­

රට විකුණන පරගැති පාලනයට එරෙහිව හයිඩ් පිටියේ පැවැති උත්තර ලංකා මංගල මැයි රැලියෙන්…

‘රට විකුණන පරගැති පාලනයට එරෙහි වෙමු!’ යන තේමාව යටතේ කැඳවා තිබූ උත්තර ලංකා සභාගයේ මංගල මැයි රැලිය අද(01) සවස කොළඹ හයිඩ් පිටියේදී පැවැත්විණි.

විජාතික මැදිහත්වීම්වලට, රාජ්‍ය දේපළ විකිණීමට, ඡන්ද කල්දැමීමට, ජනතා මර්දනයට හා සුබසාධන කප්පාදුවට එරෙහිව වැඩ කරන ජනතාව පෙළගැස්වීම අරමුණු කරගත් උත්තර ලංකා මැයි රැලිය අමතා උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, ජාතික සංවිධායක, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපති පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යන මහත්වරු ද අනුශාසක, විජය ධරණී ජාතික සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි යන පක්ෂ නායකයෝ අදහස් දැක්වූහ.
උත්තර ලංකා මැයි රැලියට මැයි දින යෝජනා ඉදිරිපත් කරනු ලැබුවේ එහි විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා විසිනි. මෙහිදී ලක්මව දියණියෝ ජාතික සංවිධානයේ ජාතික සංවිධායිකා, හිටපු පළාත් සභා මන්ත්‍රිනී ප්‍රියංගා කොතලවල මහත්මිය උත්තර ලංකා මැයි රැලියට සුබ පැතුම් එක් කරනු ලැබුවාය.

උත්තර ලංකා සභාගයේ නායක මණ්ඩලය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර, එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස, දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ යන මහත්වරු වේදිකාවේ අසුන්ගෙන සිටියහ.

මාධ්‍ය අංශය,
උත්තර ලංකා සභාගය
2023.05.01

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*