BREAKING NEWS

අත්යන්ත්‍ර රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තය නඟාසිටුවීමට ඇමති විමල්ගෙන් පියවර රැසක්!

අත්යන්ත්‍ර රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තයෙහි නිරතවූවන්ට කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පැන නැගී ඇති ගැටලු පමණක් නොව එම ක්ෂේත්‍රයෙහි දීර්ඝකාලීනව පවතින ගැටලු ද විසඳීමට කඩිනම් පියවර රැසක් ගන්නා බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

අද (08) ‘සදුදා කර්මාන්තකරුවන්ගේ දිනයේ දී’ තමන් හමු වූ අත්යන්ත්‍ර රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයෙහි නියැලෙන මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදී ඒ මහතා මෙසේ පැවසීය.

අත්යන්ත්‍ර රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ නියැලි ඉහත ව්‍යවසායකයන් පිරිස ඉදිරිපත් කළ ඉල්ලීම් රැසක් කඩිනමින් ඉටුකර දීමට ද මෙහි දී අමාත්‍යවරයා එකඟ විය. ඒ අනුව අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනයෙහි නියැලෙන සුළු පරිමාණ කර්මාන්තකරුවන්ට රජයේ මැදිහත් වීමෙන් මාසික දීමනාවක් ලබා දීමට සහ මහ පරිමාණයෙන් මෙම කර්මාන්තයෙහි නියැලෙන ව්‍යවසායකයන්ට අමුද්‍රව්‍ය මිලදී ගැනීමට හා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට 4%ට නොවැඩි පොලියකට බැංකු ණය ලබා දීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිතය.

එම කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමට ඉදිරි දිනයක දී පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, පළාත් පේෂකර්ම බලධාරීන්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීන් ද කැඳවා අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා ඇත.

ඉහත සාකච්ඡාවට කැන්ඩිග්ස් හෑන්ඩ්ලූම්ස් ආයතනයෙහි කෞෂල යහම්පත්, බෙයාෆුට් ආයතනයෙහි ඩොමිනික් සන්සෝනි, ලා සළු හෑන්ඩ්ලූම් හි ලලන්ත විජේසිංහ යන මහත්වරු ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තකරුවෝ පිරිසක් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ සහ
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
2020.06.08

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*