BREAKING NEWS

උසස් පෙළ සමත් දරුවන්ගේ ණය පහසුකම් ලැබෙන්නේ කවදාද? විමල් අධ්‍යාපන ඇමැතිගෙන් අසයිවීඩියෝ 

අ.පො.ස. (උ.පෙ.) සමත් දරුවන් හට තම උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ණය පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසන ගැසට් පත්‍රය තවමත් නිකුත් කර නැති බවත්, එය කෙදිනක නිකුත් කිරීමට බලාපොරොතු වන්නේදැයි දැනුම්වත් කරන ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියේය.

ඒ අද (23) දින, පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*