BREAKING NEWS

ඇමති විමල්ගේ ජන්ම දිනය වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක් !

අදට (07) යෙදී ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් කඩුවෙල, කොරතොට යකාල අභිවර්ධනාරාමයේදී දහවල් දානමය පිංකමක් සංවිධානය කොට තිබිණි. මෙම දානමය පිංකමට ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ මහාචාර්ය පූජ්ය මැදගොඩ අභයතිස්ස නාහිමි, ශ්රී රෝහණ මහා සංඝ සභාවේ ප්රධාන සංවිධායක දොඩම්පහළ රාහුල නාහිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කොට සිටියහ.

දානමය පිංකමෙන් අනතුරුව මහා සංඝරත්නය අමාත්යවරයාට සෙත්පතා ආශිර්වාද කළහ. මෙම අවස්ථාවට කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.

මාධ්ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2021.03.07
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*