Previous Story
“දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් උපදේශක සභා 20ක් පිහිටුවීමට සියලු පියවර ගෙන අවසන්” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
Posted On 27 Jun 2021
දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙරට සියලු ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර ආවරණය වන පරිදි උපදේශක සභා 20ක් පිහිටුවීමට මේ වනවිට සියලු පියවර ගෙන අවසන් බවත් ඒ සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට පසුගිය සතියේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
දිගු කලක් තිස්සේ කර්මාන්ත අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඇතුළු අනිකුත් අදාළ රාජ්‍ය ආයතන සහ කර්මාන්ත ක්ෂේත්රයේ නියෝජිතයන් අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම, කර්මාන්ත ක්ෂේත්රයට අදාළ ප්‍රතිපත්ති සම්පාදන සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ දී ගැටලු සහ අනවශ්‍ය ප්‍රමාදයන් ඇතිවීමට හේතු වී ඇති බව පෙනී ගිය නිසා අදාළ පාර්ශ්වයන් අතර මනා සම්බන්ධීකරණයක් ඇති කිරීමට මෙම පියවර ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙසේ ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්රයන් 20ක් සඳහා එම ක්ෂේත්රයන්හි වාණිජ මණ්ඩල / සම්මේලන, විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන සහ අදාළ කර්මාන්ත ක්ෂේත්රයන්හි විශේෂඥයන්ගෙන් සමන්විත උපදේශක සභා පිහිටුවීමට සියලු පියවර ගෙන අවසන් බවත් කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව ඇසුරුම් හා ආශ්රිත කර්මාන්ත, සැකසුම් ආහාර, සහල් හා ආශ්රිත කර්මාන්ත, කුළුබඩු හා ආශ්රිත කර්මාන්ත, කොහු හා කෙඳි ආශ්රිත කර්මාන්ත, තේ, අගය එකතු කළ තේ, පාන වර්ග ආශ්රිත කර්මාන්ත, පාවහන්, සම්, සම් නිෂ්පාදන හා ආශ්රිත කර්මාන්ත, රබර්, ප්ලාස්ටික් හා ආශ්රිත කර්මාන්ත, ලෝහ, ඩයි හා අච්චු, යන්ත්‍රෝපකරණ උපාංග හා ආශ්රිත කර්මාන්ත, දැව, දැව ආශ්රිත කර්මාන්ත හා ගෘහ භාණ්ඩ කර්මාන්ත, මෝටර් රථ එකලස් කිරීම, මෝටර් රථ උපාංග හා ආශ්රිත කර්මාන්ත, විදුලි, ඉලෙක්ට්‍රොනික් උපාංග ආශ්රිත කර්මාන්ත, බටහිර සහ දේශීය ඖෂධ හා ආශ්රිත කර්මාන්ත, ග්‍රැනයිට්, ටයිල්, මැටි, පිඟන් මැටි හා ගොඩනැගිලි ද්‍රව්‍ය ආශ්රිත කර්මාන්ත, බෝට්ටු සහ උපාංග හා ධීවර ආම්පන්න ආශ්රිත කර්මාන්ත, තීන්ත, රසායනික ද්‍රව්‍ය, මුද්‍රණ ද්‍රව්‍ය හා ආශ්රිත කර්මාන්ත, රූපලාවණ්‍ය ආලේපන හා ආශ්රිත කර්මාන්ත, ස්වර්ණාභරණ, මැණික් හා ආශ්රිත කර්මාන්ත, කිරි හා ආශ්රිත කර්මාන්ත, ඛනිජ ද්‍රව්‍ය හා ආශ්රිත කර්මාන්ත, ඇඟලුම්, රෙදිපිළි හා ආශ්රිත කර්මාන්ත යන ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර 20ට අදාළව මෙසේ උපදේශක සභා පිහිටුවා දේශීය කර්මාන්ත සවිබල ගැන්වීමට නියමිතය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,මාධ්‍ය ලේකම්,කර්මාන්ත අමාත්‍යාංශය,2021.06.27

Good job sir i am waiting long time to get a loan for my small garment i have already 8 mmechins