BREAKING NEWS

අඩු ආදායම්ලාභී පවුල් 05කට නව නිවාස…

ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්ය විමල් වීරවංශ මහතාගේ ජන්ම දින පින්කම් මාලාවට සමගාමීව කඩුවෙල ආසනයේ අඩු ආදායම්ලාභී පවුල් 05ක් වෙත නව නිවාස ලබා දීමේ අවස්ථාවක් ද සංවිධානය කොට තිබිණි. ඒ අනුව අරුප්පිටිය, නැගෙනහිර මාලඹේ, බටහිර මාලඹේ, මාලඹේ උතුර, රග්ගහවත්ත යන ග්රාම සේවා වසම් 05හි පවුල් වෙත අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් මෙම නිවාස හිමිකම් පැවරීම සිදු කෙරිණි. මෙම අවස්ථාවට කඩුවෙල පුරපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.

මාධ්ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2021.03.07
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*