සුදුසු නැති බවයි අපේ මතය.
ඉදිරි මහමැතිවරණයට වියත්මගේ 40ක් ඊට යොදවනවා කියනවා. අපේක්ෂකයන් නම් කිරීමේදී මේක ප්‍රශ්නයක් නෙවෙයිද?
වියත් මග කියන නමින් ආවත් නාවත් යම් වෘත්තිමය පසුබිමක් තිබෙන පුද්ගලයන් තුළ උනන්දුවක් ඇතිවී තිබෙනවා මේ මැතිවරණයට තරග වැදීමට. සැමදෙනාටම අවස්ථාව නැති වුණත් සැලකිය යුතු පිරිසකට අවස්ථාව ලැබෙයි. ඒ අතර වියත් මගේ හිටපු අය ඉන්නත් පුළුවන්. නොහිටපු අය ඉන්නත් පුළුවන්. රටේ මහජන නියෝජිතයො ප්‍රමිතිය බිඳලා තියෙනවා නම් එය වෙනස් කරන්න මහජනතාවගේ සිතුම් පැතුම්වලට අනුව පාර්ලිමේන්තුවක් නිර්මාණය වීම වැදගත්.
එම්.සී.සී. ගිවිසුම අත්සන් කළොත් ඔබ ඊට විරුද්ධ වෙනවාද?
ඔව්. එය අත්සන් කිරීමට ආණ්ඩුවේ කිසිම සූදානමක් නෑ. නමුත් පසුගිය ආණ්ඩුව එහි මූලික ගිවිසුමකට බැඳිලා තියෙනවා. ඒ අනුව මෙයට ගිවිසුමකට බැඳිලා නැති තත්ත්වයේ තිබිය යුතු සෘජු ප්‍රතිචාරයක් දැක්වීමට හැකියාවක් නෑ. ඒ නිසා ආණ්ඩුව විද්වතුන් සතර දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ සඳහා ඔවුන්ට මාස 4ක කාලයකුත් ලබාදීලා තියෙනවා. එහි නිගමනය මත තමයි එම ගිවිසුම සමග ඉදිරියට යනවද ඉවත් වෙනවද කියන තීරණය කරන්නේ. පසුගිය ආණ්ඩුව හොර රහසේ මෙහි මුල් ගිවිසුමට ගියේ. අපි රටට අනාවරණය කළ ගිවිසුමට කලින් අප්‍රකාශිතව කලින් ආණ්ඩුව ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඒකෙන් එළියට පැමිණිය යුතුයි. ඒ වගේම ආන්දෝලනයට තුඩු දුන් ගිවිසුම අත්සන් තැබීමට ජනාධිපතිවරණ සමයේ කැබිනට් අනුමැතිය ගත්තා. ඒ කැබිනට් තීන්දුව බල රහිත කරලා තමයි මේ කමිටුව පත් කළේ.
මේ වන විට පසුගිය ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක්ව සිටි චම්පික රණවක අත්අඩංගුවට පත් වෙලා. එය දේශපාලන පලිගැනීමක් කියලා ලොකු චෝදනාවක් තියෙනවා. ?
මගේ බිරිඳව අත්අඩංගුවට ගත්තේ රෝහලට ඇවිත්. මාව මාස තුනක් බී වාර්තාවක් නිසා රිමාන්ඩ් බන්ධනාගාරයේ තියාගත්තා. මේ වනතුරු නඩු පවරලා නෑ. දැන් අවුරුදු 4කට වැඩියි. එය දේශපාලන පලිගැනීම් කියලා නොපෙනෙන 3% ලාල් කාන්තලාට, පාඨලී චම්පිකගේ සිද්ධිය දේශපාලන පලිගැනීමක් ලෙස පේන්න පටන්ගෙන. එයාලා 3% වැටීමට හේතුවවත් තේරුම් ගෙන නැති බව තමයි දැන් පේන්නේ. ඕනම කෙනෙක් අතින් හදිසි අනතුරක් වෙන්න පුළුවන්. පාඨලීට තිබුණේ ඒ ළමයව රෝහලට ගෙනියලා සාමාන්‍ය මිනිසෙක් හැසිරෙන ආකාරයට වැඩ කරන්න. එහෙමනම් මේක මේ තරම් බරපතළ වෙන්නේ නෑ. ඒ වෙනුවට ඔහු කුමන්ත්‍රණකාරී කතාවක් නිර්මාණය කරලා එයින් ගැලවුණා. මේ ආණ්ඩුව ඒ දෙමාපියන්ට හා දරුවන්ට යුක්තිය පසිඳලීම සඳහා කටයුතු කරනවා. ඒ ඔවුන්ගේ ඉල්ලීම අනුව. එතැන වරදක් නෑ. අපි පොලිස්පති, නීතිපති වෙනස් කළේ නෑ. හිටපු විනිශ්චයකාරවරුමයි ඉන්නේ. ඒ දෙමව්පියන්ට අයිතියක් තියෙනවා මේ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න. ඊට වගකිව යුත්තා ඇමැතිවරයෙක් වූ පමණින් එයින් නිදහස් වෙන්න බෑ.
නමුත් අනෙක් පාර්ශ්වය කියන්නේ වරදකරුවන් පිළිඳව නීතිය ක්‍රියාත්මක වීම තාජුඩීන් ඝාතනය දක්වාම මේ ගැම්මෙන්ම යා යුතු බව?
මම නම් කියන්නේ තාජුඩීන් විතරක් නෙවෙයි ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැළිගොඩ මේ හැමදෙනා ගැනම තිබුණ පරීක්ෂණ ක්‍රියාත්මක විය යුතුයි කියලා. ප්‍රදීප් එක්නැළිගොඩ මරපු කෙනා හොයාගෙන යද්දි යන්න වෙන්නෙත් කොළඹ මැගසින් බන්ධනාගාරයට. ලසන්ත වික්‍රමතුංග මරපු කෙනා හොයාගෙන යන්න වෙන්නේ කැලණිය අසානය පැත්තට. නමුත් අපේ ආණ්ඩුව ආවේ ප්‍රවෘත්තිවලට බන්ධනාගාර බස් එකයි. අධිකරණයයි පෙන්වන්න විතරක් නෙවෙයි.
ඔබේ අමාත්‍යාංශ කලින් භාරව හිටියේ දූෂණ චෝදනා රැසක් තිබුණු රිෂාඩ් බදියුදීන්ට. ඒ සිද්ධි සම්බන්ධ දූෂණ මේ වන විට අනාවරණය වෙලා තියෙනවාද?
මේ අමාත්‍ය තනතුර අරගෙන මාසයක් ගෙවුණේ. රිෂාඩ්ට නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයත් භාරව තිබුණ. ඒ අමාත්‍යාංශය සම්බන්ධ දූෂණ අපට වාර්තා වෙලා තියෙනවා. පුල්මුඩේ ඛණිජ වැලි නිධිය අමු අමුවේ කොල්ල කන්න දීලා ඒවගෙන් හම්බ කරපු ආකාරය හෙළිවෙලා තියෙනවා. අපි අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දීලා තියෙනවා පසුගිය කාලෙ සිදුවූ සෑම ගනුදෙනුවක් සම්බන්ධවම වාර්තාවක් ලබාදෙන්න කියලා. රිෂාඩ්ගේ දූෂණ ගොඩක් වෙලා තියෙන්නේ කර්මාන්ත අමාත්‍යාංශයටත් වඩා වාණිජ කටයුතු අමාත්‍යාංශය හරහා. ඔහුට අමාත්‍යාංශ තුනක් තිබුණා. එයින් කර්මාන්ත කියන කොටසේ විතරයි සොයන්න පුළුවන්කම තියෙන්නේ.
කර්මාන්ත කටයුතු අමාත්‍යාංශය හරහා තඹ කර්මාන්ත ශාලාවට තඹ ලබාදීම පිළිබඳව අනාවරණය වෙනවද?
කාර්මික සංවර්ධණ මණ්ඩලය ඊබ්‍රාහිම්ගේ තඹ කර්මාන්ත ශාලාවට ක්ෂේත්‍ර පරීක්ෂණයක් කරලා තඹ ප්‍රමාණයක් දෙන්න තීරණය කරනවා නීත්‍යානුකූලව. ඒ ප්‍රමාණයට වඩා සභාපතිවරයා අත්තනෝමතිකව ඊබ්‍රහිම්ට දීලා තියෙනවා. අපි ඒ ගැන පරීක්ෂණයක් පවත්වනවා. රිෂාඩ් ඔහුට හිමිව තිබූ අමාත්‍යාංශ තුනම ඔවුන්ගේ අන්තවාදී දේශපාලන න්‍යාය පත්‍රයට අවශ්‍ය ලෙස තමයි යොදාගෙන තියෙන්නේ. පත් කරලා තිබුණු සභාපතිවරුත් අතිශය අන්තවාදීව කටයුතු කරන අය. පාස්කු ප්‍රහාරයට තෝතැන්නක් වෙලා තියෙනවා මේ අමාත්‍යාංශ තුනම.
කර්මාන්ත ක්ෂේත්‍රයේ උනන්තිය සඳහා ඉදිරි වැඩපිළිවෙළ මොකක්ද?
මේ ක්ෂේත්‍රයේ තිබෙන ගැටලු කඩිනමින් විසඳුවොත් කර්මාන්තකරුවට පහසු වෙනවා. ඒක තනියම කර්මාන්ත අමාත්‍යාංශයට කරන්න බෑ. මේනිසා අපි ජනාධිපතිතුමාගේ අනුමැතිය මත කර්මාන්ත හා ව්‍යවසාය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධන බලකායක් පිහිටුවූවා. එමගින් අපි කර්මාන්තකරුවට බලපාන ගැටලු එක මේසෙක කතා කරලා ඒ අවස්ථාවෙම තීරණ ගන්නවා. සිමෙන්ති, පිඟන් කර්මාන්තය මිනිරන් වගේ කර්මාන්ත කඩා වැටිලා තියෙනවා. ඒව පණ ගැන්වීමටත් කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි ආනයනය කරන දේවල් අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. බස්නාහිර පළාතෙන් කර්මාන්ත පුරයක් ආරම්භ කිරීටමත් සැලසුම් කරලා තියෙනවා. ඒ සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා. මොකද ජනාවාස තුළම කර්මාන්ත පවත්වාගෙන යාම අසීරුයි.
දේශීය කර්මාන්තකරුවන් අප රට තුළ කිසිදු නියාමනයකින් තොරව පරිසර හානි ඇති කරමින් කර්මාන්ත ඉදිකිරීම පිළිබඳව ඔබ ඉදිරියේදි ක්‍රියාමාර්ග ගන්නවද?
මෙය ආයෝජන මණ්ඩලයෙන් අධීක්ෂණය විය යුතුයි. පරිසර අමාත්‍යාංශයට සහ අධිකාරියටත් වගකීමක් තියෙනවා. පසුගිය අවුරුදු හතර හමාර තුළ ආයෝජන මණ්ඩලය එවැනි කර්මාන්තවලට ඉඩ දීලා තියෙනවා. ඊට පෙර නොදුන් ආකාරයට. අපි අධ්‍යයනය කරගෙන යනවා මේ කර්මාන්ත පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව.
••ශිරන්තනි මානවඩු
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
Previous Story
හෝමාගම, සිද්ධමුල්ල උතුර සහ සිද්ධමුල්ල දකුණ සංඝාරාම කොට්ඨාශයන්හි දුවා දරුවන් සදහා පාසැල් පොත් බෙදාදීම
Next Story
කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යංශයේ නව වසර සදහා රාජකාරි කටයුතු ඇරඹීම
Leave a Reply
Cancel reply
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.