BREAKING NEWS

ඇමති විමල්ගේ ජනතා සහන මධ්‍යස්ථානයට අදට මාසයයි අදත් දහස් ගණනකට සහන සලසයි

ඇමති විමල්ගේ ජනතා සහන මධ්‍යස්ථානයට අදට මාසයයි
අදත් දහස් ගණනකට සහන සලසයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත පසුගිය මාර්තු 21 වැනිදා නුගේගොඩ ස්ථාපිත කළ කොවිඞ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට ද්‍රව්‍යමය සහන සැලසීමේ මධ්‍යස්ථානය (2020.04.21) දිනයේ තම සේවාව තවත් පුළුල් කරමින් කොළඹ දිස්ත්‍රික් ආසන සම්බන්ධිකාරකවරුන්ට වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් දහස් ගණනක් ජනතාව වෙත බෙදා හැරීම පිණිස භාර දෙනු ලැබීය.
විමල් වීරවංශ අමාත්‍යවරයා වෙනුවෙන් මෙම අවස්ථාවට ජානිපෙ ප්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේය. එසේම මෙම වියළි ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා දායකත්වය ලබා දුන් පරිත්‍යාගශීලීහු කිහිප දෙනෙක් ද මෙම අවස්ථාව නියෝජනය කළහ.
පක්ෂ – පාට භේදයෙන් තොරව කොළඹ දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ඕනෑම පවුලක සාමාජිකයකු සෘජු දුරකථන ඔස්සේ හෝ අන්තර්ජාලය මගින් කළ ඉල්ලීම් අනුව පසුගිය මාසය පුරා වියළි ආහාර ද්‍රව්‍ය, එළවළු ආදිය පවුල් දහස් ගණනකට සැපයීමට මෙම ජනතා සහන මධ්‍යස්ථානය සමත්ව තිබේ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2020-04-21

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*