BREAKING NEWS

”අපට නිදහස සැමරීමට රටක් අහිමි කරවන වත්මන් පාලනයේ “දුෂ්ට කොන්ත්‍රාත්තු” පිළිබඳව දැනුම්වත් වෙමු!

”අපට නිදහස සැමරීමට රටක් අහිමි කරවන වත්මන් පාලනයේ “දුෂ්ට කොන්ත්රාත්තු” පිළිබඳව දැනුම්වත් වෙමු!
එම නින්දිත උත්සාහයන් පැරදවීමට පෙරට එමු!”
1815දී බ්රිතාන්ය අධිරාජ්යවාදීන්ගේ පූර්ණ ග්රහණයට නතු වූ අපගේ මාතෘභූමියට නාමිකව හෝ නිදහස ලැබුණේ 1948 පෙබරවාරි 04 වැනිදා ය. එතැන් සිට පාලන බලය ස්වදේශික නායකයන්ගේ අතට ලැබුණ ද රට පාලනය කළ යුතු වූයේ බ්රිතාන්ය අධිරාජ්යයේ කිරීටය හිමි රජුගේ හෝ රැජිනගේ හෝ නාමයෙනි. ‘ඩොමීනියන් නිදහස’ ලෙස හැඳින්වූ එම තත්ත්වය වෙනස් වූයේ මෙරට පළමු ජනරජ ව්යවස්ථාව ක්රියාත්මක වීම ඇරැඹි 1972 මැයි 22 වැනිදා සිට ය. ඒ කෙසේ වෙතත් අද වන විට එකී නාමික නිදහස අප වෙත ලැබී වසර 77කි.
1948දී අප ලේ බිඳුවකුදු නොහෙළා නිදහස ලැබූ බව ඇතැමුන් පැවසුව ද සත්ය එය නොවේ. ‘1818 ඌව වෙල්ලස්ස නිදහස් අරගලය’ හෙවත් බ්රිතාන්ය අධිරාජ්යවාදීන්ට එරෙහිව පැන නැගී ප්රථම නිදහස් අරගලයේදී දිවි පිදූ වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන් ඇතුළු අපගේ වීර මුතුන්මිත්තන්ගේ රුධිරය ඒ තුළ ගැබ්ව තිබේ. එසේම 1848 පැනනැගි දෙවැනි නිදහස් අරගලයේදී ද ගොන්ගාලේගොඩ බණ්ඩා, වීර පුරන්අප්පු වැනි වීර මුතුන්මිත්තන් දහස් ගණනින් දිවි පිදූහ. අප රටක්, ජාතියක් ලෙස සමරනු ලබන්නේ එවන් කුරිරුකම්, සැහැසිකම් මැද බ්රිතාන්ය අධිරාජ්යවාදීන් වෙතින් ලද නිදහස බව කිසිසේත්ම අමතක නොකළ යුතුය.
මෙසේ බ්රිතාන්ය අධිරාජ්යවාදීන් වෙතින් නිදහස් කරගත් අපගේ ජාතික රාජ්යය යළි අපගෙන් උදුරා ගැනීමේ දිශාවට රැගෙන යාමේ මෙහෙයුම් ගෙවී ගිය වසර 77 පුරාම ක්රියාත්මක වූ බව දැක ගත හැකිය.
ගෙවීගිය 77 වසර තුළ අප ජාතියක් ලෙස යා යුතුව තිබුණේ ගොවි ජනතාව, වැඩ කරන ජනතාව බලගන්වන, රාජ්ය ආර්ථික සම්පත් බලගන්වන ගමනකි.1956දී ද 1970දී ද ජාතික ආර්ථිකය ශක්තිමත් කරන, දේශීය නිෂ්පාදන පද්ධතිය බලගන්වන, දෑහිතකාමිත්වය මත පදනම් වූ එවන් ගමන් ඇරඹි බවත් එහිදී අප ජාතියක් ලෙස ජයග්රහණ රැසක් ලබා ගත් බවත් ගෙවී ගිය වසර 77 දෙස විමසිලිමත්ව බැලීමේදී දැකගත හැක.
අද අප සිටින්නේ ඉහත කී 1970 ඇරඹි දෑහිතකාමී ගමනට රැහැනිව 1977දී හඳුන්වා දුන් නව ලිබරල්වාදී විවෘත ආර්ථික ගමනෙහි කෙළවර ය. ඒ පරාධීන ආර්ථික මොඩලය මේ වනවිට මෑත ඉතිහාසයේ බරපතලම ආර්ථික අර්බුදයට රට ඇද දමා තිබේ. එම වැරදි ගමනින් ආර්ථික නිදහස හිමිකර දීම කෙසේ වෙතත් දිනාගත් දේශපාලන නිදහස ද අහිමි වන තත්ත්වයකට රට රැගෙන ගොස් තිබේ.
77 වැනි නිදහස් සැමරුම උදාවන විට පැරණි පාලනයන් පෙරළා දමා බලයට පැමිණි නව පාලනය සිදුකරමින් සිටින්නේද, ආර්ථික අර්බුදය හේතුවෙන් නිර්වින්දනයට පත්ව ඇති අප සමාජය තුළ, සාමාන්ය තත්වයක් යටතේ කිසිදු ලෙසකින් සිදුකළ නොහැකි, ආපසු හැරවිය නොහැකි, අපට රටත් ජාතියත් අහිමි කරවන, දුෂ්ට කොන්ත්රාත්තු රැසක් ඉටු කිරීමය. ලාබ ලබන රාජ්ය ව්යවසායන් සහ ජාතික සම්පත් විකුණා දැමීම එක් කොන්ත්රාත්තුවකි. ඉන්දියාව සමඟ බලශක්ති ඒකාබද්ධකරණයකට පාර කපමින්, එට්කා ගිවිසුම හරහා ඉන්දියානුවන්ට මේ රටේ සේවා ආර්ථිකයට හා වෙළඳාමට සම ඉඩක් සැපයීමෙන් අවසානයේ ශ්රී ලංකාව, ඉන්දියාවේ නොනිල 29 වැනි ප්රාන්තය බවට පත් කරදීම තවත් කොන්ත්රාත්තුවකි. 13 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමෙන් යළි දෙමළ බෙදුම්වාදය ශක්තිමත් කර ඊළමකට පාර කපා දීම තවත් එකකි.
එහෙයින් අප මේ රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අපට නිදහස සැමරීමට රටක් අහිමි කරවන ඉහත දුෂ්ට කොන්ත්රාත්තු පිළිබඳව දැනුම්වත් වී ඒ නින්දිත උත්සාහයන් පැරදවීමට පෙරට එන ලෙසය.
විමල් වීරවංශ
නායක,
ජාතික නිදහස් පෙරමුණ.
2025.02.04
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*