BREAKING NEWS

ආනයනික සීමා පැනවීමත් සමගම දේශීය කර්මාන්තකරුවන්ට මෙරට වෙළෙඳපොළ තුළ සුවිශාල ඉඩක් නිර්මාණය වී තිබෙනවා – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතැම් භාණ්ඩ ආනයනය තාවකාලිකව තහනම් කිරීමත් සමගම ඊට සමගාමීව එම භාණ්ඩ දේශීය වශයෙන් නිපදවීමේ සුබදායී ප්රවණතාව වැඩි වී ඇති බවත් දේශීය කර්මාන්තකරුවන්ට වෙනදාට වඩා වැඩි ඉඩක් දේශීය වෙළඳපොළ තුළ නිර්මාණය වී ඇති බවත් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ අද (09) කර්මාන්ත අමාත්යාංශයට අයත් පනාගොඩ ටෙම්පල්බර්ග් කර්මාන්තපුරයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසු මාධ්ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්යවරයා මෙසේද සඳහන් කළේය.
“රටේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන කර්මාන්තකරුවන් පිරිසක් මෙම කර්මාන්තපුරයෙහි තම කර්මාන්ත පවත්වාගෙන යනවා. ඔවුන් මුහුණපා ඇති ගැටලු සමීපව හඳුනා ගෙන ඒවාට කඩිනම් විසදුම් ලබාදීමට තමයි මෙම නිරීක්ෂණ චාරිකාවෙහි යෙදුණේ.
බොහෝ කර්මාන්ත, කලින් පැවති තත්වය හා සැසඳූ විට ප්රබෝධයකින් ඉදිරියට යමින් තිබෙනවා. ඇතැම් කර්මාන්ත කෝවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් යම් පසුබෑමකට ලක්ව ඇති බව අප හඳුනාගෙන තිබෙනවා. ඒ අහිතකර තත්වයන් මගහරවා ගැනීමට ඔවුනට දියහැකි සහයෝගය රජයක් ලෙස ලබාදීමට අප පියවර ගනිමින් සිටිනවා. මෙරට කර්මාන්තකරුවන්ට බැංකු ණය ගෙවා ගැනීමේ අපහසුතා ඇතුළු කොවිඩ් වසංගතය හේතුවෙන් මතුව ඇති ගැටලු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදිය යුතු බවට කැබිනට් මණ්ඩලය මේ වන විට තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ අපහසුතාවට පත් වූ කර්මාන්තකරුවන්ගේ තොරතුරු ඒකරාශි කිරීමේ කටයුතු දැනටමත් සිදු කෙරෙනවා. එම තොරතුරු කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඒ අයගේ කර්මාන්ත හා ව්යවසායන් නැවත බලගැන්වීම සඳහා අවශ්ය වන මූල්යමය සහයෝගය ලබා දීමට අපි ක්රියා කරමින් සිටිනවා.
කෝවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව ආනයනය තහනම් කළ භාණ්ඩ විශාල ප්රමාණයක් තිබෙනවා. ඊට සමගාමීව එම භාණ්ඩ දේශීය වශයෙන් නිපදවීමේ ප්රවණතාව වැඩි වුණා. දේශීය කර්මාන්තකරුවන්ට වෙනදාට වඩා වැඩි ඉඩක් අපේ රටේ වෙළඳපොළ තුළ නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා ඔවුන් වෙනදාට වඩා උද්යෝගයකින් ලැබී තිබෙන නව අවකාශය සම්පූර්ණ කිරීමට කටයුතු කරමින් සිටිනවා”

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, කර්මාන්ත අධ්යක්ෂ වින්දික පියරත්න යන මහත්වරු ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*